ලොවක් වසඟ කළ යොහානි ඩිලෝකා ද සිල්වා (Yohani De Silva)

ලොවක් වසඟ කළ යොහානි ඩිලෝකා ද සිල්වා (Yohani De Silva)
ගායනය : සතීෂාන් රත්නායක
පද : දුලාන් ARX
සංගීතය හා තනු : චමත් සංගීත්
මැණිකේ මගේ හිතේ
මුදු වේ නුරා හැඟුම්
යාවී
ඇවිලේවී

නෙරියේ නුඹේ නඟේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේවී

මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුවනාරී මනහාරී සුකුමාලි නුඹ තමා

හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුවනාරී මනහාරී සුකුමාලි නුඹ තමා

මැණිකේ මගේ හිතේ
මුදු වේ නුරා හැඟුම් යාවී
ඇවිලේවී

නෙරියේ නුඹේ නඟේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේවී

අහ අහ

අහ අහ

A R X

ඉතින් එපා මටනං වංගු
ගත හිත නුඹෙ මගෙම හැංගු
ආලේ නුඹටම වලංගු
මැණිකෙ වෙන්නෙපා තව සුනංගු

ගමෙ කටකාරම කෙල්ල
හිත වෙලා නුඹේ රුවට බිල්ල
නෙතින් නෙත ගත්තාම අල්ල
මගෙ හිතත් නැහැ මටම මෙල්ල

කෙල්ලේ කෙල්ලේ
වෙලා මගෙ හිත පත්තූ
වෙනවද තව ටිකක් කිට්ටු
මට පිස්සු තද වෙන විදිහට ගැස්සූ
ඔයා දුන්නු ඉඟියට මත්වූ
බඹරෙකි මම තටු ඉස්සු
ඔයා වටකරගෙන රැස්වූ
රොත්තෙන් හිත අරගත්තූ
බඹරා

මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුවනාරී මනහාරී සුකුමාලි නුඹ තමා

හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුවනාරී මනහාරී සුකුමාලි නුඹ තමා

මැණිකේ මගේ හිතේ
මුදු වේ නුරා හැඟුම් යාවී
ඇවිලේවී

නෙරියේ නුඹේ නඟේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේවී

මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුවනාරී මනහාරී සුකුමාලි නුඹ තමා

හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුවනාරී මනහාරී සුකුමාලි නුඹ තමා

ගීයේ බිහිවීම හා ගීයේ නිර්මාණය සිදුවූ අතීත කතාව අහමු සතීෂාන්ගෙන් ම. KONARA VLOG වෙතින් මේ සම්මුඛ සාකච්ඡාව.

ඉතින් ලොවක් වසඟ කරන තැනට මේ ගීය ගෙන ගියේ යොහානි. මේ යොහානිගෙ කතාව. මේ වීඩියෝව "Veralu TV" සතු බව කරුණාවෙන් සලකන්න. 

මේ ගීය ලොව පුරා දැන් මුවග මුවග මිමිණෙන ගීයක් වෙලා. විශේෂයෙන් ඉන්දියාවෙ. මේ Amar Sivam, යොහානි සමග කළ හින්දි Cover එක. 

මේ තවත් හින්දි Cover එකක්. 

Tu Kehade To Tujpe Main Likh Dunga Lekh
Ankhe Khol Or Meri Halat Tu Dekh
Ab Kar Na Tu Late
Mujse Hota Ni Wait
Jo Karde Tu Haan Tujhe Le Chalu Date Pe

Haan, Nai Sunna Tujse Naa
Bas Main Hai Nai Dil Mera
Rewa Nari
Manamali
Sukumali Numba Thama

Dil Tumpe Hai Fida
Nai Sunta Dil Mera
Rewa Nari
Manamali
Sukumali Numba Thama

Main Peeta Nahi Mujhe Nasha Bas Tera Hai
Gour Se Sun Muzistar Kya Kah Raha Hai
Jabse Dekha In Aankhone Tujko
Dil Or Dimaag Ma Bas Tera Chehara Hai
Jab Bhi Tu Bolegi Milne Main Aaunga
Ab Se Main Gaane Sirf Tere Liye Gaunga
Aane De Close Main Door Nahi Jaunga
Lanka Se Tujko India Launga

Nahi Sunna Tujase Na
Pagal Hai Dil Mera

Rewa Nari
Manamali
Sukumali Numba Thama

Dil Tumpe Hai Fida
Nai Sunta Dil Mera

Rewa Nari
Manamali
Sukumali Numba Thama

Singer - JalRaj
Music - Chamath Sangeeth
Rap Lyrics - Muzistar / Zesean / Bunny

යොහානි වෘත්තීය ගිණුම්කරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය නිම කරලා ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට ඇවිත් යොමුවුණ මාර්ගය එක්ක, ගෙදර එක්කත් පොඩි හැල හැප්පීම් තිබුණා වාගෙ දැනෙනවා. ඒත් ටික ටික මේ සියල්ල සමනය වෙලා ඈ අවතීර්ණ වූ මඟ ජයග්‍රාහී බව කවුරුත් පිළිගෙන.
මේ ඇය මුල් අවදියේ කළ Mash-Up Cover එකක්.


