Wadu Waden Song Lyrics - වඩු වැඩෙන් ගීතයේ පද පෙළ

Wadu Waden Song Lyrics - වඩු වැඩෙන් ගීතයේ පද පෙළ
Song Title : Wadu Waden (වඩු වැඩෙන්)
Singing : Gypsies with Sunil Perera


වඩු වැඩෙන් දිවි රකින – බොහො දුකින් කල් ගෙවන දුප්පතෙකි මං
කිසිම හැඩක් නැති මෙලීය – අරගෙන මං කරන දිරිය
කපල කොටල ඉරල මැනල – හදන ලී බඩූ

තේක්ක බුරුත නැදුන් කරුවල ලෑලි – ගෙනල්ල සෑදූ බඩු කාගෙත් මනලෝලී
හිටි පුර ලිය මල්කම් කැටයම් පේළී – දමාපු අල්මාරිද හොඳ බඩු මේ ලී

පුටු සදන් හිත් දුකීන – කද බැඳන් බරට ගේන – ගොළඹ ගෙන යමී
එහිදි මගෙ පුටු සියල්ල – විකිණුනොතින් මෙමට ලොල්ල
මගේ මූණ සිනා රැල්ල – වැඩි වෙලා යති

කියත ද යතු කැටය ද නියන ද බුරුමේ – යොදාල සැදු ලී බඩු පෙන්නයි අරුමේ
වඩු වැඩ රැකියාවකි ගරු සරු ඇති මේ – මොරටුවෙ ඉපදුන අප සැම ලද උරුමේ

දැන් ඇත බැලු බැලු තැන රට හැම පැත්තේ – පිට රට වලට පවා යවනව ඇත්තේ
තියනව කල් පැවැත්ම ඉහළම තත්තේ – ඒකයි මෙහෙ ලී බඩු මුල් කැන ගත්තේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wadu Waden Song Lyrics - වඩු වැඩෙන් ගීතයේ පද පෙළ Wadu Waden Song Lyrics - වඩු වැඩෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 14, 2021 Rating: 5

0 comments:

Post a Comment