සියවසේ නඩු විභාගය - ඇමරිකානු ඉතිහාසයේ මහත් ආන්දෝලනයට ලක් වූ නඩු විභාගය - පළමු කොටස (American Crime Story - Part One)

සියවසේ නඩු විභාගය - ඇමරිකානු ඉතිහාසයේ මහත් ආන්දෝලනයට ලක් වූ නඩු විභාගය - පළමු කොටස (American Crime Story - Part One) - Your Choice Way
ඔබ රූපවාහිනි කතා මාලා රසිකයකු නම් 2016 වර්ෂයේදී නිකුත් වූ "American Crime Story" නම් රූපවාහිනී කතා මාලාව අනිවාර්යයෙන්ම නරඹා ඇතුවාට සැකයක් නැත. මෙහි පළමුවන කතා සමයට පාදක වන්නේ ඇමරිකාවේ සිදු වූ සත්‍ය සිදු වීමක් වූ 'ඇමරිකානු මහජනතාවට එරෙහිව O.J.සිම්ප්සන්ගේ' නඩු විභාගයයි. "සියවසේ නඩු විභාගය" ලෙසද හදුන්වනු ලබන මෙම ආන්දෝලනාත්මක නඩු විභාගය පිළිබඳ එකල ඇමරිකාව පුරා විශාල ලෙස කතාබහකට ලක් වන ලදී. අද අප මෙම ලිපිය මගින් එම නඩු විභාගය සහ එයට පාදක වුනු සිදුවීම් මාලාව දෙස අවධානය යොමු කරමු.

1994 ජූනි 12 වෙනිදා නිකොල් බ්‍රවුන් සහ ඇගේ පෙම්වතා යැයි විශ්වාස කළ තරුණයකු වන රිචඩ් ගෝල්ඩ්මන් නිකොල්ගේ  නිවස ඉදිරිපිටදී තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කරන ලදී. මෙම දිවිත්ව ඝාතන වල පළමු සැකකරු බවට පත් වූයේ නිකොල්ගේ හිටපු සැමියා මෙන්ම ජාතික පාපන්දු ලීගයේ (NFL) සුපිරි තරුවක්ද වූ O.J. සිම්ප්සන් ය.

නිකොල්ගේ ඝාතනයට පැය කිහිපයකට පෙර ඇය සිය මිතුරන් සහ පවුලේ අය සමඟ සවස 6.30 ට පමණ මෙසාලූනා නම් අවන්හල වෙත රාත්‍රී ආහාරය ගැනීම සඳහා ගොස් ඇත. රාත්‍රී 9.15 ට පමණ මෙසලුනා අවන්හලට දුරකථනයෙන් කතා කළ නිකොල්ගේ සහෝදරිය තම මවගේ ඇස් කන්නාඩිය  එහි අමතක වී ගොස් ඇති බව දැනුම් දෙන ලදී. පසුව රාත්‍රී 9.50 ට පමණ නිකෝල්ගේ පෙම්වතා ලෙස හැඳින්වූ රොනල්ඩ් ගෝල්ඩ්මන් එම අවන්හලට පැමිණ අමතක වී ගිය ඇස් කණ්නාඩිය රැගෙන පිටව යන ලදී. ඉන්පසු හරියටම රාත්‍රී 10.15ට නිකොල්ගේ සුනඛයා හයියෙන් බිරීමට පටන් ගත් බව අසල්වාසීන් පවසන ලදී.

අනෙක් අතට සිම්ප්සන් මෙම දිනයේදී රාත්‍රී 9.30ට පමණ ඔහුගේ මිතුරෙකු වන බ්‍රයන් කෙට්ලින් (කැටෝ) සමඟ මැක්ඩොනල්ඩ්ස් අවන්හලක් වෙත ගොස් ඇති අතර ඔවුන් රාත්‍රී 9.45ට යළි සිම්ප්සන්ගේ නිවසට පැමිණ තිබේ. සිම්ප්සන් එදින රාත්‍රියේ ලොස් ඇන්ජලීස් සිට චිකාගෝ බලා යාමට නියමිතව සිටින ලදී. එම නිසා ඔහු සමඟ සිටි ඔහුගේ මිතුරා වන කැටෝ සිම්ප්සන්ගේ නිවසේ අමුත්තන්ගේ කාමරයේ නතර වන ලදී.

