දින 6 ක් තුළ අරාබි රටවල් තුනකට එරෙහිව ඊශ්‍රායලය දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් අයුරු (Israel's Greatest Victory)

දින 6 ක් තුළ අරාබි රටවල් තුනකට එරෙහිව ඊශ්‍රායලය දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් අයුරු (Israel's Greatest Victory) - Your Choice Way
1967 ජුනි මස 5 වන දින නව ඊශ්‍රායල් රාජ්‍යයට එක් අයෙකුට එරෙහිව නොව එහි අරාබි අසල්වැසියන් තිදෙනෙකුට එරෙහිව එකවර යුධ වැදීමට සිදු විය. එහෙත් සතියක තරම් කෙටි කාලයකදී ඉහළ අවි බලයක් සහ දැවැන්ත හමුදාවක් සිටියද මේ නව රාජ්‍යයට එරෙහිව අරාබිවරුන්ට නින්දිත පරාජයක් ලැබීමට සිදු විය.

අනෙක් අතට මෙම කාලය තුළදී ඊශ්‍රායලය සිය පාලනය යටතේ තිබූ ප්‍රදේශ දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් විශාල කර ගැනීමටද සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග සියලු දෙනාම මවිතයට පත් වූයේ මෙම විශ්මිත ජයග්‍රහණය ඊශ්‍රායලය ලබා ගත්තේ කෙසේද යන්නයි. අලුතින් පිහිටුවන ලද රාජ්‍යයක් වූ ඊශ්‍රායලය මෙසේ ජාතීන් කිහිපයකට එරෙහිව එකවර යුද්ධයක් ජයග්‍රහණය කළේ කෙසේද යන්න පිළිබඳ අද අප අවධානය යොමු කරමු.

ඊශ්‍රායලයට සහ එහි අරාබි අසල්වැසියන්ට යුධ වැදීමට ඕනැවටත් වඩා හේතු තිබේ. ඊජිප්තුව හරහා ගමන් කරන කලාපයේ ඉතා වැදගත් ජල මාර්ගවලින් එකක් වන සූවස් ඇළ ඔස්සේ යුරෝපයට අවශ්‍ය කරන තෙල්වලින් තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කරනු ලබයි. එහෙත් ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දෙල් නසාර් විසින් මෙම ඇළ ජනසතු කිරීමට තීරණය කරන ලදී. එයත් සමග බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඊශ්‍රායලය වැනි රටවලට මෙම ඇල මාර්ගය ඔස්සේ එන ප්‍රවාහන නතර වූ අතර මෙයත් සමග සූවස් අර්බුදයේ (Suez crisis) ආරම්භය සනිටුහන් විය.

එහි ප්‍රතිඵලයක් ලෙස 1956 ඔක්තෝබර් 29 වන දින ඊශ්‍රායලයේ සන්නද්ධ හමුදා සූවස් ඇළ ඔස්සේ ඊජිප්තුවට පැමිණියේය. එහෙත් ජාත්‍යන්තර බලපෑම් හේතුවෙන් ඊශ්‍රායල් හමුදාවන්ට ඉක්මනින් එම කලාපයෙන් ඉවත් වීමට සිදුවිය. මෙම සිද්ධියෙන් පසුව එක්සත් ජාතීන්ගේ සාම සාධක සෙබළුන් දේශ සීමාව පුරා යෙදවූ අතර කිසිදු රටක යුද්ධයක් ඇති නොවීමට ඔවුන් උත්සාහ ගන්නා ලදී.

එමෙන්ම ජෝර්දාන් ගඟේ හා කිනරෙට් විලෙහි ජලය සූරාකෑමේ ගැටලුව සම්බන්ධයෙන්ද කලාපයේ වැඩිවෙමින් පැවති ගැටුම් හේතුවෙන් 1963 සිටම යුද්ධයකට යන මාර්ගය ක්‍රමයෙන් සකස් වෙමින් පැවතුණි. මෙය සිරියානු ආරම්භක යුධ ගැටුම් උත්සන්න වීමටද හේතු විය. එමෙන්ම සිරියාව වැනි අරාබි රාජ්‍යයන්ගේ සහාය ඇතිව ඊශ්‍රායලය මත පලස්තීන ත්‍රස්ත ක්‍රියා වැඩිවීමද සිදු විය.

මෙයට අමතරව යුද්ධයක් ඇති වීමට ආසන්නතම හේතුව ලෙස ආරාබිවරුන් ගෝලීය වශයෙන් ඊශ්‍රායලයට නින්දා කිරීම සහ ඔවුන් හුදෙකලා කිරීමේ උත්සාහයක යෙදී සිටීම දැක්විය හැක. ඊට අමතරව ඔවුන් ඊශ්‍රායලයට විරුද්ධව කුරිරු හා ප්‍රකෝපකාරී ප්‍රකාශ මාලාවන්ද ඉදිරිපත් කරනු ලැබීය. 

