Owath Wada Da Malli Song Lyrics - ඕවත් වැඩද මල්ලි ගීතයේ පද පෙළ

Owath Wada Da Malli Song Lyrics - ඕවත් වැඩද මල්ලි ගීතයේ පද පෙළ
Song Title : Owath Wada Da Malli (ඕවත් වැඩද මල්ලි)
Singing : Gypsies with Sunil Perera


අහගන්න පිළිගන්න බොරු නොකියමි ඔහෙලට
ලෝකේ පුරා සැරිසරලා ගිය ගිය තැන කප් ගහලා
ආවෙමි මම සිය රට බලලා
මගේ තියෙන වටිනාකම ඒ උදවිය දැනගත්තම
වැඳ වැඳ කීවා නවතින්න

ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද
රජ වැඩකිඩ දෙන්නට ඔබ රජ කකුලක්ද
හිතලා මතලා හොයලා බලලා
කෝපි කාලෙ මෝඩ තාලේ
කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්

මුළු ලොව බය කල මහා ත්‍රස්තවාදියා
Bin Ladin අල්ලගන්න George Bushට බැහැලු ඔන්න
මට කියනවා අල්ලලා දෙන්න
ජාත්‍යන්තර ප්‍රශ්න වලට හොට දාන්නේ නෑනේ මම
ඒක නිසා මං බෑ කිව්වා

ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද
රජ වැඩකිඩ දෙන්නට ඔබ රජ කකුලක්ද
හිතලා මතලා හොයලා බලලා
කෝපි කාලෙ මෝඩ තාලේ
කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්

Hollywood පුරයේ නිළි රැජින හමුවෙලා
ඇමරිකාවේ සුනිල් ඉන්න ඉඳලා මාව මැරි කරන්න
කිය කිය වද කෙරුවා ජූලියා
අපේ ගෙදර නෝනා දැන ගත්තොත් ජූලි හතයි මළ කෙලියයි
ඒක නිසා මං බෑ කිව්වා

ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද
රජ වැඩකිඩ දෙන්නට ඔබ රජ කකුලක්ද
හිතලා මතලා හොයලා බලලා
කෝපි කාලෙ මෝඩ තාලේ
කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්

ලෝකෙම ජනප්‍රිය ගායිකාව මැඩෝනා
මාත් එක්ක යුග ගීයක් කියන්න ඕනෙමයි කියලා
දවස් ගනන් පස්සෙන් ආවා
අනේ ලංකාවේ ගායිකාවෝ තරහ වේවි එහෙම කලොත්
ඒක නිසා මං බෑ කිව්වා

ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද
රජ වැඩකිඩ දෙන්නට ඔබ රජ කකුලක්ද
හිතලා මතලා හොයලා බලලා
කෝපි කාලෙ මෝඩ තාලේ
කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Owath Wada Da Malli Song Lyrics - ඕවත් වැඩද මල්ලි ගීතයේ පද පෙළ Owath Wada Da Malli Song Lyrics - ඕවත් වැඩද මල්ලි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 15, 2021 Rating: 5

0 comments:

Post a Comment