Diwi Thawalama Perata Yathi Song Lyrics - දිවි තවලම පෙරට යතී ගීතයේ පද පෙළ

Diwi Thawalama Perata Yathi Song Lyrics - දිවි තවලම පෙරට යතී ගීතයේ පද පෙළ

Diwi Thawalama Perata Yathi Song Lyrics - දිවි තවලම පෙරට යතී ගීතයේ පද පෙළ
Song Title : Diwi Thawalama Perata Yathi (දිවි තවලම පෙරට යතී)
ගායනය : විජය කුමාරතුංග සහ මාලිනී බුලත්සිංහල
පද හා තනුව : උපාලි අත්තනායක


දිවි තවලම පෙරට යතී
කෙම් බිම් ළඟ ළඟම ඇතී
ජය මාවත මල් ඇතුරූ
සුව යහනක් නොම වේ

ගිරි හෙල් කඳු ශිඛර ඇතේ
කෙත් මිටියාවත් හමුවේ
ජය මාවත කම්කටොලූ
පිරි කටු ලැහැබක් නොම වේ

පැරණි කියුම්
පැරණි විකුම්
ගුණ වැනුමට නඟලා
අප රවටන්
රට රවටන්
බොදු කිතු දම් හලලා

දිව පිනවන්
කන පිනවන්
විලාසිතා ඇඟ ලා
නටන නැටුම් කෙළවර වෙයි
නිරා දුකට වැටිලා

දිවි තවලම පෙරට යතී
කෙම් බිම් ළඟ ළඟම ඇතී
ජය මාවත මල් ඇතුරූ
සුව යහනක් නොම වේ

ගිරි හෙල් කඳු ශිඛර ඇතේ
කෙත් මිටියාවත් හමුවේ
ජය මාවත කම්කටොලූ
පිරි කටු ලැහැබක් නොම වේ

මුසාවකින්
මුලාවකින්
සිත රැවටෙන්න එපා
වහල් සිතින්
බියෙන් සැකෙන්
වත ගොළු වෙන්න එපා

උදාර වූ
මිනිස් ගුණේ
වැනසී යන්න එපා
වලාකුළේ කඩා වැටෙන්
සඳ අහුරන්න එපා

දිවි තවලම පෙරට යතී
කෙම් බිම් ළඟ ළඟම ඇතී
ජය මාවත මල් ඇතුරූ
සුව යහනක් නොම වේ

ගිරි හෙල් කඳු ශිඛර ඇතේ
කෙත් මිටියාවත් හමුවේ
ජය මාවත කම්කටොලූ
පිරි කටු ලැහැබක් නොම වේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Diwi Thawalama Perata Yathi Song Lyrics - දිවි තවලම පෙරට යතී ගීතයේ පද පෙළ Diwi Thawalama Perata Yathi Song Lyrics - දිවි තවලම පෙරට යතී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 22, 2021 Rating: 5

0 comments:

Post a Comment