ඔමාහා වෙරළේ මෘගයා (The Beast Of Omaha)

ඔමාහා වෙරළේ මෘගයා (The Beast Of Omaha) - Your Choice Way
"ඉතිහාසය සෑම විටම ලියනු ලබන්නේ ජයග්‍රාහී පාර්ශවය විසිනි."

වීරයෙකු, දුෂ්ඨයෙකුගෙන් වෙනස් කොට හඳුනා ගත හැකි සාධකය කුමක් ද?  ප්‍රතිවිරුද්ධ පිලේ 1000 කට වඩා මරා දැමූ අයෙක් තම රටට කළ සේවය හේතුවෙන් වීරයෙකු ලෙස ගෞරවයට පාත්‍ර විය හැකිය. නමුත් අනෙක් අතට මෙලෙස ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයාම විරුද්ධ පිළේ සාමාජිකයන් විසින් තිරිසනෙකු, ම්ලේච්ඡයෙකු ලෙස හදුන්වනු ලබයි. අද අප කතා නායකයාද එවැනිම තත්ත්වයකට මුහුණ දුන් පුද්ගලයෙකි. හෙන්රිච් සෙවර්ලෝ නම් මේ ජර්මානු වෙර්මාච්ට්(ජර්මන් හමුදාව) සොල්දාදුවා සුප්‍රසිද්ධ ඕවර්ලෝඩ් මෙහෙයුමේදී (Operation Overlord) ඔමාහා වෙරළ තීරයේ සේවය කරන ලදී.

සෙවර්ලෝ උපත ලැබුවේ උතුරු ජර්මනියේ ලෙනබර්ග් හීත් හි මෙට්සින්ගන් හි ගොවි පවුලක ය. හිට්ලර්ගේ ජර්මනිය නැවත සන්නද්ධ කිරීමේ වැඩසටහන යටතේ ඔහුගේ පවුල වැනි ගොවි පවුල් වලට මුදල් ගලා ගෙන එන්නට විය. එහෙත් ඔහුගේ තරුණ විය එතරම් හොදින් ගත වූයේ නැත. ඔහුගේ වයසේ පසු වූ බොහෝ දෙනෙකු මෙන් 1942 ජූලි 23 වන දින එනම් ඔහුට වයස අවුරුදු 19ක් පමණ වන විට වෙර්මාච්ට් වෙත බැඳීමට ඔහුටද සිදු විය. 

සෙවර්ලෝව හැනෝවර් හි 19 වන සැහැල්ලු කාලතුවක්කු ප්‍රතිස්ථාපන අංශයට අනුයුක්ත කරන ලදී. පසුව ඔහු අගෝස්තු මාසයේදී ප්‍රංශයට මාරු කරනු ලැබූ අතර දෙසැම්බර් දක්වා පුහුණුවීම් සඳහා නැගෙනහිර පෙරමුණට යවන ලදී. නමුත් කෙටි කලක් එහි සේවය කරමින් සිටියදී ඔහු එහි ක්‍රියාකලාපය පිළිබඳ විශාල ලෙස කලකිරීමකට පත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු හමුදාව විවේචනය කරමින් විරුද්ධ මත පළ කරන ලදී. එයට දඩුවමක් ලෙස ඔහුට ඉතා අපහසු කාර්යයන් කිරීමට සිදු වූ අතර එම නිසා ඉතා විශාල ලෙස සෞඛ්‍ය අතින් පිරිහුණු ඔහු මාස හයකට අධික කාලයක් රෝහලේ ගත කරන ලදී.

මාස හයකට පසු රෝහලෙන් පිට වූ ඔහු විවේක ලබා ගැනීම සදහා සිය දෙමාපියන්ගේ ගොවිපල වෙත ආපසු යන ලදී. එහිදී ඔහු ගොවිපල කාර්යයන් සදහා සිය දෙමාපියන්ට උපකාර කරමින් විවේක සුවයෙන් පසු විය. එහෙත් එම විවේකය එක වර නතර වූයේ හදිසියේම යළි සේවය සදහා ඔහුව නොර්මන්ඩි වලට කැද වීමත් සමගය. මිත්‍ර හමුදා අතර තම නාමය සනිටුවහන් කිරීමට හැකි වූ ඒ තීරණාත්මක ගමන ඔහු ඇරඹියේ ඒ අනුවය.