ඒ අනුව රාත්‍රී 10.25 ට සිම්ප්සන් ගුවන් තොටුපළට රැගෙන යාම සඳහා ලිමෝ රියදුරෙකු පැමිණි අතර ඔහු සිම්ප්සන් නිවසින් එළියට එන තුරු ගේට්ටුව අසලට වී බලා සිටින ලදී. එහෙත් ඔහු එළියට නොපැමිණි නිසා රාත්‍රී 10.55 ට පමණ රියදුරා සිම්ප්සන්ගේ ගේට්ටුවේ සීනුව නාද කරන ලදී. නමුත් ඇතුලින් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

සිම්ප්සන්ගේ නිවසේ නතර වී සිටි ඔහුගේ මිතුරා වන කැටෝ පැවසුවේ ඔහුට රාත්‍රී 10.40ට පමණ එළියෙන් යම් විශාල ශබ්ද තුනක් ඇසුණු බවයි. එමෙන්ම නිවසෙන් එළියේ බලා සිටි ලිමෝ රථ රියදුරා පවසා සිටියේ ඔහු රාත්‍රී 11.00 ලැබීමට ටික වෙලාවකට පෙර අඩි 6 ක් පමණ උස මිනිසෙකුගේ ඡායාවක් මිදුලේ සිට දිව යනු දුටු බවයි. ඒ නිසා ඔහු ගේට්ටුවේ සීනුව යළි නාද කරන ලදී. එවර ඉන්ටර්කොම් හරහා සිම්ප්සන් රියදුරාට කතා කළ අතර ඔහු පවසා සිටියේ තමාට අධික ලෙස නින්ද ගිය බවත් සිනුවේ හඩ ඔහුට නොඇසුනේ ඒ මොහොතේ ස්නානය කළ නිසාත් බවයි. ඉන්පසු මද වේලාවකින් ඔහු නිවසෙන් එළියට පැමිණි අතර රාත්‍රී 11.45 ට ඔහු ඇමරිකානු ගුවන් සමාගමේ ගුවන් යානයකින් චිකාගෝ බලා පිටත් විය.

එදින රාත්‍රියේ නිකොල්ගේ සුනඛයා පාරේ බුරමින් සිටියදී ඇයගේ අසල්වැසියෙකුට දර්ශණය විය. සුනඛයා අසලට ගොස් පරීක්ෂා කිරීමේදී උගේ පාද වල රුධිරය තැවරී ඇති බවට මෙම අසල්වැසියාට පෙනී යන ලදී. මේ පිළිබදව කලබලයට පත් වූ ඇය වහා ඒ පිළිබඳව සොයා බලන ලද අතර ඒ අනුව ඇය විසින් මධ්‍යම රාත්‍රී 12.10ට නිකොල් බ්‍රවුන් සහ රොනල්ඩ් ගෝල්ඩ්මන්ගේ මළ සිරුරු නිවසින් පිටත තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කර තිබියදී සොයා ගන්නා ලදී.

ඒ අනුව ඇය වහාම මේ පිළිබඳ පොලීසියට දැනුම් දුන් අතර පොලීසිය වහාම එම ස්ථානයට පැමිණෙන ලදී. පොලීසිය එම ස්ථානයේ පරීක්ෂණ සිදු කළ අතර තවත් නිලධාරීන් කිහිප දෙනෙක් මෙම මරණය පිළිබඳ දැනුම් දීම සඳහා සිම්ප්සන්ගේ නිවස බලා යන ලදී. එහිදී ඔවුන් ලේ සලකුණු කිහිපයක් තැවරී තිබූ ඔහුගේ සුදු පැහැති බ්‍රොන්කෝ රථය නිවසෙන් එළියේ නවතා තිබියදී සොයා ගන්නා ලදී. එමෙන්ම මෙම ඝාතනය සිදු වූ තැන තිබී ඔවුන් සිම්ප්සන්ගේ යැයි සැක කළ එක් අත්වැසුමක් සොයා ගත් අතර එහි අනෙක් ලේ තැවරුණු අත්වැසුම ඔවුන් සිම්ප්සන්ගේ නිවසේ වත්තේ තිබී සොයා ගන්නා ලදී. පසුව කළ පරීක්ෂණ වලදී එම අත්වැසුමේ තැවරී තිබූ රුධිරය මළ සිරුරු අසල තිබී හමු වූ රුධිරයට සමාන වන බවට සොයා ගන්නා ලදී.