සිරියානු ආරක්ෂක ඇමති හෆීස් අසාද් වරක් ප්‍රකාශ කර සිටියේ "මම විශ්වාස කරන්නේ සමූල ඝාතන කළ යුතු සටනකට එළඹීමට කාලය පැමිණ ඇති බවයි". ඉරාකයේ ජනාධිපති හජි අබ්දුල් රහ්මාන් අරිෆ් ජාතික ගුවන් විදුලියෙන් ඊශ්‍රායලය පිළිබඳව ඊටත් වඩා සංවේදී ප්‍රකාශයක් නිකුත් කරන ලදී. ඔහු පැවසුවේ "ඊශ්‍රායලයේ පැවැත්ම යනු නිවැරදි කළ යුතු දෝෂයකි. 1948 සිට අප සමඟ ඇති මේ ඊශ්‍රායෙලයේ අපකීර්තිය අතුගා දැමීමට දැන් කාලයයි. අපගේ ඉලක්කය පැහැදිලිය. ඒ ඊශ්‍රායලය ලෝක  සිතියමෙන් අතුගා දැමීමයි".

මැද පෙරදිග සමස්ත භූගෝලීය පිහටීමම වෙනස් කිරීමට සමත් වූ මේ ඊශ්‍රායලයට එරෙහිව ඊජිප්තු, ජෝර්දාන සහ සිරියානු අරාබි සන්ධානය අතර දින හයක යුද්ධය ආරම්භ වීමට හේතු වූයේ මෙලෙස කාලයක් පුරා ඇදෙමින් තිබූ හේතූන් ගණනාවකි.

1967 මැයි මාසයේදී සෝවියට් සංගමය විසින් ව්‍යාජ බුද්ධි වාර්තාවක් ඊජිප්තුවට යවන ලද අතර ඉන් කියැවුණේ ඊශ්‍රායලය සිරියාවට එරෙහිව යුද්ධයකට සැරසෙන බවයි. මෙම සාවද්‍ය තොරතුර ඊශ්‍රායලය සහ එහි අරාබි අසල්වැසියන් අතර ආතතීන් තවදුරටත් උග්‍ර කිරීමට සමත් විය. 

මෙම බුද්ධි වාර්තාවට ප්‍රතිචාර වශයෙන් අරාබි සන්ධානය දේශසීමා ඔස්සේ දැවැන්ත හමුදා බලඇණි ස්ථානගත කිරීමට පටන් ගත්තේය. එමෙන්ම ඔවුන් දේශසීමා වල වසර 10කට වඩා වැඩි කාලයක් සේවයේ යෙදී සිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකා සෙබළුන්ට ද ඉන් ඉවත් වන ලෙස අණ කරන ලදී. 

මෙය ඊශ්‍රායලය කාලයක සිට බලාපොරොත්තුවෙන් සිටි සිදුවීමක් විය. ඊශ්‍රායලයේ යුධ සැළසුම්කරුවන් දිගු කලක් තිස්සේ ඇදී යන යුද්ධයක ඔවුන්ට සටන් කිරීමට නොහැකි බව වටහා ගෙන තිබුණි. මක්නිසාද යත් ඒකාබද්ධ අරාබි බලවතුන් තරම් මිනිස්බලයක් හා තාක්‍ෂණයක් එකල ඔවුන් සතුව නොතිබුණි. මේ නිසා ඔවුන් ඉතා සූක්ෂම සැලැස්මක් සකස් කළ අතර යම්හෙයකින් ඔවුන් මෙම සටන පරාජය වුවහොත් යුදෙව් ඊශ්‍රායලයේ පැවැත්ම නැති වන බව ඔවුන් හොදින් දැන සිටින ලදී.

1967 මැයි වන විට ඊශ්‍රායල හමුදාව යුධ භටයින් 264,000 ක්, යුද ටැංකි 800 ක් සහ සටන් ගුවන් යානා 300 කින් සමන්විත වූ අතර ඒකාබද්ධ අරාබි සන්ධානයට හමුදා භටයන් 340,000 ක්, ටැංකි 1800 ක් සහ සටන් ගුවන් යානා 660 ක් තිබුණි. මේ අවස්ථාවේ සියලු දෙනාම සිතුවේ අරාබින් විසින් ඊශ්‍රායලය විනාශ කර දමනු ඇති බවයි. එහෙත් කිසිවෙකු නොදන්නා විශිෂ්ට සැලැස්මක් ඊශ්‍රායලය සතු විය.

