Your Choice Way

Oba Lassnai Song Lyrics - ඔබ ලස්සනයි ගීතයේ පද පෙළ

Sunil Perera (සුනිල් පෙරේරා මහත්මා)
Song Title : Oba Lassnai (ඔබ ලස්සනයි)
Singing : Gypsies with Sunil Perera


ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි
ආඩම්බරයි මට හරි ආඩම්බරයි
ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි

ඔබ මඟ යන විට සුලලිත ගමනට
කවුරුත් ආසා කරන්නේ
සුරංගනාවක් දැකලා වාගේ
සමහරු හැරි හැරි බලයි
ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි

ඔබ ලස්සනයි නෙත් දෙක නිලුපුල් වගෙයි
ඔබ ලස්සනයි තොල් පෙති නා දළු වගෙයි
ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි

ප්‍රිය සාදයකට මා හා ගිය විට
රැජිණක සේ ඔබ දිලෙන්නේ
මලකට ලංවන බඹරුන් වාගේ
කවුරුත් ඔබ වෙත ඇදෙන්නේ
ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි
ආඩම්බරයි මට හරි ආඩම්බරයි
ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Lassnai Song Lyrics - ඔබ ලස්සනයි ගීතයේ පද පෙළ Oba Lassnai Song Lyrics - ඔබ ලස්සනයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, September 26, 2021 Rating: 5

0 comments:

Post a Comment