Hada Mage Sanasanna Song Lyrics - හද මාගේ සනසන්න ගීතයේ පද පෙළ

Hada Mage Sanasanna Song Lyrics - හද මාගේ සනසන්න ගීතයේ පද පෙළ

Hada Mage Sanasanna Song Lyrics - හද මාගේ සනසන්න ගීතයේ පද පෙළ

Song Title : Hada Mage Sanasanna (හද මාගේ සනසන්න)
ගායනය : කීර්ති පැස්කුවෙල්, නිරෝෂා විරාජිනී
සංගීතය : කසුන් පැස්කුවෙල්
ගී පද : අනුර මාගලගේ


හද මාගේ සනසන්න සඳ රේණුවේ
හිත ගාව ළඟ ඉන්න රෑ සීතලේ
පියඹාලා ළං වෙන්න මේ යාමයේ
පෙම් සිහින සිතුවම් මැවේ //

රහසේම සිප ගන්න ආවාද මන්දා
පෙම් සිහින හැඟුමන් හදේ කොඳුරලා
ආදරේ පෙම් පවස දැනිලාද මන්දා
ඔබේ ප්‍රේම හැඟුමන් හදේ විසිරිලා
මින්දදගේ හී සරය වැදිලා හදේ
සිත බැඳුනා මගේ සෙනෙහේ

හද මාගේ සනසන්න සඳ රේණුවේ
හිත ගාව ළඟ ඉන්න රෑ සීතලේ
පියඹාලා ළං වෙන්න මේ යාමයේ
පෙම් සිහින සිතුවම් මැවේ

රෑ අහසේ තරු රෑන හොරැහින් බලාලා
සඳ තරුද අපේ පෙමට ඉඟි බිඟි කලා
ඒ සිහිනේ පෙම අපගෙ තරු වාගේ දිලිලා
තරුවයි සඳයි සේම ඉමු එකට බැඳිලා
මින්දදගේ හී සරය වැදිලා හදේ
සිත බැඳුනා මගේ සෙනෙහේ

හද මාගේ සනසන්න සඳ රේණුවේ
හිත ගාව ළඟ ඉන්න රෑ සීතලේ
පියඹාලා ළං වෙන්න මේ යාමයේ
පෙම් සිහින සිතුවම් මැවේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hada Mage Sanasanna Song Lyrics - හද මාගේ සනසන්න ගීතයේ පද පෙළ Hada Mage Sanasanna Song Lyrics - හද මාගේ සනසන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 09, 2021 Rating: 5

0 comments:

Post a Comment