Hamadema Wenne Hodatai Song Lyrics - හැමදේම වෙන්නෙ හොදටයි ගීතයේ පද පෙළ

Hamadema Wenne Hodatai Song Lyrics - හැමදේම වෙන්නෙ හොදටයි ගීතයේ පද පෙළ
Song Title : Hamadema Wenne Hodatai (හැමදේම වෙන්නෙ හොදටයි)
ගායනය : සුනිල් පෙරේරා (ජිප්සීස්)


හැමදේම වෙන්නෙ හොදටයි
හැමදේම වෙන්නෙ අපටයි
දුක්වෙන්නෙපා ලතැවෙන්නෙපා
හැමදේම වෙන්නෙ හොදටයි...//

ක්ලාක් කෙනෙක් ලෙස කොම්පැනියක මම
රස්සාවක් කෙරුවා..
කොම්පැනි ලොක්කා කේලම් අහලා
මාව දොට්ට දැම්මා..
ජොබ් එක ගහල ගියා යන එනමං නැතිව ගියා..
ඔහොම ඉන්නකොට බිරිදගේ කීමට
පොඩි කඩයක් ඇරියා..
ටික ටික දියුණු වුනා සැප සම්පත් හැම ලැබුනා..
එදා ජොබ් එකෙන් මාව අස් කලේ
හොදටයි මට හිතුනා..
මගේ හොදටයි මට හිතුනා...

හැමදේම වෙන්නෙ හොදටයි
හැමදේම වෙන්නෙ අපටයි
දුක්වෙන්නෙපා ලතැවෙන්නෙපා
හැමදේම වෙන්නෙ හොදටයි...//

හිතන පතන හැමදේම ඒ ලෙසින් බෑ ඉටුකරගන්න..
නොසිතූ දේ සිදුවුනත් ජීවිතේ ඉවසීමෙන් ඉන්න..
කළබල වෙන්න එපා - කිසිවිට බිය වන්න එපා
එන හැමදේටම ආත්ම ශතක්තිය ඇතිව මුහුණ දෙන්න..

හදවතට සවන් දෙන්න - ඒ අනුව වැඩකරන්න..
හොදදේ කෙරුවොත් විපතක් සැපතට
පෙරලෙනවා ඔන්න..
ඒ බව දැනගෙන ඉන්න...

හැමදේම වෙන්නෙ හොදටයි
හැමදේම වෙන්නෙ අපටයි
දුක්වෙන්නෙපා ලතැවෙන්නෙපා
හැමදේම වෙන්නෙ හොදටයි...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hamadema Wenne Hodatai Song Lyrics - හැමදේම වෙන්නෙ හොදටයි ගීතයේ පද පෙළ Hamadema Wenne Hodatai Song Lyrics - හැමදේම වෙන්නෙ හොදටයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 06, 2021 Rating: 5

0 comments:

Post a Comment