රාක්ෂයකුගේ මවකගේ කතාව - ඇඩොල්ෆ් හිට්ලර්ගේ මවගේ දුක්බර කතාව (The Sad Story Of The Mother)

රාක්ෂයකුගේ මවකගේ කතාව - ඇඩොල්ෆ් හිට්ලර්ගේ මවගේ දුක්බර කතාව (The Sad Story Of The Mother) - Your Choice Way
1860 දී උතුරු ඔස්ට්‍රියාවේ කුඩා නගරයක් වන ස්පිටල් හි උපත ලැබූ ක්ලාරා පල්සල් ඉතිහාසයේ ප්‍රකට චරිතයක් බවට පත්වූයේ ඇය තුළ සැබැවින්ම පැවති ගුණයහපත්කම් නිසා නොව ලොව විශාලතම සමූල ඝාතකයකු වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ මව වීම නිසාය. ක්ලාරා යනු ඉතා නිහතමානී, ප්‍රියජනක හා කාරුණික කාන්තාවක් වූ අතර ඇයගේ ඛේදනීය හා දුෂ්කර ජීවිතය නොතකා තම දරුවන් සියලු දෙනා බොහෝ ආදරයෙන් හා භක්තියෙන් ඇති දැඩි කළාය. ඇයගේ වාසනාවට මෙන් මෙම සුන්දර කාන්තාව තම ආදරණීය පුතු වූ ඇඩොල්ෆ් රාක්ෂයකු බවට පත් වූ ආකාරය දැක ගැනීමට තරම් කාලයක් ජීවත් නොවීය.

ජොහාන් බැප්ටිස්ට් පෝල්ස් සහ ජොහානා හයිඩ්ලර් යනු ක්ලාරාගේ දෙමාපියන් වූ අතර ඔවුන්ට දරුවන් එකොළොස් දෙනෙකු විය. එහෙත් ඉන් ජීවත් වීමට වාසනාව ලැබුවේ දරුවන් තිදෙනෙකු පමණි. ක්ලාරා එම දිවි ගලවාගත් දරුවන් තිදෙනාගෙන් වැඩිමලා විය. ඇයගේ දෙමාපියන් එම කලාපයේ කුඩා ගොවියන් විය.

ඇයට ඉතා කටුක ළමා කාලයක් තිබූ බව සදහන් වේ. ඇයට වයස අවුරුදු 16දී ඇයට තම නෑදෑ සොහොයුරෙකු වන ඇලෝයිස් හිට්ලර්ගේ නිවසේ සේවිකාවක් ලෙස සේවය කිරීමට සිදු විය. 

තිස් නව හැවිරිදි රේගු නිලධාරියෙකු වූ ඇලෝයිස් විවාහ වී සිටියේ ඔහුට වඩා අවුරුදු දාහතරක් වැඩිමහල් ඇනා ග්ලාස්ල් නම් කාන්තාව සමගය. එම විවාහය සිදු වන විටත් ඇනා ග්ලාස්ල් ඉතා දුර්වල සෞඛ්‍ය තත්වයක සිටියත් ඇලෝයිස් ඇය සමග විවාහ වූයේ ඇය සතුව ඉතා වැදගත් මහජන සම්බන්ධතා සහ හොඳ මූල්‍ය තත්ත්වයක් තිබූ නිසාය.

ඇනාගේ මේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය නිසා සහ ඇයගේ වයස නිසා ඇයට දරුවන් ලැබීමට හැකි නොවීය. මේ නිසා ඇලෝයිස් නිවසේ සිටි තවත් සේවිකාවක් වූ ෆ්‍රැන්සිස්කා මැට්සෙල්බර්ගර් සමඟ සම්බන්ධතාවයක් ආරම්භ කළේය. මේ හේතුව නිසා ඇනා ඔහුගෙන් දික්කසාද වීමට ඉල්ලා සිටියේය.

මේ අතර ෆ්‍රැන්සිස්කා, ක්ලාරා දුටුවේ තම ප්‍රතිවාදියෙකු ලෙසය. එම නිසා 1882දී ඇය ක්ලාරාව නිවසින් එලවා දමන ලදී. එමෙන්ම 1882දී ෆරැන්සිස්කා, ඇලෝයිස්ට දාව තම ප්‍රථම දරුවා බිහි කරන ලදී. 1883 දී ඇලෝයිස් ගේ අවාසනාවන්ත පළමු බිරිඳ මිය ගිය අතර ඇලෝයිස්, ෆ්‍රැන්සිස්කා සමග යළි විවාහ විය.

