Sarama Song Lyrics - සරම ගීතයේ පද පෙළ

Sarama Song Lyrics - සරම ගීතයේ පද පෙළ
Song Title : Sarama (සරම)
Singing : Gypsies with Sunil Perera


කළු කෝට් ඇඳලා ආරච්චිලා හොල්ලපු මුළු ගමම
හවඩිය බැඳලා යයට ඒ ඇන්දෙත් සරම
මුතුන් මිත්තෝ රැකගෙන ආ අපේ ජාතික ඇඳුම
ඉනට යසට අපූරුවට සරසන්නෙත් සරම
අපි කිව්වම මෙහෙම හිතට ගන්න හැමෝම
මනින්න එපා ඇඳුමෙන් කිසි කෙනෙකුගේ තරම
කෙනෙක් ඇන්දට සරම කව්රු හිතුවත් කොහොම
සරම අඳින කෙනයි දන්නේ සරමේ පහසුවේ තරම……

ඔය අපේකම රකින්න නහින මැති ඇමතිලා රැලම
කලිසම වෙනුවට ඒ අය අඳින්න එපැයි සරම
සුද්දගේ කලිසම ඇඳගෙන සුද්දට බනින එකනේ පුදුම
දැන් තේරෙනවද අන්දන හැටි උන්දැලා මුළු රටම
අපි කිව්වම මෙහෙම හිතට ගන්න හැමෝම
මනින්න එපා ඇඳුමෙන් කිසි කෙනෙකුගේ තරම
කෙනෙක් ඇන්දට සරම කව්රු හිතුවත් කොහොම
සරම අඳින කෙනයි දන්නේ සරමේ පහසුවේ තරම……

පුංචි ළමයි හරි හුරතල් ඇඳගත්තම සරම
අවුරුදු කාලේට ඉල්ලුම ඉහළ නගින සරම
අඩියක් ගහන දාට වැදිලාවත් වැඩි වුණොතින් පදම
බඳ පටිය නැතිව අඳින්නෙපා කැඩෙයි පුතේ සරම
අපි කිව්වම මෙහෙම හිතට ගන්න හැමෝම
මනින්න එපා ඇඳුමෙන් කිසි කෙනෙකුගේ තරම
කෙනෙක් ඇන්දට සරම කව්රු හිතුවත් කොහොම
සරම අඳින කෙනයි දන්නේ සරමේ පහසුවේ තරම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sarama Song Lyrics - සරම ගීතයේ පද පෙළ Sarama Song Lyrics - සරම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 29, 2021 Rating: 5

0 comments:

Post a Comment