යොහානි ඇගේම වූ ගීයක් ලෙස කළ පළමු නිර්මානය වෙතයි, ඔබව දැන් කැඳවා ගෙන යන්නෙ.
එය නම් කරලා තියෙන්නෙ "ආයේ" කියලා. නිකුත් කළේ 2020 අගෝස්තුවේ, ඇගේ යූටියුබ් නාලිකාවට.

මෙහි මා පෙර ඉදිරිපත් කළ "වෙරළු TV" සමග යොහානි ගැන වූ වීඩියෝවේ, ඈ කවුද කියන එක කියවෙනවා.යොහානි ගැන එහි අඩංගු තොරතුරු ටික කැටි කොට මෙසේ ඉදිරිපත් කරනවා.
  • සම්පූර්ණ නම : යොහානි ඩිලෝකා ද සිල්වා
  • පියා : මේජර් ජනරාල් ප්‍රසන්න ද සිල්වා(55 සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කළා.පසුව 59 වන සේනාංකාධිපති ලෙස යුද්ධයේ අවසන් අදියරේදී කටයුතු කළා.)
  • මව : දිනිති ද සිල්වා (ගුවන් සේවිකාවක් (ශ්‍රී ලන්කන්))
  • බාල සහෝදරිය : ශවින්දි ද සිල්වා (වෙෙද්‍ය ශිෂ්‍යාවක්)
යොහානි (සා/පෙළ) දක්වා අධ්‍යාපනය හැදෑරුවේ, කොළඹ විශාකා විද්‍යාලයේ. ඇය පාසලේ පිහිණුම් හා වෝටර් පෝලෝ කණ්ඩායම් වල සාමාජිකාවක්. ඈ පාසල් වර්ණ දිනා ගෙන තියෙනවා මේ ක්ෂේත්‍රයන් හී පෑ දස්කම් නිසා.

උසස් පෙළ සඳහා ඇය එංගලන්තයට ගියා. ඉන් පසු ලංකාවට පැමිණි ඇය, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් වී සැපයුම් කළමනාකරණය පිළිබඳ උපාධිය ලබා ගන්නවා. 2017 වසරේ ඇය ඕස්ට්‍රේලියාවට යන්නෙ, වැඩිදුර අධ්‍යාපනය සඳහා. එහිදී ඇය වෘත්තීය ගිණුම්කරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගන්නවා. 2019 මාර්තු මාසයේ ඈ පෙරළා ලංකාවට එනවා.

මා මී ළඟට ඉදිරිපත් කරන ගීත දෙකෙන් ඇගේ කතාවේ බොහෝ දේවල් ඔබට ඒත්තු ගත හැකියි. 
"සිත දැවුණා" ඇගේ ම  වූ දෙවන නිර්මාණයයි. නිකුත් කළේ 2020 සැප්තැම්බරයේ.

ඇගේ ම  වූ තෙවන නිර්මාණය "රැව්වත් දෑසින්" තුළින් ඇය ගැන තවත් බොහෝ දේ වටහා ගත හැකියි. මේ ගීය ඈ ඇගේ පියා වෙනුවෙන් කළ ගෞරවනීය හා ආදරණීය පිදුමක් යැයි මට හිතෙනවා.

සටහන 
පෙරදා (2021 අගෝ 22) මේ පෝස්ටුව සකසමින් සිටියදී, අඩවිය හදිසි බිඳ වැටීමකට ලක් වුණා. මේ දැන් වේලාව 23 සඳුදා අළුයම 2.51 යි. අඩවිය යථා තත්වයට පත් කරගන්න ටිකක් වෙහෙසෙන්න වුණා. පැයකට පෙරාතුව එය පිළිසර කරගත් පසු, පෝස්ටුවේ ඉතිරි කොටස් අමුණමින් තමයි ඉන්නෙ. වෙහෙසයි. මඳ විරාමයක් අරගෙන ඉක්මණින් එනවා.)