විවාහ වී මාස දෙකකට පසු ෆ්‍රැන්සිස්කා තම දෙවන දරුවාටද උපත ලබා දුන් අතර නමුත් ක්ෂය රෝගයෙන් පෙළුණු ෆ්‍රැන්සිස්කා ඊට වසරකට පසුව මිය යන ලදී. ෆ්‍රැන්සිස්කා මිය යාමෙන් පසු ඇලෝයිස් තම කුඩා දරුවන් දෙදෙනා රැකබලා ගැනීම සඳහා ක්ලාරා යළි නිවසට ගෙන එන ලදී. මෙවර ඔහු ඇය සමඟද සම්බන්ධතාවයක් ආරම්භ කළ අතර 1885 ජනවාරි 7 වන දින සරල විවාහයකින් ඔවුන් විවාහ වන ලදී.

විවාහයෙන් ටික කලකට පසු එනම් මැයි මාසයේදී ඔවුන්ගේ පළමු පුත් ගුස්ටාව් උපත ලැබීය. ඊළඟ අවුරුද්දේ ඔවුන්ට ඔවුන්ගේ දෙවන දියණිය වූ ඉඩා ලැබුණ අතර 1887 දී ඔටෝ නම් තවත් දරුවකු ලැබුණු අතර එහෙත් ඒ දරුවා උපතෙන් දින කිහිපයකට පසු මිය ගියේය. එහෙත් අවාසනාව ඇයව හැර නොගිය අතර කුඩා ඔටෝ මිය ගොස් මාස කිහිපයකට පසු ගුස්ටාව් සහ ඉඩා ද ඩිප්තෙරියා රෝගයෙන් මිය යන ලදී.

ක්ලාරා සහ ඇලෝයිස්ගේ සිව්වන දරුවා මෙන්ම ඔවුන්ගේ ළදරු විය පසු කිරීමට සමත් වූ පළමු දරුවාද වන ඇඩොල්ෆ් හිට්ලර් 1889 අප්‍රියෙල් 20 වන දින සවස 6:30 ට උපත ලැබීය. ඇඩොල්ෆ් ඉපිද වසර කිහිපයකට පසු එනම් 1894 දී එඩ්මන්ඩ් නම් තවත් දරුවකු උපත ලැබු අතර එහෙත් ඔහු වයස අවුරුදු හයේදී මිය යන ලදී. අවසාන වශයෙන් පෝලා නම් කුඩා දැරියක් 1896 දී උපත ලැබු අතර ඇය සහ ඇඩොල්ෆ් වැඩිහිටි වියට පා තැබීමට සමත් වූ ක්ලාරාගේ එකම දරුවන් බවට පත් විය. එමෙන්ම ක්ලාරා ඇලෝයිස්ගේ දෙවන විවාහයේ දරුවන් දෙදෙනාද තම දරුවන් මෙන් රැක බලා ගන්නා ලදී.

1895 දී එනම් ඇඩොල්ෆ් හිට්ලර්ට වයස අවුරුදු හයේදී ඇලෝයිස් රජයේ සේවයෙන් විශ්‍රාම ගත් අතර ඔහු ලින්ස් අසල ගොවිපලක තම පවුල සමඟ පදිංචියට යන ලදී. එහිදී ඔහු මී මැස්සන් ඇති කිරීම සදහා කටයුතු කරන ලදී.

එහෙත් ක්ලාරාට ප්‍රීතිමත් විවාහ ජීවිතයක් තිබුණේ නැත. ඇලෝයිස් යනු ඉතා ප්‍රචණ්ඩකාරී සහ ඒකාධිපති මිනිසෙකු විය. එපමණක් නොව, චිත්‍ර ශිල්පියෙකු වීමට සිහින මැවූ ඇයගේ පුතු වූ ඇඩොල්ෆ්ට ඔහු වැනිම සිවිල් සේවකයෙකු වීමට ඉගෙන ගන්නා ලෙසද ඔහු බල කර සිටින ලදී. අවස්ථා ගණනාවකදී මේ හේතුව නිසා ක්ලාරාට මේ පිය-පුතු ගැටුමට ද මැදිහත් වීමට සිදු විය. වරක් හිට්ලර්, ජෝසප් ගොබෙල්ස් වෙත අදහස් දක්වමින් කියා සිටියේ තම මව “යහපත්කමේ හා ප්‍රේමයේ උල්පත” වූ බවත් ඔහුගේ පියා “නිවසේ කුරිරු පාලකයා” වූ බවත්ය.

