විවිධාකාර සැමරුම් රාශියක් ඇති මැයි දිනයේ ඉතිහාසය (May Day)

විවිධාකාර සැමරුම් රාශියක් ඇති මැයි දිනයේ ඉතිහාසය (May Day) - Your Choice Way
මැයි දිනය යනු සහස්‍ර ගණනාවකට පෙර සිටම සැමරෙන දීර්ඝ හා විවිධාකාර ඉතිහාසයන් කීපයක්ම ඇති සැමරුමකි. වසර ගණනාවක් පුරා, ලොව පුරා විවිධ සිදුවීම් හා උත්සව රාශියක් මෙම දින සිදුවී ඇති අතර, බොහෝ ඒවා සෘතුමය වෙනසක්  පිළිගැනීමේ අරමුණ ඇතිව සමරනු ලැබීය. නමුත් 19 වන ශතවර්ෂයේ දී, මැයි දිනය සදහා නව අර්ථයක් ලබා ගත්තේ, 19 වන සියවසේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් සඳහා වූ කම්කරු ව්‍යාපාරයෙන් සහ එක්සත් ජනපදයේ පැය අටක වැඩ දිනයක් ලබා ගැනීමට කම්කරුවන් සිදු කළ වැඩවර්ජනයක් නිසා ඇති වූ ජාත්‍යන්තර කම්කරු දිනයත් මෙම දිනයටම යෙදුණු බැවිනි.

අද අපි මැයි 1 හා බැඳුනු විවිධ සුවිශේෂී සිද්ධීන් හා ඒවායේ ඓතිහාසික පසුබිම පිළිබඳ කුඩා විමර්ශනයක් සිදු කර බලමු.

⚫මැයි දිනයේ මූලාරම්භය: බෙල්ටේන් (Beltane).
බ්‍රිතාන්‍ය දූපත් වල වාසය කල කෙල්ට්ස්වරුන් (කෙල්ට්ස් යනු යුරෝපයේ සහ ඇනටෝලියාවේ සමහර ප්‍රදේශවල සිටින ඉන්දු-යුරෝපීය ජනයාගේ එකතුවකි.) විශ්වාස කරන පරිදි මැයි 1 යනු වසරේ වැදගත්ම දිනයයි. එදිනට ඔවුන් බෙල්ටේන් නම් උත්සවය පවත්වනු ලබයි.

මෙම මැයි දින උත්සවය මගින් ඔවුන් වසර අඩකින් බෙදීමට ලක්කොට ආලෝකය සහ අඳුර අතර මධ්‍යම ස්ථානය ලෙස මැයි 1  සැලකීය. සංකේතාත්මක ගින්න උත්සවයේ ප්‍රධාන චාරිත්‍රයක් වූ අතර එය ජීවිතයට නැවත ආලෝකය පැමිණීම හා සශ්‍රීකත්වය සැමරීමට උපකාරී විය.

නමුත් රෝමානුවන් විසින් බ්‍රිතාන්‍ය දූපත් අත්පත් කර ගත් විට, ෆ්ලෝරියා නම් මල් දේවතාවියට ​​වන්දනාමාන කිරීම සඳහා කැප කළ ෆ්ලෝරාලියා නමින් හදුන්වන ඔවුන්ගේ පස් දින සැමරුම ඔවුන් විසින් මෙම ජනයාට හදුන්වාදෙන ලදී. අප්රේල් 20 සිට මැයි 2 දක්වා කාලය තුළ සිදු කෙරෙන මෙම සැමරුමේ චාරිත්ර අවසානයේදී බෙල්ටේන් සමඟද ඒකාබද්ධ විය.

⚫මැයි දින මේපෝල් නැටුම(May Day Maypole Dance)
මෙයද මැයි 1 සමරනු ලබන ජනප්‍රිය සම්ප්‍රදායකි. මේපෝල් නැටුමේ නිශ්චිත මූලාරම්භයක් නොදන්නා අතර, එය වටා ඇති වාර්ෂික සම්ප්‍රදායන් මධ්‍යතන යුගයේ සිට සොයාගත හැකි අතර සමහර ඒවා අදටත් සමරනු ලැබේ. මෙම දිනයේදී වර්ණවත් ඇදුම්වලින් සැරසුණු මිනිසුන් නටා ගයා විනෝද වනු ලබයි. ඉතිහාසය හදාරන්නන් විශ්වාස කරන්නේ පළමු මේපෝල් නැටුම ආරම්භ වූයේ සශ්‍රීකත්ව චාරිත්‍රයක කොටසක් ලෙස බවයි.

⚫ජාත්‍යන්තර කම්කරු දිනය
මැයි දිනය සහ කම්කරු අයිතිවාසිකම් අතර සම්බන්ධතාවය එක්සත් ජනපදයේදී ආරම්භ විය. 19 වන ශතවර්ෂය තුළ කාර්මික විප්ලවයේ උච්චතම අවස්ථාව වන විට සෑම වසරකම පුරුෂයින්, කාන්තාවන් සහ ළමයින් දහස් ගණනක් ඉතාමත් අයහපත් කොන්දේසි වලට යටත්ව සහ දිගු පැය ගණන් වැඩ කරමින් මිය යමින් සිටියහ.

