අඩ හදමු (Ada Hadamu)

අඩ හදමු (Ada Hadamu) - Your Choice Way
අද මම ☕ වෙලාවට කන්න අඩ හැදුවා . අනේ හරිම දුකයි හරියට හැඩය ආවේ නැහැ නේ.  මම  දැම්මේ ස්ටේන් ලස් ස්ටීල් අයිස් ක්‍රීම් කප් වල . ඒවගේම තද පාට ආවෙත් නැහැ . මම දුඹුරු පාට කලරින් දැම්මේ නැහැ . ඒක එච්චර මම හිතුවේ නැහැ . රස නම් හොදට තියෙනවා . හැදුවේ මෙහෙමයි .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පිටි   250g + 50g
  • බටර්   25g
  • බිත්තර 1 
  • ලුනු තේ හැදි   1/4
  • ඊස්ට් තේ හැදි 1 
  • සීනි 200g 
  • මද උණුසුම් වතුර මේස හැදි 4

✅ සාදා ගන්නා ආකාරය :

  1. තරමක බෝල් එකකට ඊස්ට් , සීනි තේ හැදි 1 , මද උණුසුම් වතුර මේස හැදි 4 දමා මිශ්‍ර කර විනාඩි 10 වසා පිපෙන්න තබන්න .
  2. භාජනයකට පාන් පිටි , මාජරින් , ලුනු සහ ඊස්ට් ටික දමා හොඳින් මිශ්‍ර කරන්න .
  3. පසුව වතුර මේස හැදි 4 දමා හැදි මිටකින් අනන්න.(විනාඩි 5 පමණ)
  4. පසුව සවියට් එකකින් වසා විනාඩි 30 පමණ පිපෙන්න තබන්න .
  5. එම වේලාව අතරතුර අඩ සාදන භාජන වල මාජරින් ගා පිටි ටිකක් ඉහ ගන්න .
  6. විනාඩි 30ට පසු සිනි ටික ටික දමමින් මිශ්‍ර කරන්න . ඩෝ එක දියාරු වේ. එවුනාට කමක් නැහැ . 
  7. තව වතුර මේස හැදි 2 දමා අතින් අනන්න . 
  8. දැන් ඉතිරි පිටි 50g ටික ටික දමමින් අනන්න . 
  9. දැන් වැනිලා , බේකිං පවුඩර් සහ බේකිං සෝඩා එකතු කර හොඳින් අනන්න . 
  10. තව වතුර මේස හැදි 5 පමණ දමා ව්ස්ක් එකකින් බීට් කරන්න . තරමක දියාරු බැටර් එකක් සාදා ගන්න .(පහල පින්තූරයේ පෙන්වා ඇති පරිදි ). 
  11. අවන් එක 180 ට විනාඩි 10 pre heat වෙන්න දාන්න . .
  12. එම වේලාව අතරතුර සාදා ගත් මිශ්‍රණය අඩ දාන්න  ලැස්ති කර ගත් භාජන වලට දමා විනාඩි 20 පමණ බේක් කරන්න . 
  13. විනාඩි 20ට පසු ටූත් පික් එකක් ගසා බලන්න .

Dhammika Panangala (ධම්මිකා පනංගල)
අඩ හදමු (Ada Hadamu) - Your Choice Way

අඩ හදමු (Ada Hadamu) - Your Choice Way

අඩ හදමු (Ada Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අඩ හදමු (Ada Hadamu) අඩ හදමු (Ada Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 26, 2021 Rating: 5

0 comments:

Post a Comment