මේ අතර ඇලෝයිස්ගේ දෙවන විවාහයේ දරුවකූ සොරකමක් සම්බන්ධයෙන් සිරගත විය. එම නිසා ඇලෝයිස් සිය මුළු අවධානය ඇඩොල්ෆ් වෙත යොමු කළ අතර ඔහුව හොඳ දරුවකු බවට පත් කිරීමට විශාල ලෙස නීති රීති පනවන ලදී. මේ නිසා ඔහු අණ කළ දේ නොකළේ නම් ඔහු ඇඩොල්ෆ්ට බොහෝ විට ම්ලේච්ඡ ලෙස පහර දෙනු ලැබීය. 

වරක් හිට්ලර් පවසා සිටියේ "නිර්භීත මිනිසා වේදනාවේ කිසිදු සලකුණක් නොදක්වන බව මා කියවා ඇත. එම නිසා ඊළඟ වතාවේ ඔහු මට පහර දෙන විට නිශ්ශබ්දව සිටීමට මම තීරණය කළෙමි. එමෙන්ම මම ඒ සෑම පහරක්ම ගණන් කළෙමි. ඉන් පසු මම මගේ මවට ආඩම්බරයෙන් පැවසුවේ මගේ පියා මට තිස් දෙවතාවක් පහර දුන් බවයි. එහෙත් මම කිසි විටෙකත් හැඩුවේ නැත. මම කවදාවත් මගේ පියාට ආදරය කළේ නැහැ, නමුත් මම ඔහුට බිය විය. ඔහු කෝපයට පත් වූ විට ඉතා ප්‍රචණ්ඩ වූ අතර එම නිසා මගේ අසරණ අම්මා නිතරම මම පිළිබඳව බිය වුණා. ”

අවසානයේ මෙය නිමා වුයේ ඇලෝයිස් 1898 දී අභාවප්‍රාප්ත වීමත් සමගය. ක්ලාරා වයස අවුරුදු හතළිස් දෙකේදී වැන්දඹුවක් වූ විට, ඇය ලින්ස්හි උප නගරයක් වන ඌර්ෆහර් ​​හි මහල් නිවාසයක පදිංචියට ගියාය. එහිදී ඇය තම සැමියාගේ ඉතිරිකිරීම් වලින් සහ ඇයට ලැබුණු විශ්‍රාම වැටුපෙන් තමා සහ ඇගේ දරුවන් වන ඇඩොල්ෆ් සහ පෝලා රැක බලා ගැනීමට කටයුතු කරන ලදී. 

මුලදී ක්ලාරාටද, ඇලෝයිස්ගේ කැමැත්තට අනුව ඇඩොල්ෆ්ට ඉහළට ඉගැන්වීමට අවශ්‍ය විය. එහෙත් පැවති විභාග වලින් ඇඩොල්ෆ් ඉතා අඩු ලකුණු ලබා ගත් නිසාත් ඔහු තුළ පැවති රෝගී තත්වයන් නිසාත් අවසානයේ ඇඩොල්ෆ් තම මවට ඒත්තු ගැන්වූයේ ඔහුට තවදුරටත් අධ්‍යාපනය ලැබිය නොහැකි බවය. අවසානයේ ඇගේ වැන්දඹු විශ්‍රාම වැටුපෙන් ලද මුදලින් සහ ඇයගේ සහෝදරිය වන ජොහානාගේ ආධාරයෙන් වියානා හි චිත්‍ර අධ්‍යයනය සඳහා ඇඩොල්ෆ්ට යාමට මුදල් ගෙවීමට ඇයට හැකි විය.