1967 ජුනි 5 වන දින ඊශ්‍රායල ආරක්ෂක හමුදා විසින් ඔපරේෂන් ෆෝකස් නමින් හැඳින්වූ  ගුවන් ප්‍රහාරයක් ඊජිප්තුවට එරෙහිව දියත් කරන ලදී. මෙම වේගවත් සහ බලාපොරොත්තු නොවූ ගුවන් ප්‍රහාරය මගින් ඊජිප්තුවේ ගුවන් හමුදාව සියයට 90 කට වඩා විනාශ කර දැමීමට සමත් විය. ඊජිප්තු ගුවන් යානා 338 ක් මෙයින් විනාශ වූ අතර පසුව සිදු කරන ලද තවත් ප්‍රහාර වලින් ඉතිරි යානා ද විනාශ විය. 

ඊශ්‍රායල හමුදාවේ මෙහෙයුම් ඉලක්කය අපේක්‍ෂා කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් ඵලදායී වූ අතර ඔවුන්ගේ බලවත් ගුවන් හමුදාව භූමියේ අළු බවට පුළුස්සා දැමූ හෙයින් යටපත් වූ ඊජිප්තුවරුන්ට බලා සිටීම හැර වෙන කිසිවක් කළ නොහැකි විය. මේ අතර මූලික වශයෙන් ඔවුන්ගේ සමස්ත ගුවන් ආරක්ෂක පහසුකම නැති වීම හේතුවෙන් ඊජිප්තුවරුන්ට ඔවුන්ගේ ආරක්ෂාවටද විශාල බලපෑමක් එල්ල කරන ලදී. සිරියානු ගුවන් හමුදාවට ද ඔවුන්ගේ ඊජිප්තු සගයන් මුහුණ දුන් ඉරණමම අත්විඳීමට සිදු විය.

ඊළඟ දින තුන ඇතුළත ඊශ්‍රායල හමුදා ගාසා තීරය සහ මුළු සීනයි අර්ධද්වීපයම සූවස් ඇළේ නැගෙනහිර ඉවුර දක්වා අල්ලා ගනිමින් භූමියේ අතිවිශාල ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් විය. ජුනි 7 වන විට ඊශ්‍රායල් හමුදා විසින් ජෝර්දාන හමුදාව නැගෙනහිර ජෙරුසලමෙන් සහ බටහිර ඉවුරෙන් පලවා හැරීමට සමත් විය. ජෙරුසලම අල්ලා ගැනීමත් සමග ඊශ්‍රායල සොල්දාදුවන් තුළ තිබූ චිත්ත ධෛර්ය තවත් වර්ධනය වූ අතර ඔවුන් එය උත්සව සංවිධානය කර සමරනු ලැබීය.

ගුවන් සහාය නොමැති වීම නිසා අරාබි හමුදාවන්ට භූමියේදී අනුකම්පා විරහිත ප්‍රහාරයන්ට මුහුණ දීමට සිදු විය. ඊජිප්තු සොල්දාදුවන් 11,000 කට වැඩි සංඛ්‍යාවක්, ජෝර්දාන් සොල්දාදුවන් 6,000 ක්, සිරියානු සොල්දාදුවන් 1,000 ක් මෙම පැය 132 ක් පමණ පැවති සටනනින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ගණන් බලා තිබේ. ඊශ්‍රායල් සොල්දාදුවන් මිය ගොස් ඇත්තේ 700ක් පමණි.

ජුනි 7 වන දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මැදිහත් වී සටන් විරාමයක් ඉල්ලා සිටි අතර ඊශ්‍රායලය සහ ජෝර්දානය වහාම එයට එකඟ විය. ඊළඟ දවසේ ඊජිප්තුවත් එයම අනුගමනය කරන ලදී. එහෙත් සිරියාව එයට සම්බන්ධ නොවූ අතර ඔවුන් දිගින් දිගටම උතුරු ඊශ්‍රායලයට බෝම්බ හෙලීම් සිදු කරන ලදී. මේ නිසා  ජුනි 9 වන දින ඊශ්‍රායලය ගෝලාන් කඳු මුදුනේ සිටි සිරියානු හමුදාවන්ට ප්‍රහාරයක් එල්ල කළ අතර දිනක දැඩි සටනකින් පසුව එය අල්ලා ගැනීමට ඔවුන් සමත් විය. සිරියාවද ජුනි 10 වන දින සටන් විරාමයට එකඟ වූ අතර එයත් සමග දින හයක් වැනි කෙටි කාලයක් පැවති මෙම යුද්ධයේ අවසානය රැගෙන එන ලදී.

මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමග ඊශ‍්‍රායලය කලාපයේ ප‍්‍රමුඛතම හමුදා බලවතා බවට පත් වීමට සමත් විය. ඇමරිකානුවන් පවා යුද්ධයෙන් පසු ඊශ්‍රායලය දෙස නැවුම් දෘෂ්ටිකෝණයකින් බැලීමට පටන් ගන්නා ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස නව මිත්‍රත්වයක ආරම්භය සනිටුහන් කිරීම සඳහා දෙරට අතර හමුදා ගිවිසුම් කිහිපයක් අත්සන් කරන ලදී. අනෙක් අතට මෙම පරාජයේ අඳුරු සෙවනැලි අරාබි පුරවැසියන් අතර මෙන්ම දේශපාලන ප්‍රභූන් අතරත් දිගු කලක් තිස්සේ හොල්මන් කරන ලදී.

එමෙන්ම මෙහි ප්‍රතිඵලයක් ලෙස බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ ප්‍රදේශවලට හිමිකම් කියමින් ඊශ්‍රායලය පලස්තීන අරාබිවරුන් මිලියනයක් පමණ ජීවත් වූ ප්‍රදේශයක් ද ලබා ගැනීමට කටයුතු කරන ලදී. ලක්ෂ ගණනක් පලස්තීනුවන් පසුව රැකවරණය පතා ඊශ්‍රායල පාලනයෙන් පලා ගියහ. සරණාගත අර්බුදය උග්‍ර වීම සහ එදින සිට විසදුමක් නොමැති කලාපයේ අඛණ්ඩ දේශපාලන නොසන්සුන්තාවයට සහ ප්‍රචණ්ඩත්වයට අඩිතාලමද වැටුණේ මෙම යුද්ධයේ ප්‍රථිපලයක් ලෙසය.

සාම සාකච්ඡා වට කිහිපයකින් පසුව 1982 දී සාම ගිවිසුමක කොටසක් ලෙස සීනයි අර්ධද්වීපය ඊජිප්තුවට ආපසු දීමට ඊශ්‍රායලය තීරණය කළ අතර 2005 දී ගාසා තීරයෙන් ඉවත් විය. නමුත් දින හයේ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ලබා ගත් ගෝලාන් හයිට්ස් සහ බටහිර ඉවුරෙහි හිමිකාරීත්වය දිගටම තබා ගැනීමට ඔවුන් කටයුතු කරන ලදී.

අරාබි-ඊශ්‍රායලය සාම සාකච්ඡාවලට ප්‍රධාන බාධාවක් ලෙස මෙම පළාත්වල තත්වය අඛණ්ඩව පවතින අතර ඕනෑම විශාල ජයග්‍රහණයකින් පසු වැඩිපුරම පීඩා විඳින්නේ එම ප්‍රදේශ වල වෙසෙන සාමාන්‍ය ජනතාව බව අපි අමතක නොකළ යුතු දෙයකි.

විශ්මිත ඉතිහාසය
දින 6 ක් තුළ අරාබි රටවල් තුනකට එරෙහිව ඊශ්‍රායලය දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් අයුරු (Israel's Greatest Victory) - Your Choice Way
සූවස් ඇළ කලාපයේ රාජකාරියේ යෙදී සිටින එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා

දින 6 ක් තුළ අරාබි රටවල් තුනකට එරෙහිව ඊශ්‍රායලය දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් අයුරු (Israel's Greatest Victory) - Your Choice Way
යුද්ධය ආරම්භ වීමටපෙර දේශසීමා දිගේ අරාබි හමුදා බලමුලු ගැන්වීම.

දින 6 ක් තුළ අරාබි රටවල් තුනකට එරෙහිව ඊශ්‍රායලය දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් අයුරු (Israel's Greatest Victory) - Your Choice Way
ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ඊජිප්තු ගුවන් යානා විනාශ කර දමා ඇති අයුරු

දින 6 ක් තුළ අරාබි රටවල් තුනකට එරෙහිව ඊශ්‍රායලය දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් අයුරු (Israel's Greatest Victory) - Your Choice Way
සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එය සමරන ඊශ්‍රායල් සොල්දාදුවන්

දින 6 ක් තුළ අරාබි රටවල් තුනකට එරෙහිව ඊශ්‍රායලය දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් අයුරු (Israel's Greatest Victory) - Your Choice Way
යුද්ධයට පෙර සහ පසු ඊශ්‍රායලයේ ව්‍යාප්තිය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දින 6 ක් තුළ අරාබි රටවල් තුනකට එරෙහිව ඊශ්‍රායලය දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් අයුරු (Israel's Greatest Victory) දින 6 ක් තුළ අරාබි රටවල් තුනකට එරෙහිව ඊශ්‍රායලය දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් අයුරු (Israel's Greatest Victory) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 07, 2021 Rating: 5

0 comments:

Post a Comment