ජපන් පෑන් කේක් හදමු 🥞🥞🥞 (Japanese Pancake Hadamu)

ජපන් පෑන් කේක් හදමු 🥞🥞🥞 (Japanese Pancake Hadamu) - Your Choice Way

ජපන් පෑන් කේක් එක හරිම Soft පෑන් කේක් එකක්. අපිට මේක අවුරුද්දට වැඩි බාබාලට දෙන්නත් පුළුවන්. උඩින් පැණි ටිකක් දාලා රස කර කර කන්න. එහෙමනම් අපි හදමු ජපන් පෑන් කේක්. 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🥞 පාන් පිටි 1 cup
  • 🥞 කුඩු කරගත් සීනී ¼ cup
  • 🥞 බේකින් පවුඩර් ½ tsp (තේ හැදි)
  • 🥞 බේකින් සෝඩා ½ tsp  (තේ හැදි)
  • 🥞 පිරිසිදු පොල්තෙල් ¼ cup
  • 🥞 විනාකිරි 1 tsp  (තේ හැදි)
  • 🥞 නැවුම් කිරි ½ cup

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම පාන් පිටි, සීනී, බේකින් පවුඩර්, බේකින් සෝඩා, තෙල්,  විනාකිරි භාජනයකට දමා හොදින් කලවම් කරන්න.
  2. ඉන්පසු එම මිශ්‍රනයට නැවුම් කිරි එක්කර නැවත හොදින් කලවම් කරන්න. (මිනිත්තු 2ක් පමණ)
  3. දැන් Pan එකක බටර් ස්වල්පයක් ආලේප කර රත් වු විට රවුම් හැඩැති Mould එකක්  Pan එක උඩ තබන්න.
  4. ඉන්පසු මිශ්‍රනයෙන් කොටසක් Mould එකේ භාගයක් වැහෙන්න දමන්න. (පිපිමට Mould එකේ ඉතිරි ඉඩ තබන්න)
  5. දැන් පියනකින් වසා අඩුම ගින්දරේ මිනිත්තු 10ක් පමණ තබන්න.
  6. ඉන්පසු අනෙක් පැත්ත හරවා මිනිත්තු 5ක් වසා තබා ලිපෙන් බා ගන්න.
ජපන් පෑන් කේක් හදමු 🥞🥞🥞 (Japanese Pancake Hadamu) - Your Choice Way
මේ Japanese Pancake හදලා බලලා අපිටත් රස කියන්න.අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...රස පදම

රස පදම ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ජපන් පෑන් කේක් හදමු 🥞🥞🥞 (Japanese Pancake Hadamu) ජපන් පෑන් කේක් හදමු 🥞🥞🥞 (Japanese Pancake Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 13, 2021 Rating: 5

0 comments:

Post a Comment