Rosa Kathandara Song Lyrics - රෝස කතන්දර ගීතයේ පද පෙළ

Rosa Kathandara Song Lyrics - රෝස කතන්දර ගීතයේ පද පෙළ
Song Title : Rosa Kathandara (රෝස කතන්දර)
Artist : Nimanthi Chamodani
Melody : Dulaj Dhanushka
Lyrics : Gihan Chamika
Teledrama : දෙවෙනි ඉනිම - ටෙලි නාට්‍ය TV Derana


රෝස කතන්දර යායක මල් බර
හදවත් ඉඟි මැරුවාවේ
කවුරුත් දන්නැති ආදරයක් මැද
අරුමෝසම් උද්‍යානේ
අතිනත ගෙන දවසක් දා
තුරුලු වෙන්න බැරි හින්දා
පෙම්වත් කතා තහනම් නිසා
ඇසඟින් බලා හුරතල් එපා

ඇස් මානේ සන්සුන් හිනාවේ
පිනි යහනේ පෙම් මං තලාවේ
රෑ සලුවකට මං දැවටෙන්නම්
මට ඉඩ දෙන්න සඳ සාදයේ
පෙම්වත් කතා තහනම් නිසා
ඇසඟින් බලා දඟ වැඩ එපා

රෝස කතන්දර යායක මල් බර
හදවත් ඉඟි මැරුවාවේ
කවුරුත් දන්නැති ආදරයක් මැද
අරුමෝසම් උද්‍යානේ

ගිම්හානේ අනුරාග යාමේ
පිපුනාවේ නිල් මල් විමානේ
ඔය පපුතුරට මං ගුලිවෙන්නම්
මට ළං වෙන්න මධු සාදයේ
පෙම්වත් කතා තහනම් නිසා
ඇසඟින් බලා විඳවන්නෙපා

රෝස කතන්දර යායක මල් බර
හදවත් ඉඟි මැරුවාවේ
කවුරුත් දන්නැති ආදරයක් මැද
අරුමෝසම් උද්‍යානේ
අතිනත ගෙන දවසක් දා
තුරුලු වෙන්න බැරි හින්දා
පෙම්වත් කතා තහනම් නිසා
ඇසඟින් බලා හුරතල් එපා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rosa Kathandara Song Lyrics - රෝස කතන්දර ගීතයේ පද පෙළ Rosa Kathandara Song Lyrics - රෝස කතන්දර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 09, 2021 Rating: 5

0 comments:

Post a Comment