අවර (Awara - Canavalia Gladiata)

අවර (Awara - Canavalia Gladiata) - Your Choice Way
🌿 අවර,වැල් අවර සහ ගස් අවර යනුවෙ න් දෙවර්ග යකි.

🌿 වැල්අවර අඩි 15-20 අතර දිගැති විශාල වැලක් සේ වැවේ. එහි සුදු පාටට පිපෙන මල පසුව රතු පාට වේ. කොළ ත්‍රිපත්‍රිය. කරල අඟල් 10 පමණ දිගය. 

🌿 වැල් අවර දකුණු ඇමරිකාවේ නිවර්තනික ප්‍රදේශ වලට ආවේනික ශාකයක් වුවද වර්ථමානයේ ලංකාව, ඉන්දියාව, පිලිපීනය සහ අග්නිදිග ආසියාතික රටයල් කහිපයක වැවේ.

🌿 වැල් අවර හා මුදු අවර යයි තවත් අවර වර්ග දෙකක් ඇත. මුදු අවර වල කරල් කුඩාය. මේ වර්ග වල අවර කරල් ළපටි කාලයේ ව්‍යාංජනයක් ලෙස ආහාරයට ගනු ලබයි. 

🌿 ඒවායේ ඇටද තම්බා කෑමට යෝග්‍යය. 

🌿 අවර කරල් වල යකඩ හා කැල්සියම් සෑහෙන ප්‍රමාණයක් ඇත. 

🌿 මෙය ලංකාවේ පහතරට වියලි කලාපයේ සුලභ ශාකයකි. 

🌿 අවර Fabaceae කුලයට අයත් ශාක විශේෂයකි.

ඖෂධීය වටිනාකම

🌿 අවර ශීතල ගුණයෙන් යුක්තය. ශක්තිජනකය. කුසගින්න වඩයි. දැවිල්ල නැති කරයි. පිත් රෝග වහා සුව කරයි.

🌿 වණ හා තුවාල සුව වීම ඉක්මන් කරයි. එහි ඛනිජ අඩංගු නිසා ආහාරයක් ලෙස විශේෂ ගුණයක් ඇත.

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි සරත් රණවීර සහ රේඛා රණවීර

අවර (Awara - Canavalia Gladiata) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අවර (Awara - Canavalia Gladiata) අවර (Awara - Canavalia Gladiata) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 19, 2021 Rating: 5

0 comments:

Post a Comment