ඉතිහාසයෙන් සැඟවී ගිය බිහිසුණු නිල ඝාතකයා - වාසිලි බ්ලොකින් (Vasily Blocking)

ඉතිහාසයෙන් සැඟවී ගිය බිහිසුණු නිල ඝාතකයා - වාසිලි බ්ලොකින් (Vasily Blocking) - Your Choice Way
වඩාත් කුප්‍රකට නාසි යුද අපරාධකරුවන් මෙන්ම ඝාතකයන් දෙදෙනෙකුද වන හෙන්රිච් හිම්ලර් හෝ ජොසෙෆ් මෙන්ගල් ගැන ඉතිහාසයට ආදරය කරන ඔබ බොහෝ දෙනෙකු නිසැකවම අසා ඇතුවාට සැක නැත. ඔවුන් දෙදෙනාම දෙවන ලෝක යුධ සමයේ මනුෂ්‍යත්වයට එරෙහිව අදහා ගැනීමට නොහැකි තරමේ අපරාධ සිදු කළ ජර්මන් ජාතිකයන් වේ. නමුත් ඔබ කිසි දිනෙක රුසියානු ජාතික වාසිලි බ්ලොකින් පිළිබඳව සහ ඔහු මනුෂ්‍යත්වයට එරෙහිව සිදු කළ අපරාධ පිළිබඳව අසා තිබේද? ඔහු සිදු කළ ක්‍රියාවන් ඉතිහාසය තුළ සැඟැවී යාමට බලපෑ ප්‍රධානතම හේතුව නම් "සෝවියට් සංගමය දෙවන ලෝක යුද්ධය ජයගැනීම සහ සෑම විටම ජයග්‍රාහකයින් විසින් ඉතිහාසය ලියනු ලබන නිසාය".

වාසිලි බ්ලොකින් (1895-1955) වඩාත් ඵලදායී නිල ඝාතකයා ලෙස ගිනස් ලෝක වාර්තාව පවා හිමි කර ගැනීමට සමත් වූ අයෙකි. ස්ටාලින්ගේ ප්‍රියතම ඝාතකයා වූ බ්ලොකින්, පුද්ගලිකව 20,000 කට අධික පිරිසක් ඝාතනය කරන ලදී. 

වාසිලි බ්ලොකින් සිය ලේ තැවරුණු වෘත්තිය ගමන ආරම්භ කළේ 1921 දී චෙකා (Cheka) සමඟ එක්වීමෙනි. චෙකා යනු පළමු සෝවියට් රහස් පොලීසිය හැඳින්වූ නම වූ අතර කේ.ජී.බී. හි පුරෝගාමියා බවට පත් වූයේද මෙයයි.

ඕනෑම දරුණු ක්‍රියාවක් නොබියව සිදු කිරීමට බ්ලොකින් තුළ තිබූ හැකියාව හේතුවෙන් කෙටි කාලයකදී ස්ටාලින්ගේ අවධානය දිනා ගැනීමට ඔහු සමත් විය. ඒ අනුව ස්ටාලින් බ්ලොකින්ව "කොමණ්ඩතුරා" (Kommandatura) හි ප්‍රධානියා ලෙස පත් කරන ලදී. කොමන්ඩතුරා යනු මොස්කව්හි ලුබියන්කා මූලස්ථානයේ පැවති එන්.කේ.වී.ඩී. හි (අභ්‍යන්තර කටයුතු පිළිබඳ මහජන කොමසාරිස් කාර්යාලය) ප්‍රභූ ඝාතන ඒකකයක් විය. කොමණ්ඩතුරා හි සෑම සාමාජිකයෙකුම ස්ටාලින් පෞද්ගලිකව පත් කරන ලද අය විය.

මෙහිදී බ්ලොක්න්ගේ කාර්යය වූයේ ලුබියන්කා හි සිදු කරනු ලබන ඝාතන අධීක්ෂණය කිරීම සහ ස්ටාලින්ගේ මහා පිරිසිදු කිරීමේ වැඩසටහනට ගොදුරු වූවන් පෞද්ගලිකව ඝාතනය කිරීමයි. ඔහු අතින් මෙසේ ඝාතනය වූ පුද්ගලයන් අතර එන්.කේ.වී.ඩී. හි ප්‍රධානීන් දෙදෙනෙක්ද සිටි අතර ඔවුන් දෙදෙනාම බ්ලොකින්ගේ ලොක්කන් විය.

එමෙන්ම 1940 අප්‍රේල් සහ මැයි මාසවලදී රුසියාවේ කැටින් වනාන්තරයේදී එන්.කේ.වී.ඩී. ය විසින් පෝලන්ත නිලධාරීන් සහ බුද්ධිමතුන් 22,000 කට අධික පිරිසක් ඝාතනය කරන ලදී. 'කැටින් සංහාරය' ලෙස හැඳින්වෙන මෙහිදී වාසිලි බ්ලොකින් සහ ඔහුගේ කණ්ඩායම දින විසිඅටක් තිස්සේ රාත්‍රියේ සිට හිමිදිරි පාන්දර දක්වා එක දිගට පෝලන්ත ජාතිකයන්ට වෙඩි තබන ලදී. එම කාලයේදී බ්ලොකින් රාත්‍රියේ පැය දහයක් පමණ වැඩ කළ අතර සෑම මිනිත්තු තුනකට වරක්ම සිරකරුවෙකු මරා දැමීය.