පසුව සිම්ප්සන් චිකාගෝ බලා ගොස් ඇති බව දැනගත් එම නිලධාරීන් ඔහු නතර වී සිටි හෝටලයට දුරකථන ඇමතුමක් ලබා දෙන ලදී. එහිදී රහස් පරීක්ෂක රොන් පිලිප්ස් නිකොල්ගේ මරණය පිළිබඳව සිම්ප්සන්ට දුරකථනයෙන් දැනුම් දුන් අතර එහිදී ඔහුගේ පළමු ප්‍රතිචාරය වූයේ  ‘ඇයව මැරුවේ කවුද?' යන්නයි. ඔහු කිසි විටෙකත් ඇය මිය ගියේ කෙසේදැයි ඇසුවේ නැත.

ඊට පසුදින උදෑසන පොලීසිය සෙවුම් වරෙන්තුවක් අතැතිව සිම්ප්සන්ගේ නිවස පරීක්ෂා කළ අතර එහිදී ඔවුන් එහි තිබී තවත් ලේ සලකුණු කිහිපයක් සොයා ගන්නා ලදී. මේ ආකාරයෙන් සියලුම සාක්ෂි යොමු වූයේ සිම්ප්සන්ට විරුද්ධව ය. නිකෝල්ගේ මරණය ගැන දැනුම් දීමෙන් පසු ලොස් ඇන්ජලීස් වෙත සිම්ප්සන් යළි පැමිණි අතර එහිදී ඔහුව පොලිසිය විසින් මාංචු දමා ප්‍රශ්න කිරීම සදහා පොලීසිය වෙත රැගෙන යන ලදී. පොලීසියට රැගෙන යාමෙන් අනතුරුව ඔහුගෙන් පැය ගණනක් එක දිගට ප්‍රශ්න කරන ලදී.

1994 ජූනි 16 වන දින නිකෝල්ගේ අවමංගල්‍ය උත්සවය පවත්වන ලද අතර සැවොම පුදුමයට පත් කරමින් එයට සිම්ප්සන් සහ ඔහුගේ දරුවන් දෙදෙනා සහභාගී වන ලදී. ඉන්පසු 1917 ජුනි 17 වැනිදා නිකෝල් සහ ගෝල්ඩ්මන්ගේ ඝාතන වලට වැරදිකරු කරමින් සිම්ප්සන්ට චෝදනා එල්ල වන ලදී. ඔහු මුලින් බලධාරීන්ට යටත් වන බවට පොරොන්දු වුවද දිගින් දිගටම පොලිසියෙන් සැඟැවී සිටි බැවින් පොලීසිය ඔහුව පලාගිය අයෙකු ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

එහෙත් පසුව පොලීසියට ඔහු තවත් ඔහුගේ මිතුරෙකු වන කොව්ලිංස් (සිම්ප්සන්ගේ හොඳම මිතුරා සහ NFL ක්‍රීඩකයෙක්) සමඟ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක ගමන් ගන්නා බවට ඔත්තුවක් ලද අතර ඒ අනුව පොලිස් රථ කිහිපයක් ඔහුව අල්ලා ගැනීම සඳහා හඹා යන ලදී. ඒ අනුව මෙම හඹා යෑම කිසිවෙකු නොසිතූ පරිදි ඇමරිකාව පුරා විශාල ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. 

මෙම හඹා යෑම පිළිබඳ පුවත මාධ්‍ය වෙත අනාවරණය වී තිබූ අතර ඒ අනුව ඔවුන් කැමරා රැගත් හෙලිකොප්ටර් යානා සිම්ප්සන්ගේ රථය පසුපස එවන ලදී. ඔවුන් මෙම සිදුවීම සිය නාලිකා තුළ සජීවීව විකාශය කළ අතර මිලියන 95 පමණ ජනතාවක් සජීවීව මෙම සැතපුම් 60ක ලුහුබැඳ යාම නරඹා ඇති බවට ගණන් බලා ඇත. මෙය කෙතරම් ප්‍රසිද්ධියට පත් වූයේද යත් NBA අවසන් මහා තරඟ විකාශය පවා මෙය පෙන්වීම සඳහා නතර කරන ලදී. එමෙන්ම ඔවුන් ගමන් ගනිමින් තිබූ මාර්ගය අසල සිටි දහස් ගණන් ජනතාව ඔහුට සුභ පැතීම සඳහා මාර්ගය දෙපස රැස් වූ අතර බොහෝ දෙනෙක් ඔහුව දිරිගැන්වීම සඳහා බෝඩ් කැබලි වල විවිධ දේ ලියා ප්‍රදර්ශනය කරන ලදී.