2020 දෙසැම්බරයේ "රැව්වත් දෑසින්" ගීය කළ යොහානි ඒ දෙසැම්බරයේම තම ප්‍ර්‍ර්‍රථම ඉංග්‍රීසි ගීය නිකුත් කළා. මේ එම ගීය "Merry Christmas Baby" 

I break down, 
every year 
when this time comes around
I already know, 
How it looks like in town

Merry Christmas baby
You don’t come home
Merry Christmas darling
Watch me from above

I turned  down, 
a date oh dear,
I wish some snow
Could heal my sorrow

Unsteady this month
My heart 
And it prays for a smile 

සීතලෙන් මිදිලා කඳුළේ 
සිහිනයේ නුඹ මැවේ 
ආදරෙයි තාමත් සොඳුරේ 
නැතත් මා අසලේ 

Merry Christmas baby
You don’t come home
Merry Christmas darling
Watch me from above

Lyricist : Dilanjan Seneviratne
Composer : Yohani de Silva
Music, Mixed & Mastered by : LAK at Pettah Effect Studios

මෙතෙක් ඈ ආ ගමන ක්ෂණිකවම වෙනස් වෙලා, මේ දියතේ ඈව ඉහළටම ඔසවා තැබූ ගීයයි මා මීළඟට ඉදිරිපත් කරන්නෙ. සතීෂාන් රත්නායක කේවල ගායනයක් ලෙස කර තිබූ ගීය වෙත ඉස්සෙල්ලා යොමුවෙමු.

සතීෂාන් රත්නායක සමග එකතුව යොහානි ගැයූ "මැණිකේ මගේ හිතේ" ගීය තමයි ඇයව ජාත්ත්‍යාන්තරයට රැගෙන ගියේ. මේ ඒ ගැයුම.

ශාස්ත්‍රපති උපාධියක් කරලා, යොහානි ලංකාවට ඇවිත් කළේ ඈ ආශා කළ සංගීතය කෙරෙහි නැඹුරුවීම. මෙතෙක් මෙහි මා ඉදිරිපත් කළ සියළු දේ ඔබ කියෙව්වා නම්, ඔබ දන්නවා ඈ ආ ගමන් මගේ කොච්චරක් හැල හැප්පීම් තිබෙන්නට ඇත්ද කියා. ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට ඇවිත්, සංගීතයේ ම එල්ලී ගැලී වුන් ඇගේ මේ සංගීත පිස්සුවට,  ඇගේ පියා මේජර් ජනරාල් ප්‍රසන්න ද සිල්වා, එතරම් කැමති වුණේ නෑ. ඒත් යොහානි අතහැරියේ නෑ. ඇගේ "රැව්වත් දෑසින්" යන ගීයෙන් ලොකු කතාවක් කියවෙනව. අවතීර්ණ ව සිටි මඟ ජය ගන්න, පියාගේ දෑසේ කඳුළු දනවන්නට "රැව්වත් දෑසින්" ගීය හේතුවුණා කියල මට හිතෙනව.  කාපු කට්ට හොඳටම පිළිබිඹු වෙනව ඒ ගීයෙන්.
සතීෂාන්ගේ එකඟත්වය ඇතිව කළ "මැණිකේ මගේ හිතේ" ගීය යොහානිගේ සංගීත දිවියේ ඈ ලද ඉහළම ජයග්‍රහනය. අද මේ ගීයට ලෝකයක් වසඟ කරගන්නට පුළුවන් වෙලා තියෙනවා. අන්තර්ජාලයට පිවිස "මැණිකේ මගේ හිතේ" ගීය ගැන සෙව්වොත් ඔබට හමුවේවි මේ ගීයත් එක්ක උමතු වූ පිරිසේ තරම. 

මේ භාරතයේ ඉහළම තලයක සිටින ප්‍රවීන නළු අමිතාබ් බච්චන් මේ ගීයට වහ වැටුණු හැටි. 
අමිතාබ් බච්චන් රඟන මෙම ජවනිකාව ඇතුළත් වුණේ 1981  දී තිරගතවූ "Kaalia" චිත්‍රපටියේ. Jahan Teri Yeh Nazar Hai නම් වූ එම ගීයේ රංගනයට අමිතාබ් තම මිණිබිරිය ලවා "මැණිකේ මගේ හිතේ" ගීය ඔබ්බවා ගෙන මේ විදියට රසවිඳිනවා.

"මැණිකේ මගේ හිතේ" ගීය ලොවක් වසඟයට ගත්තා. භාරතයේ පොඩි දරුවෙකුගේ පවා මුවේ දැවටී මිමිණෙන්නේ මේ ගීය. දෙමළ, මලයාලම්, හින්දි තව ගොඩාක් භාෂා වලින් "මැණිකේ මගේ හිතේ" ගීයේ Cover Songs මෙතෙකැයි කිය්න බැරි තරමට තියෙනවා. දේශ දේශාන්තර වල රූපවාහිනී නාලිකා වල මේ ගීය ගැන වූ සහ තවමත් වෙන කතා බහ එමටයි.
මේ යොහානිම එවැනි මලයාලම් Cover එකකට Anas Shajahan සමග එකතුවූ අයුරු.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලොවක් වසඟ කළ යොහානි ඩිලෝකා ද සිල්වා (Yohani De Silva) ලොවක් වසඟ කළ යොහානි ඩිලෝකා ද සිල්වා (Yohani De Silva) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 04, 2021 Rating: 5

0 comments:

Post a Comment