මෙසේ රාත්‍රිය පුරා එක දිගට සිදු කළ ඝාතන නිසා බ්ලොකින් සහ ඔහුගේ සෙසු ඝාතන සගයන්ගේ සිරුරෙන් දැරිය නොහැකි තරමේ වෙඩි බෙහෙත් ගඳක් සහ ලේ ගඳක් පිටවන්නට විය. කුමක් කළත් මේ දුර්ගන්ධය ඉවත් කළ නොහැකි වූ අතර අසල ගම් වල සුනඛයින් පවා මේ දුර්ගන්ධය ඉවසීමට නොහැකිව පලා ගිය බව කියැවේ.

ඔවුන් මෙම ඝාතන සිදු කළේ වනාන්තර මධ්‍යයේ ඉදි කරන ලද කුඩා නිවසක් තුලදීය. එහි තිබුණේ කොන්ක්‍රීට් පොලවක් නිසා එය පිරිසිදු කිරීමද ඉතා පහසු විය. එම කාමරය ඉදි කරන ලද්දේ හැකි තරම් ශබ්දය පිටතට නොඇසෙන ලෙසය. එමෙන්ම ඒ අසල ක්‍රියාත්මක වූ ශබ්ද විකාශන යන්ත්‍ර මගින්ද වෙඩි තැබීමේ ශබ්දය තවදුරටත් අඩු කරන ලදී.

එන්.කේ.වී.ඩී ඒජන්තයින් මේ ඝාතනය කළ පිරිස් හඳුනාගත්තේ ඔහුගේ නම සහ උපන් දිනය අනුව ය. ඉන්පසු ඔවුන් ඝාතනය කරන තැනැත්තා කාමරයට ගෙන ගොස් ඔහුගේ දෑත් පිටුපසට කොට බැඳ දමා දණ ගසන්නැයි නියෝග කරයි. ඉන්පසු දුඹුරු පැහැති ලෙදර් කබායක් සහ දිගු අත්වැසුම් පැළඳ බ්ලොකින් එයට ඇතුළු වෙයි. බ්ලොකින් ඔහුගේ ජර්මානු වොල්තර් මොඩල් 2 පිස්තෝලයෙන් අදාල පුද්ගලයාගේ බෙල්ලට වෙඩි තබනු ලබයි. ඔහු මෙසේ සිදු කරන ලද බොහෝ ඝාතන සිදු කළේ මුවගට සිනාවක් නංවාගෙන බව වාර්තා වේ.

ඉන් පසු මියගිය පුද්ගලයාගේ සිරුර සොල්දාදුවන් විසින් පිටුපස දොරින් රැගෙන ගොස් ඒ අසල තිබූ විශාල සමූල මිනී වළක් තුළට දමනු ලබයි. තවත් පිරිසක් විසින් කාමරය පිරිසිදු කරනු ලබන අතර මේ සෑම දෙයක්ම ඉක්මනින් සිදු කළ යුතු වන්නේ ඝාතනය සිදු වී විනාඩි තුනකට පසු බ්ලොකින් ඊළග ඝාතනය සිදු කිරීම සදහා ඒ තුළට පැමිණෙන නිසාය. මේ අයුරින් සෑම විනාඩි තුනකට වරක්ම මුළු දවස පුරාම මෙම ඝාතන සිදු විය. ස්ටාලින් බ්ලොකින්ට මේ සදහා ලබා දුන්නේ පදක්කමක් සහ සුළු වැටුප් වැඩිවීමක් පමණි.

මේ කැටින් සමූල ඝාතනය සඳහා බ්ලොකින් ඉතා ඕනෑකමින් මෙන්ම විධිමත් ලෙස සූදානම් විය. ඔහු සෑම කුඩා දෙයක් පිළිබඳවම පෞද්ගලිකව සොයා බැලූ අතර කිසිදු වැරැද්දක් සිදු නොවීමට කටයුතු කරන ලදී. නිදසුනක් ලෙස ඔහු මේ ඝාතන සිදු කිරීමට යොදා ගනු ලැබුවේ ජර්මානු වෝල්තර් මොඩල් 2 පිස්තෝලයකි. එමගින් ජර්මානුවන් පිට මෙම වැරැද්ද දැමීමට ඔහු බලාපොරොත්තු විය. ඔහු මෙම අවිය තෝරා ගැනීමට හේතු වූ අනෙක් කරුණ වූයේ ජර්මානු අවි, එකල රුසියානු අවි වලට වඩා කාර්යක්ෂම සහ විශ්වාසදායී වීමයි. මන්දයත් ඔහුට එක් රාත්‍රියක් තුළ මිනිසුන් 300ක් පමණ ඝාතනය කිරීමට තිබූ බැවිනි.

