Hindi Wadan Miyuru Handin Song Lyrics - හිංදි වදන් මියුරු හඬින් ගීතයේ පද පෙළ

Hindi Wadan Miyuru Handin Song Lyrics - හිංදි වදන් මියුරු හඬින් ගීතයේ පද පෙළ
Song Title : Hindi Wadan Miyuru Handin (හිංදි වදන් මියුරු හඬින්)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : අජන්තා රණසිංහ


හිංදි වදන් මියුරු හඬින් කියන සිතාරා
සිංදු නදී ඉවුර දිගේ එන්න සිතාරා
හිංදි වදන් මියුරු හඬින් කියන සිතාරා
සිංදු නදී ඉවුර දිගේ එන්න සිතාරා
බ්‍රින්දා උයන දිහා චන්දන සිහිල රැඳී
භාරත කුසුම මගේ උන්නා සුවඳ දිදී
හිංදි වදන් මියුරු හඬින් කියන සිතාරා

වරළ පුරා මල් පැළදි ලියේ
දිගටි නෙතේ පෙම් කැළුම ප්‍රියේ
මතක සිතේ දැන් මතක තියේ
පූර්ණිමා...
හිනා වෙන්න ළඟින් ඉන්න

හිංදි වදන් මියුරු හඬින් කියන සිතාරා
සිංදු නදී ඉවුර දිගේ එන්න සිතාරා

සකල කළා මල් පිපෙන රටේ
ලලිත කළා මල් පොකුර මගේ
නුඹට ළඳේ මං බැඳුණු හදේ
සුරංගනා...
සුරල් නාද ඇසෙයි තාම

හිංදි වදන් මියුරු හඬින් කියන සිතාරා
සිංදු නදී ඉවුර දිගේ එන්න සිතාරා
බ්‍රින්දා උයන දිහා චන්දන සිහිල රැඳී
භාරත කුසුම මගේ උන්නා සුවඳ දිදී

හිංදි වදන් මියුරු හඬින් කියන සිතාරා
සිංදු නදී ඉවුර දිගේ එන්න සිතාරා /////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hindi Wadan Miyuru Handin Song Lyrics - හිංදි වදන් මියුරු හඬින් ගීතයේ පද පෙළ Hindi Wadan Miyuru Handin Song Lyrics - හිංදි වදන් මියුරු හඬින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 30, 2021 Rating: 5

0 comments:

Post a Comment