Yauwane Song Lyrics - යෞවනේ ගීතයේ පද පෙළ

Yauwane Song Lyrics - යෞවනේ ගීතයේ පද පෙළ
Song Title : Yauwane (යෞවනේ)
Singing :Randhir Witana,Manasick,Ken Lappen
Composed by Randhir Witana
Music by Ken Lappen (Ken Lapen Studios)
Lyrics by Chandradasa Fernando
Rap lyrics and performance by Manasick (Drill Team Westnahira)
Mix & Master by Mahesh Kankanige
Lyric video artwork and animation by Miyuru Eranda (Miyu Comics)


පෙම් ගී රාවේ
නංවා ලංවී
හැන්දෑ යාමේ
යංකෝ පාවී
සිනා සිනා
කුසුම් වගේ
ලදුන් සොයා වසන්තයේ

ජීවිතේම වේදනාව
ඈත ඈත පාවී
ආදරයක මිහිරියාව
ඒවි සිතට යාවී
ජීවිතේම වේදනාව
ඈත ඈත පාවී
ආදරයක මිහිරියාව
ඒවි සිතට යාවී

සන්තාප සෝක හංගා
සන්තොස වෙන්න ඕනා
යෞවනේ වනේ මිහිර විදිනා කාලේ
ගී ගයන බඹරු වාගේ
මේ මල් වනේ පුරා
සොයලා යං යං
ආදරේ ලොවේ

හැරලන් සන්තාප දුකම පාග
මැඩලන් වාද
දමමු සාද
මේ ලෝකේ
යෝග රෝග
අපි දඩාවතේ
කෝක ඕක
අහං ග්‍රහපල
බලන් දහපොල
කල්පනා කර
යල් පැනකන්ම
දහමේ තියන
රහම යහම
පෙර කරපු පව් පිංම
අහන්න අහන්න
ඇහැ කොනිහං බැහැ නොකියං
ලැබුණු ජීවිතේ
ඇද නොකියං
ඔරොත්තු දියන්
ගොරකුන කියන්
දුවන්නේ මාරයත්
යකෙකු කියන්

සන්තෝස වෙන්න ඕනා
ඕනෙ ගමනක් යන්නට
ධනාත්මක අදහස්
අස්වෙයන් රස්සා නැතිනම්
හිත නිදහස්
යාළු ගොවියෙක්
උනොත් නැවියෙක්
වෙනවා නිසැකයි
කුඹුරත් පාලු
කැපුවොත් රුක
දළුලනවා
අහගෙන උනත් දෙමාපිය නඩු
යෞවනේ මිහිර විදිනා කාලේ
යමු හරිපාරේ
වරදින වැටෙනම ගානේ
දනිහෙන් ගනින්
පාඩම් සාරේ

සන්තාප සෝක හංගා
සන්තොස වෙන්න ඕනා
යෞවනේ වනේ මිහිර විදිනා කාලේ
ගී ගයන බඹරු වාගේ
මේ මල් වනේ පුරා
සොයලා යං යං
ආදරේ ලොවේ

පෙම් ගී රාවේ
නංවා ලංවී
හැන්දෑ යාමේ
යංකෝ පාවී
සිනා සිනා
කුසුම් වගේ
ලදුන් සොයා වසන්තයේ

ජීවිතේම වේදනාව
ඈත ඈත පාවී
ආදරයක මිහිරියාව
ඒවි සිතට යාවී
ජීවිතේම වේදනාව
ඈත ඈත පාවී
ආදරයක මිහිරියාව
ඒවි සිතට යාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yauwane Song Lyrics - යෞවනේ ගීතයේ පද පෙළ Yauwane Song Lyrics - යෞවනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 03, 2021 Rating: 5

0 comments:

Post a Comment