දිවා කාලයේ ලද විවේකයේදී ඔහු සිදු කළේ අශ්වයන් පිළිබඳ ලියැවුණු පොත්පත් කියවීමයි. ඔහු අශ්වයන්ට ඉතා ආදරය කරන ලද පුද්ගලයෙකු වූ අතර ඝාතනයට පැමිණීමේදී අශ්වයන් පිළිබඳ ලියැවුණු පොත් 700කට අධික ප්‍රමාණයක් රැගෙන එන ලදී. 

රාත්‍රියේදී සිදු වූ අමානුෂික ඝාතන අමතක කර දැමීම පිණිස ඔහු යටතේ සිටි සෙබළුන් විශාල ලෙස වෝඩ්කා දිවා කාලය පුරා පානය කරත් බ්ලොකින් තේ පමණක් පානය කරන ලදී. සිදු වූ ඝාතන පිළිබඳ කිසිදු හැඟීමක් ඔහුගේ සිත් තුළ නොවිය.

ඔහු සමග මේ ඝාතනවලට සම්බන්ධ වූ බොහෝ එන්.කේ.වී.ඩී සගයන් අධික මත්පැන් පානය නිසා කෙටි කලකින් මියගිය අතර තවත් සමහරක් දෙනෙක්ට පිස්සු හැදෙන ලදී. නමුත් බ්ලොකින්ට මේ ඝාතන පිළිබඳ කිසිදු තැකීමක් නොදැක්වූ අතර  ඔහු නිතරම සතුටු සිතින් හා විහිළු තහළු කරමින් ජීවත් විය. ඔහු ඝාතන කාමරය තුළ ඝාතන සිදු කළේත් ඉතා සතුටු සිතින් සිනහමුසුවය.

1940 කැටින් සංහාරයෙන් පසුව බ්ලොකින්හට එන්.කේ.වී.ඩී. උසස් වීමක් ලද අතර මේජර් ජෙනරාල් කමක් හිමි විය. ඔහුගේ ලේ තැවරුණු වෘත්තීය ජීවිතය තුළ බ්ලොක් සෝවියට් සංගමයේ සිවිල් වැසියෙකුට ලැබිය හැකි ඉහළම පදක්කම වන ඕඩර් ඔෆ් ලෙනින් ඇතුළු බොහෝ පදක්කම් ලබා ගැනීමට සමත් විය. 1953 මාර්තු මාසයේදී ස්ටාලින්ගේ මරණයෙන් පසු ඔහු තම විශ්‍රාම වැටුප පමණක් රැගෙන විශ්‍රාම යන ලදී. 

කෙසේ වෙතත් ඔහුගේ බිහිසුණු අතීතය ඔහු පසුපස හඹා එන ලදී. ඔහු විශ්‍රාම ගොස් මාස තුනකට පසු 1953 ජුනි මාසයේදී ජනාධිපති නිකිටා කෘෂෙව් විසින් බ්ලොකින්ගේ හිටපු ලොක්කා වන ලැව්රෙන්ටි බෙරියා බලයෙන් නෙරපා දමනු ලැබීය. 

මේ හේතුව නිසා බ්ලොකින්ටත් ඔහුගේ නිලය, පදක්කම් සහ විශ්‍රාම වැටුප යන සියල්ල අහිමිව යන ලදී. මෙම හේතු නිසා බලාපොරොත්තු සුන් වූ ඔහු 1955 දී මත්පැන් පානය කර සියදිවි නසා ගත්තේය. 1964 දී ලියොනිඩ් බ්‍රෙෂ්නෙව්, කෘෂෙව්ගෙන් පසුව සෝවියට් සංගමයේ ප්‍රධානියා බවට පත්විය. බ්‍රෙෂ්නෙව්, බ්ලොකින්ගේ මරණින් පසු ඔහුගේ නිලය සහ පදක්කම් බ්ලොකින් වෙත යළි ලබා දුන්නේය.

විශ්මිත ඉතිහාසය
ඉතිහාසයෙන් සැඟවී ගිය බිහිසුණු නිල ඝාතකයා - වාසිලි බ්ලොකින් (Vasily Blocking) - Your Choice Way
ජර්මානු වෝල්තර් මොඩල් 2 අවිය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඉතිහාසයෙන් සැඟවී ගිය බිහිසුණු නිල ඝාතකයා - වාසිලි බ්ලොකින් (Vasily Blocking) ඉතිහාසයෙන් සැඟවී ගිය බිහිසුණු නිල ඝාතකයා - වාසිලි බ්ලොකින් (Vasily Blocking) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 09, 2021 Rating: 5

0 comments:

Post a Comment