මෙම අමානුෂික කොන්දේසි අවසන් කිරීමේ උත්සාහයක් ලෙස, සංවිධානාත්මක වෙළඳ හා කම්කරු සංගම් (පසුව එය ඇමරිකානු කම්කරු සම්මේලනය/ ඒ.එෆ්.එල්. ලෙස හැඳින්වීය) 1884 දී චිකාගෝ හි සමුළුවක් පැවැත්වීය. එහිදී සංවිධානාත්මක වෙළඳ හා කම්කරු සංගම් සම්මේලනය(FOTLU)  ප්‍රකාශ කළේ “ එක් අයෙක් දිනකට පැය අටක් පමණක් වැඩ කල යුතු බවත් එය 1886 මැයි 1 සිට ක්‍රියාත්මක වන බවත්ය". 

ඊළඟ වසරේ ඇමරිකාවේ විශාලතම කම්කරු සංවිධානය වන නයිට්ස් ඔෆ් ලේබර්ද මෙම ප්‍රකාශයට සහාය දැක්වූයේය. 1886 මැයි 1 වන දින, ව්‍යාපාර 13,000 කින් කම්කරුවන් 300,000 කට වැඩි ප්‍රමාණයක් (චිකාගෝ හි පමණක් 40,000 ක්) රට පුරා සිය රැකියාවෙන් ඉවත් වූහ.  ඊළඟ දිනවලදී, තවත් කම්කරුවන් එක් වූ අතර වැඩ වර්ජකයන්ගේ සංඛ්‍යාව 100,000 කට ආසන්න විය.

සමස්තයක් ලෙස ගත් කල, විරෝධතා සාමකාමී විය. නමුත් සියල්ල වෙනස් වූයේ මැයි 3 වනදා චිකාගෝ පොලිසිය සහ කම්කරුවන් මැක්කෝමික් රීපර් වර්ක්ස් හි ගැටුම් ඇති වීමත් සමගය.  කම්කරුවන් කිහිප දෙනෙකු පොලීසිය විසින් ඝාතනය කළ අතර තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු විය. 

මෙයට විරෝධය දැක්වීම සඳහා පසුදා හේමාකට් චතුරශ්‍රයේ රැළියක් සැලසුම් කරන ලදී. රැස්ව සිටි පිරිස විසුරුවා හැරීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණෙන විටම හඳුනා නොගත් පුද්ගලයෙකු බෝම්බයක් ඔවුන්ගේ දෙසට විසි කරන ලදී.  අවුල් සහගත තත්ත්වයක් ඇති වූ අතර එදින සිදු වූ ගැටුම් හේතුවෙන් අවම වශයෙන් පොලිස් නිලධාරීන් හත් දෙනෙකු සහ සිවිල් වැසියන් අට දෙනෙකු මිය ගියහ.

හේමාකට් කෝලාහලය මගින් ජාතික මර්දන රැල්ලක් ඇති කළේය. 1886 අගෝස්තු මාසයේදී, ස්ථිර සාක්ෂි නොතිබුණද, පුද්ගලයින් අට දෙනෙකු බෝම්බ හෙලීමට විත්තිකරුවන් කරමින්  සංවේදී හා මතභේදාත්මක නඩු විභාගයකින් පසු වරදකරුවන් කරනු ලැබීය.  ජූරි සභාව මහා ව්‍යාපාර සමඟ බැඳීම් ඇති පක්ෂග්‍රාහී එකක්  යැයි බොහෝ දෙනා හදුන්වනු ලැබීය.

වරදකරුවන් වූ හත් දෙනෙකුට මරණ දඬුවම හිමි වූ අතර අටවන තැනැත්තාට වසර 15 ක සිර දඬුවමක් නියම විය.  අවසානයේදී, මිනිසුන් සිව්දෙනෙකු එල්ලා මරා දමන ලද අතර, එක් අයෙකු සියදිවි නසා ගත් අතර ඉතිරි තිදෙනාට වසර හයකට පසුව සමාව දෙන ලදී.

හේමාකට් කෝලාහලයෙන් හා ඉන් පසුව ඇති වූ නඩු විභාගවලින් ලෝකය කම්පනයට පත් වී වසර කිහිපයකට පසු යුරෝපයේ සමාජවාදී හා කම්කරු පක්ෂවල අලුතින් පිහිටුවන ලද සන්ධානයක් “හේමාකට් දිවි පිදූවන්ට” ගෞරව දැක්වීම සඳහා උද්ඝෝෂණයක් සිදු කිරීමට අවසර ඉල්ලා සිටියේය.  1890 දී ලන්ඩනයේ පැවති මෙම මැයි දින රැලියට 300,000 කට අධික පිරිසක් පැමිණ විරෝධතා දැක්වූහ.

මැයි 1 වන දින කම්කරුවන්ගේ ඉතිහාසය, අවසානයේ සමාජවාදී හෝ කොමියුනිස්ට් බලපෑම්  ඇති ආණ්ඩු පමණක් නොව ලොව පුරා බොහෝ රජයන් විසින් පිළිගනු ලැබීය. අද වන විට මැයි දිනය රටවල් 66 ක නිල නිවාඩු දිනයක් වන අතර තවත් බොහෝ රටවල නිල නොවන ලෙස සමරනු ලබයි.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
විවිධාකාර සැමරුම් රාශියක් ඇති මැයි දිනයේ ඉතිහාසය (May Day) විවිධාකාර සැමරුම් රාශියක් ඇති මැයි දිනයේ ඉතිහාසය (May Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 25, 2021 Rating: 5

0 comments:

Post a Comment