Hade Shoka Gangawe Song Lyrics - හදේ ශෝක ගංගාවේ ගීතයේ පද පෙළ

Hade Shoka Gangawe Song Lyrics - හදේ ශෝක ගංගාවේ ගීතයේ පද පෙළ
Song Title : Hade Shoka Gangawe (හදේ ශෝක ගංගාවේ)
Vocals : Tharindya Bopegedara & Isuranga Iniyage
Lyrics : Buddhi Sandeepa
Melody, Music, Mixing & Mastering : Stereomiinds
Illustrations : Saliya Wickramasighe (Sandy Vobet)


හදේ ශෝක ගංගාවේ ගිලී හඬා වැලපුනා
නෙතින් ගලා ආ කඳුලේ නිමක් නැතේ රෑ දිවා
ගෙලේ බැන්ද රන් තැල්ලේ ඒ දිස්නේ නොපෙනෙනා
මා යමුනා ගං දෑලේ හදේ පැතුම් පා කලා

හඳේ මැවූ ආලින්දේ රසේ ගියේ  මියැදිලා
එදා වින්ද ආනන්දේ සැනින් මැකී ගිලිහිලා
යදම් නොමැති පෙම් සිහිනේ හිමේ ගිලී සැඟවිලා
අනන්තයෙන් ආදරයේ සුරම්‍ය රස වියැකිලා

ඈ චංචලයි දෝ බඹරුන් රවයිදෝ 
ඒ බිඟු තුරුල්ලේ - ඈ සෙල්ලම් කරයිදෝ
හිත් ගත් කිරිල්ලී යාවිද ඉගිල්ලී 
මා හද දවාලා - ඈ සැනෙකින් හමයි දෝ

නෑ ආදර මනාලී   මායාවකි මුලාවී 
රහසින් මට දැනේවී ඈ පහසට ගලාවී
ඈ ඉගිබිගි කරාවී මා සිත ඈ පෙළාවී 
ඈතට හිත හමාවී මා සැකයක තැවේවී

හඳේ මැවූ ආලින්දේ රසේ ගියේ  මියැදිලා
එදා වින්ද ආනන්දේ සැනින් මැකී ගිලිහිලා
යදම් නොමැති පෙම් සිහිනේ හිමේ ගිලී සැඟවිලා
අනන්තයෙන් ආදරයේ සුරම්‍ය රස වියැකිලා

තේරුම් හොයන්නේ - උනුහුම මැකෙන්නේ 
හේමන්තයේ මේ - හද පාරා
මාවත බෙදෙන්නේ - ප්‍රේමය නිවෙන්නේ
අවසන දැනෙන්නේ - සිත හඬනා

මංදාරම් සදැල්ලේ නෑ සැනසුම ගෙනාවේ 
හැමදා අපි නුරාවේ පැටලී මං මුලාවේ
ආඩම්බර සිනාවේ මායම් කවි කියූවේ
ඒ පද නෙත් තෙමූ වේ ආලෙන් මා පෙලූවේ

හඳේ මැවූ ආලින්දේ රසේ ගියේ  මියැදිලා
එදා වින්ද ආනන්දේ සැනින් මැකී ගිලිහිලා
යදම් නොමැති පෙම් සිහිනේ හිමේ ගිලී සැඟවිලා
අනන්තයෙන් ආදරයේ සුරම්‍ය රස වියැකිලා

හදේ ශෝක ගංගාවේ...
ගෙලේ බැන්ද රන් තැල්ලේ...
මා යමුනා ගං දෑලේ හදේ පැතුම් පා කලා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hade Shoka Gangawe Song Lyrics - හදේ ශෝක ගංගාවේ ගීතයේ පද පෙළ Hade Shoka Gangawe Song Lyrics - හදේ ශෝක ගංගාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 17, 2021 Rating: 5

0 comments:

Post a Comment