1944 ජුනි 6 වන දින අළුයම 5 ට පමණ ඔමාහා වෙරළ තීරය හරහා පළමු වෙඩි පහර පත්තු විය. එයත් සමග ඇමරිකානු හිගින්ස් බෝට්ටු එක පෙලට මුහුදු වෙරළට ගොඩ බැසීම ආරම්භ විය. 

මෙහිදී සෙවර්ලෝට භාර වූයේ බංකරයක් තුළ සිට ජර්මානු MG42 වර්ගයේ  මැෂින් තුවක්කුවකින් වෙඩි තැබීමටය. ඔහුගේ ලුතිනන් ඔහුට කියා සිටියේ ඔහුගේ උණ්ඩ ඉවර වන තුරු වෙඩි තැබීම නතර නොකරන ලෙසයි. සෙවර්ලෝ හදුනන්නේ නැති සැරයන්වරයෙකු විසින් ඔහුට පතොරම් සපයනු ලැබීය.

මිත්‍ර පාක්ෂිකයන් එක දිගට වෙරළ තිරය දිගේ ඉදිරියට ඇදුනු අතර සෙවර්ලෝ ද එක දිගට තම අවියෙන් වෙඩි තැබීය. එක දිගට වෙඩි තැබීම නිසා අවිය රත් වීම සිදු වූ අතර යළි එය සිසිල් වන තෙක් ඔහු තම Karabiner 98k අවියෙන්ද වෙඩි තැබීය.

පැය 9 ක අඛණ්ඩ සටනකින් පසු සෙවර්ලෝ සිය MG42 අවියෙන් වෙඩි උණ්ඩ 13,500 ක් නිකුත් කරන ලද අතර තවත් වෙඩි උණ්ඩ 500 ක් Karabiner 98k  රයිෆල් දෙකකින් නිකුත් කරන ලදී.  මෙම කාලය තුළ ඔහු මිත්‍ර පාක්ෂික සොල්දාදුවන් 1000කට අධික සංඛ්‍යාවක් ඝාතනය කිරීමට සමත් වූ අතර තවත් සමහර වාර්තා වලට අනුව එම අගය 2500කට අධික වේ යැයි ගණන් බලා තිබේ. 

ලිපියේ මුලදී සදහන් කළ ආකාරයට ඔබ සිටිනා පැත්ත අනුව ඔහුව වීරයෙක් හෝ දුෂ්ඨයෙක් බවට පත් වේ. මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඔබ ජර්මානු පැත්තේ සිටියා නම් ඔබ සෙවර්ලෝගේ ක්‍රියා වීරයෙකුගේ ක්‍රියාවන් ලෙස සිතනු ඇත. ඔහුගේ සෙසු සගයන් පලා යද්දී තම මව් ජාතියේ අවශ්‍යතාව ආරක්ෂා කිරීම සඳහා මේ මිනිසා අභිතව ඉදිරිපත් විය.

අනෙක් අතට ඔහුගේ මෙම ක්‍රියාවන් නිසා තරුණ ජීවිත 2000ක් පමණ අහිමි වීමට මග පෑදී ඇත. පසුව මිත්‍ර පාක්ෂිකයන් විසින් ඔහුව අල්ලා ගන්නා ලද අතර එහෙත් ඔවුන් කිසිවෙකුත් ඔහුගේ මේ ක්‍රියාව පිළිබඳව නොදැන සිටින ලදී. පසුව ඔහු මේ පිළිබඳව ග්‍රන්ථයක් රචනා කරන ලද අතර එහිදී ලෝකය මේ පිළිබඳව දැන ගන්නා ලදී.

යුද්ධයේ ජයග්රාහකයා සෑම විටම ඉතිහාසය තීරණය කරනු ලබයි. සෙවර්ලෝ වැනි අයෙකු වීරයෙකු වෙනුවට මෘගයෙකු ලෙස සළකන්නේ මේ නිසා ය. මිත්‍ර හමුදා සෙබළෙක් මේ හා සමාන දෙයක් කලා නම් ඔහු යුද හමුදා ප්‍රජාව තුළ වීරයෙකු ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

විශ්මිත ඉතිහාසය
ඔමාහා වෙරළේ මෘගයා (The Beast Of Omaha) - Your Choice Way
ජර්මානු එම්ජී 42 මැෂින් තුවක්කු බංකරයක් ප්‍රංශයේ නොර්මන්ඩි හි ඔමාහා වෙරළේදී 1944 දී.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඔමාහා වෙරළේ මෘගයා (The Beast Of Omaha) ඔමාහා වෙරළේ මෘගයා (The Beast Of Omaha) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 03, 2021 Rating: 5

0 comments:

Post a Comment