Bunda Wanaye Krishnage Song Lyrics - බෘන්දා වනයේ ක්‍රිෂ්ණගෙ ශ්‍රීයා ගීතයේ පද පෙළ

Bunda Wanaye Krishnage Song Lyrics - බෘන්දා වනයේ ක්‍රිෂ්ණගෙ ශ්‍රීයා ගීතයේ පද පෙළ

Bunda Wanaye Krishnage Song Lyrics - බෘන්දා වනයේ ක්‍රිෂ්ණගෙ ශ්‍රීයා ගීතයේ පද පෙළ
Song Title : Bunda Wanaye Krishnage (බෘන්දා වනයේ ක්‍රිෂ්ණගෙ ශ්‍රීයා)
ගායනය : ලතා වල්පොල සමග මොහිදීන් බෙග්
පද : කරුණාරත්න අබේසේකර
තනුව : එස්. රාජේශ්වර රාඕ
සංගීතය : හේමන්ත් කුමාර්


බෘන්දා වනයේ ක්‍රිෂ්ණගෙ ශ්‍රීයා
සැම නෙත් රසඳුන් ගා දිලෙනා
බෘන්දා වනයේ ක්‍රිෂ්ණගෙ ශ්‍රීයා
සැම නෙත් රසඳුන් ගා දිලෙනා

මල සේ මිහිරි වු හදේ රාධගේ
මෝහන රූ ඒ සැපතා පානා
මල සේ මිහිරි වු හදේ රාධගේ
මෝහන රූ ඒ සැපතා පානා

බෘන්දා වනයේ ක්‍රිෂ්ණගෙ ශ්‍රීයා
සැම නෙත් රසඳුන් ගා දිලෙනා

යමුනා ගඟබඩ නිල් දිය දහරා
සිඹ සිඹ රහස කියා යන්නේ

යමුනා ගඟබඩ නිල් දිය දහරා
සිඹ සිඹ රහස කියා යන්නේ

පරම විනෝදෙන් ක්‍රිෂ්ණා නඟනා
බට ලී මිහිර බෙදා ගන්නේ
සුරපුර වාගේ පිරී ගෝපිකා
ඉන්නා තාලේ මත්වී වාගේ

බෘන්දා වනයේ ක්‍රිෂ්ණගෙ ශ්‍රීයා
සැම නෙත් රසඳුන් ගා දිලෙනා

කාන්ති වගුරනා නිලෙනී දිලිසේ
දේහේ සුන්දර සාගරෙකී

කාන්ති වගුරනා නිලෙනී දිලිසේ
දේහේ සුන්දර සාගරෙකී

එයිනී මා ලෝ තුළේ අනාතේ
මගෙ මෝහන මන බැහැර යතේ
මා එ විකාරෙනි එන්නෙ මේ අනේ
ලෝකෙ හැරා පාදේ නංවාලා

බෘන්දා වනයේ ක්‍රිෂ්ණගෙ ශ්‍රීයා
සැම නෙත් රසඳුන් ගා දිලෙනා
මල සේ මිහිරි වු හදේ රාධගේ
මෝහන රූ ඒ සැපතා පානා
බෘන්දා වනයේ ක්‍රිෂ්ණගෙ ශ්‍රීයා
සැම නෙත් රසඳුන් ගා දිලෙනා

1957 දී භාරතයේ තිරගතවූ "මිස් මේරි" චිත්‍රපටිය, සිංහලෙන් දෙබස් කවා තැණූ "අහිංසක ප්‍රයෝගය" චිත්‍රපටියේ ගීයකි. මේ ගී තනුව "Missamma" තෙළුගු චිත්‍රපටියේ ගැයුණු, "Brindavanamadi Andaridi" නම් ගීයෙනි. ("මිස් මේරි" චිත්‍රපටියේ නිෂ්පාදනය පිළිබඳ අතීත කතාව මෙහි පහත තැනෙක දක්වා ඇත)

"බෘන්දා වනයේ ක්‍රිෂ්ණගෙ ශ්‍රීයා" ගැන කතා කරනව නම්, ටිකක් අතීතයට ඔබව කැඳවා ගෙන යන්න වෙනවා. මොකද, හුඟාක් තැන් වල මා මේ සඳහන් කරන්නට යන තොරතුරු නැති නිසා සහ බොහෝ දෙනෙක් මේ තොරතුරු නොදන්න නිසා.

