Hamadama Me Kalawe Song Lyrics - හැමදාම මේ කැලෑවේ ගීතයේ පද පෙළ

Hamadama Me Kalawe Song Lyrics - හැමදාම මේ කැලෑවේ ගීතයේ පද පෙළ
Song Title : Hamadama Me Kalawe (හැමදාම මේ කැලෑවේ)
ගායනය : ක්‍රිස්ටෝෆර් පෝල්
පද : බැසිල් එම්. සිල්වා
තනුව බටහිර ගීයකින් උපුටා ගත්තකි.


හැමදාම මේ කැලෑවේ
මල් නෙළන මේ වෙලාවේදී
ඔබ කවුරුදැයි ප්‍රියාවී
පවසන්නකෝ හිනාවී ...//

මා දැක්ක මොහොතෙ නොකියා
හද ගත්ත නේද උදුරා
රජ වංශයක් ලැබීලා
ඔබ නැති දිනේ ඵලක් නෑ

සිංහාසනේ දමාලා
මම එන්නෙමී සොයාලා
ලංකාවේ ඉතිහාසෙ ලියවේවි මතුදා
අභිෂේක ලැබුවාම අපි දෙදෙනා

හැමදාම මේ කැලෑවේ
මල් නෙළන මේ වෙලාවේදී
ඔබ කවුරුදැයි ප්‍රියාවී
පවසන්නකෝ හිනාවී ...//

මනරංජනීය රූපේ
මගෙ ජීවනේ ප්‍රදීපේ
ඒ දර්ශනේ මවාලා
සැනසෙන්නෙමී බලාලා

ඔබ මේ වනේ තියාලා
බැහැ යන්න පා නඟාලා
පෙම් ලෝකේ මධු පානෙ රස මිහිර උරලා
සැනසෙන්න නැළවෙන්න සැප විඳලා

හැමදාම මේ කැලෑවේ
මල් නෙළන මේ වෙලාවේදී
ඔබ කවුරුදැයි ප්‍රියාවී
පවසන්නකෝ හිනාවී ...//

ප්‍රංශයට අයත් බටහිර ඉන්දියානු කොදෙව් දූපත් වල ජන ගීයක නාද රටා පදනම් කරගෙන 1931 දී Léona Gabriel විසින් පළමු වරට තැටි ගත කරන ලද ප්‍රකට ජන ගීයක් වන "Maladie d'Amour" ගීය වඩාත් හොඳින් ප්‍රජාව අතර රෝපණය කරනු ලබන්නේ, 1949 දී Henri Salvador විසින්. අන්න ඒ ගීයේ තනුව තමයි හැමදාම මේ කැලෑවේ යන ක්‍රිස්ටෝෆර් පෝල් ගේ ගීයට යොදා ගෙන ඇත්තේ. 

මෙහි පහත ප්‍රංශ බසින් වන ගායනයක් තියෙනවා. පසු කාලයක මෙම තනුව යොදා විවිධ භාෂා වලින්  ගී රැසක් බිහිවී තියෙනවා.

ප්‍රංශ බසින් ගායනය වූ Maladie d'Amour ගීය


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hamadama Me Kalawe Song Lyrics - හැමදාම මේ කැලෑවේ ගීතයේ පද පෙළ Hamadama Me Kalawe Song Lyrics - හැමදාම මේ කැලෑවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 12, 2021 Rating: 5

0 comments:

Post a Comment