1906 දී ක්ලාරා බරපතල ලෙස රෝගාතුර වූ අතර 1907 ජනවාරි මාසයේදී ඇයට පියයුරු පිළිකා සඳහා ශල්‍යකර්මයක් සිදු කරන ලදී. එහෙත් එය අසාර්ථක වූයේ පිළිකාව ඒ වන විටත් ශරීරයේ අනෙකුත් කොටස් වලටද පැතිරී තිබූ බැවිනි. ඇයට ප්‍රතිකාර කිරීමට භාර ගන්නා ලද්දේ යුදෙව් වෛද්‍ය වරයෙකු වූ එඩ්වඩ් බ්ලොච් විසිනි. ඔහු ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කළද අවාසනාවන්ත ක්ලාරා 1907 දෙසැම්බර් 21 වන දින සිය දුක්බර දිවියට සදහටම සමු දී සිය දෙනෙත් පියා ගන්නා ලදී.

ඇඩොල්ෆ් හිට්ලර් වෙනත් මිනිසෙකු කෙරෙහි සිය දුක්බර ගැඹුරු හැඟීම් පෙන්වූ එකම අවස්ථාව ඔහුගේ මවගේ මරණය විය හැකිය. ක්ලාරා කෙරෙහි ඔහුට දැනුණු අවංක ආදරය පිළිබඳ බොහෝ සාක්ෂි තවම ඉතිරිව තිබේ. හිට්ලර් ඔහු යන සෑම තැනකම ක්ලාරාගේ ඡායාරූපයක් රැගෙන ගිය බව කියැවේ. එමෙන්ම 1945 දී ඔහු මිය යන විට ඇයගේ ඡායාරූපය ඔහුගේ අතේ තබාගෙන සිටි බව කියැවේ.

වසර ගණනාවකට පසු ඇඩොල්ෆ් හිට්ලර් යුදෙව් සම්භවයක් ඇති වෛද්‍ය එඩ්වඩ් බ්ලොච්ට ස්තූතිවන්ත වූ අතර ඔහුගේ මවගේ ජීවිතයේ අවසාන මොහොතේ ඔහු කළ සේවය වෙනුවෙන් සිය බිරිඳ සමඟ ජර්මනියෙන් පලා යාමට ඔහුට ඉඩ හරින ලදී.

ක්ලාරාගේ දේහය ඇගේ ස්වාමිපුරුෂයා වන ඇලෝයිස්ගේ දේහය සමඟ ලියොන්ඩිං හි තැන්පත් කරන ලදී. සමහර නව-නාසි කණ්ඩායම් මෙම සොහොනට පූජනීය ස්ථානයක් ලෙස වන්දනා මාන සිදු කරන අතර යම් පිරිසක් විසින් 2012 මාර්තු මාසයේදී එය කඩා බිඳ දමන ලදී.

විශ්මිත ඉතිහාසය
රාක්ෂයකුගේ මවකගේ කතාව - ඇඩොල්ෆ් හිට්ලර්ගේ මවගේ දුක්බර කතාව (The Sad Story Of The Mother) - Your Choice Way
ක්ලාරා පල්ස්ල්

රාක්ෂයකුගේ මවකගේ කතාව - ඇඩොල්ෆ් හිට්ලර්ගේ මවගේ දුක්බර කතාව (The Sad Story Of The Mother) - Your Choice Way
හිට්ලර් පවුල; ක්ලාරා, ඇඩොල්ෆ් සහ ඇලෝයිස්

රාක්ෂයකුගේ මවකගේ කතාව - ඇඩොල්ෆ් හිට්ලර්ගේ මවගේ දුක්බර කතාව (The Sad Story Of The Mother) - Your Choice Way
ඇලෝයිස් හිට්ලර්

රාක්ෂයකුගේ මවකගේ කතාව - ඇඩොල්ෆ් හිට්ලර්ගේ මවගේ දුක්බර කතාව (The Sad Story Of The Mother) - Your Choice Way
ඇඩොල්ෆ් හිට්ලර් ඔහුගේ දෙමව්පියන්ගේ සොහොන අසල
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රාක්ෂයකුගේ මවකගේ කතාව - ඇඩොල්ෆ් හිට්ලර්ගේ මවගේ දුක්බර කතාව (The Sad Story Of The Mother) රාක්ෂයකුගේ මවකගේ කතාව - ඇඩොල්ෆ් හිට්ලර්ගේ මවගේ දුක්බර කතාව (The Sad Story Of The Mother) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 04, 2021 Rating: 5

0 comments:

Post a Comment