රටකජු බටර් හදමු (‍Peanut Butter Hadamu)

රටකජු බටර් හදමු (‍Peanut Butter Hadamu) - Your Choice Way
සුභ දවසක්. දිග නිවාඩුවකින් පස්සේ තමයි අද අපි හමුවන්නේ.  අද මම ඔයාලට අරගෙන අවේ ඉතාමත් ගුණදායි Recipe එකක්. එහෙනම් අද අපි හදමු Peanut Butter.මේක හදන්න හරිම ලේසි. පොඩි වේලාවකින් රසවත්ව හදාගන්න පුලුවන් වගේම  අඩු අමු ද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගන්න පුඑවන්.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🥜 බැදගෙන පොතු ඉවත් කරගත් රටකජු 200 g
  • 🥜 සුදු පොල් තෙල් 3-4 Tsp (තේ හැදි)
  • 🥜 ලුණු ස්වල්පයක්
  • 🥜 පැණි 1Tbsp (මේස හැදි)

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින් Blender Cup එකට රටකජු, ලුණු එකතු කර හොදින් Blender කර පේස්ට් එකක් හදාගන්න.
  2. ඉන්පසු පැණි එකතු කර නැවත Blender කරගන්න. (පැණි වෙනුවට සීනී වුනත් එකතු කරගන්න පුූලුවන්)
  3. දැන් තෙල් එකතු කර හොදින් මීශ්‍ර වෙනකල් Blender කරන්න.
  4. ඉන්පසු හොදින් වියළාගත් වීදුරු බෝතලයකට දමා ශිතකරණයේ තබාගන්න.

✅ වැදගත් :

💡 රටකජු හොදින් බලලා ගන්න ඕන පැල්ලම් තියෙන අවපැහැයට හැරුණු රටකජු ඉවත් කරන්න. ඒවා සමහර අයට අසාත්මික වෙන්න පුලුවන්.

මේ Peanut Butter එක හදලා බලලා අපිටත් රස කියන්න. තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...රස පදම
රටකජු බටර් හදමු (‍Peanut Butter Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රටකජු බටර් හදමු (‍Peanut Butter Hadamu) රටකජු බටර් හදමු (‍Peanut Butter Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 02, 2021 Rating: 5

0 comments:

Post a Comment