මම අද දවල්ට බත් කාලා කන්න හැදුවා රසවත් පුඩිම් එකක් . චොක්ලට් පාන් පුඩිම්. හරිම රසයි වගේම ලෙහෙසියි හදන්න . මෙහෙමයි මම හැදුවේ .
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- පාන් පෙති 6 (ලොකු පාන් පෙති නම් 4)
- ෆ්‍රෙශ් මිල්ක් 300ml
- බිත්තර 2
- සීනි 100g (කප් 1/2)
- වැනිලා තේ හැදි 1
- කොකෝ පවුඩර් මේස හැදි 2
- මාජරින් 25g (දිය කර ගත් )
- කජු ස්වල්පයක්
✅ සාදා ගන්නා ආකාරය :
- පලමුව පාන් පෙති 6 කු කුඩා කෑබලි වලට කපා භාජනයකට දමා ඊට කිරි ටිකක් එකතු කර මිශ්‍ර කර පිගානකින් වසා පැත්තකින් තබන්න .
- භාජනයකට බිත්තර 2 දමා ව්සික් එකකින් ව්සික් කරන්න.පසුව එයට සිනි එකතු කර නැවත ව්සික් කරන්න.දැන් දිය කර ගත් මාජරින් එකතු කරන්න. විස්ක් කරන්න. වැනිලා එකතු කර විස්ක් කරන්න .
- පසුව ඉතිරි වු කිරි ටික එකතු කර හොඳින් මිශ්‍ර කරන්න .
- දැන් කොකෝ පවුඩර් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න . කැටි නැති වෙන්න .
- අවසානෙට පාන් මිශ්‍රණය එකතු කර හොඳින් කලවම් කරන්න . හැන්දකින් .
- පුඩිම් එක දාන ට්‍රේ එකට හොඳින් මාජරින් ගාන්න . මම ගත්තේ රවුම් 6" ට්‍රේ එක .
- සාදා ගත් මිශ්‍රණය එම ට්‍රේ එකට දමන්න.
- දැන් ට්‍රේ එක ඊයම් කොලයකින් වසා ස්ටීම් කරන්න.විනාඩි 30ක් 40ක් පමණ ගත වේ.
- පසුව හොඳින් නිවුනු පසු වටේට බුරුල් කර පිගානකට ඉවත් කරන්න.
- මම නම් බේක් කලා අවන් එකේ උශ්නත්වය 170 විනාඩි 10 පෙර රත් (pre heat) කර විනාඩි 50 පමණ බේක් කලා .
- උඩින් කජු දමා සරසා ගන්න .
හරිම රසයි වගේම ලෙහෙසියි හදන්න.හදලා බලන්න කෝ.Dhammika Panangala (ධම්මිකා පනංගල)
0 comments:
Post a Comment