සිම්ප්සන් මෙම රථයේ පසුපස අසුනේ සිටි අතර ඔහුගේ මිතුරා වූ කොව්ලිංස් මෙම රථය ධාවනය කරන ලදී. ඔහු පසුව පැහැදිලි කලේ තමා මෙම රථය නතර කරනු ලැබුවහොත් සිම්ප්සන් සියදිවි නසා ගන්නා බවට තර්ජනය කළ නිසා ඔහු මෙම රථය නතර නොකළ බවයි. රථය තුළදී ඔහු තම හිසට තුවක්කුවක් එල්ල කරගෙන රථය ඉදිරියටම ගමන් කරවන ලෙසට කොව්ලිංස්ට බල කර ඇත. 

එමෙන්ම සිම්ප්සන් මෙම රථයට ගොඩ වීමට පෙර සියදිවි නසාගැනීමේ සටහනක් පවා ලියා තිබූ අතර එහි ඔහු නිකොල්ට බොහෝ ආදරය කරන බව ලියා තිබී ඇත. මෙම හඹා යාම අතරතුරදී රහස් පරීක්‍ෂකයෙකු වන ටොම් ලැන්ජ්, සිම්ප්සන් සමඟ දුරකථනයෙන් කතා කළ අතර එහිදී ඔහුද සියදිවි නසා ගැනීමට නොපසුබට උත්සාහයක යෙදී සිටි සිම්ප්සන්ට තුවක්කුව විසි කොට පොලීසියට යටත් වන ලෙස පවසා ඇත. මෙම ඇමතුමේදී ඔහු දිගින් දිගටම පැවසුවේ “මම කළේ නිකොල්ට ආදරය කිරීම පමණයි" ලෙසය. පසුව හෙළි වූයේ පොලීසියට හසු නොවූයේ නම් ඔහුගේ සැලසුම වී ඇත්තේ රටින් පැන යාම බවයි. ඔහු සතුව විදේශ ගමන් බලපත්‍රය, ව්‍යාජ උඩු රැවුලක්, මැලියම් වර්ගයක් සහ තුවක්කුවක් රථයේ තිබුණි. එහෙත් අවසානයේදී සිම්ප්සන් රාත්‍රී 9.00ට පමණ ඔහුගේ නිවසට ලඟා වීමෙන් අනතුරුව පොලීසියට යටත් විය. ඔහු අත්අඩංගුවට ගෙන ඇප ලබා නොදී සිරගත කරනු ලැබීය.

දෙවන කොටසින් හමුවෙමු..විශ්මිත ඉතිහාසය
සියවසේ නඩු විභාගය - ඇමරිකානු ඉතිහාසයේ මහත් ආන්දෝලනයට ලක් වූ නඩු විභාගය - පළමු කොටස (American Crime Story - Part One) - Your Choice Way
ඝාතන සිදු වූ ස්ථානය

සියවසේ නඩු විභාගය - ඇමරිකානු ඉතිහාසයේ මහත් ආන්දෝලනයට ලක් වූ නඩු විභාගය - පළමු කොටස (American Crime Story - Part One) - Your Choice Way
නිකොල්ගෙ අවමංගල්‍යයට සිම්ප්සන් සහභාගී වූ අයුරු

සියවසේ නඩු විභාගය - ඇමරිකානු ඉතිහාසයේ මහත් ආන්දෝලනයට ලක් වූ නඩු විභාගය - පළමු කොටස (American Crime Story - Part One) - Your Choice Way
අධිවේගී මාර්ගයේ හඹා යන ඔහුගේ රථය

සියවසේ නඩු විභාගය - ඇමරිකානු ඉතිහාසයේ මහත් ආන්දෝලනයට ලක් වූ නඩු විභාගය - පළමු කොටස (American Crime Story - Part One) - Your Choice Way
මග දෙපස ජනතාව ඔහුට සුභ පතමින්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සියවසේ නඩු විභාගය - ඇමරිකානු ඉතිහාසයේ මහත් ආන්දෝලනයට ලක් වූ නඩු විභාගය - පළමු කොටස (American Crime Story - Part One) සියවසේ නඩු විභාගය - ඇමරිකානු ඉතිහාසයේ මහත් ආන්දෝලනයට ලක් වූ නඩු විභාගය - පළමු කොටස (American Crime Story - Part One) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 07, 2021 Rating: 5

0 comments:

Post a Comment