1932 දී Rabindranath Maitra හැදූ "Manmoyee Girls' School" යන නාට්‍ය කතාව පදනම් කරගෙන, බෙන්ගාලි චිත්‍රපටියක් නිෂ්පාදනය වෙනවා "Manmoyee Girls' School" නමින් ම. ජ්‍යෝතිශ් බැනර්ජි අධ්‍යක්ෂණය කළ එම බෙන්ගාලි චිත්‍රපටිය තිරගතවූයේ 1935 දි. 

මේ කතාව ම පාදක කරගෙන එල්.වී. ප්‍රසාද් නම් වූ සිනමා අධ්‍යක්ෂකවරයා චිත්‍රපටියක් තනනවා තෙළුගු බසින්. එහි නම "Missamma". මේ චිත්‍රපටිය මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වෙන්නෙ 1955 ජනවාරි 12 වැනිදා. මේ හා සමගාමීව එහි දෙමළ පිටපත ද ප්‍රදර්ශනයට නිකුත් වුණා 1955 ජනවාරි 14 වැනිදා.

"Miss Mary" කියන්නෙ, එල්.වී. ප්‍රසාද් විසින්ම අධ්‍යක්ෂණය කළ, ඉහත කතාවේම හින්දි නව නිෂ්පාදනය. එය 1957 දී භාරත රිදී තීරයේ ප්‍රදර්ශනය වුණා. මෙහි ගී සියල්ලම ඉතා ඉහළ ජන ප්‍රසාදයක් ලබා ගත්තා. ඔය ජනප්‍රියත්වයම හේතුවෙන්, සිලෝන් තියටර්ස් සමාගම "Miss Mary" චිත්‍රපටිය සිංහල දෙබස් කවා නිෂ්පාදනය කළා. හින්දි චිත්‍රපටිය නව නිෂ්පාදනයක් වූ නිසා, එහි ගී නවයක්ම නව නිර්මාණ වුණා. එක ගීයක තනුව පමණක් තෙළුගු චිත්‍රපටිය වූ "Missamma" කෘතියෙන් උකහා ගෙන තිබුණා ("Brindavan Ka Krishna Kanhaiya" යන ගීය). 

සිංහල දෙබස් කවන ලද "අහිංසක ප්‍රයෝගය" චිත්‍රපටියේ අනුරූප ගීයයි "බෘන්දා වනයේ ක්‍රිෂ්ණගෙ ශ්‍රීයා" යනුවෙන් මොහිදීන් බෙග්, ලතා වල්පොල (එවකට ලතා ප්‍රනාන්දු) සමගින් ගායනා කළේ.

හින්දි ගීය 

brindavan ka krishhn kanhaiya sab ki ankho ka tara
brindavan ka krishhn kanhaiya sab ki ankho ka tara
man hi man kyo jale radhika mohan to hai sab ka pyara
man hi man kyo jale radhika mohan to hai sab ka pyara
brindavan ka krishhn kanhaiya sab ki ankho ka tara

jamana tat par nand ka lala jab jab ras rachaye re
jamana tat par nand ka lala jab jab ras rachaye re
tan man dole kanha aisi basi madhur bajaye re
sudh-budh bhuli khadi gopiyan jane kaisa jadu dara
brindavan ka krishhn kanhaiya sab ki ankho ka tara

rag salona aisa jaise chhai ho ghat savan ki
rag salona aisa jaise chhai ho ghat savan ki
ai ri mai to hui divani manamohan man bhavan ki
tere karan dekh banvare chhod diya mai ne jag sara
brindavan ka krishhn kanhaiya sab ki ankho ka tara
man hi man kyo jale radhika mohan to hai sab ka pyara
brindavan ka krishhn kanhaiya sab ki ankho ka tara

वृंदावन का कृष्ण कन्हैया,
सबकी आंखों का तारा,
मन ही मन क्यों जले राधिका,
मोहन तो है प्यारा।

यमुना तट पर नंद का लाला,
जब जब रास रचाए रै,
तन मन डोले कान्हाँ,
ऐसी वंशी  मधुर बजाए रै,
सुध बुध भूली खड़ी गोपियां,
जाने कैसा जादू डाला,
वृंदावन का कृष्ण कन्हैया,
सबकी आंखों का तारा।

रंग सलोना ऐसा जैसे,
छाई हो घटा सावन की,
ऐरी सखी मैं हुई दिवानी,
मनमोहन मनभावन की,
तेरे कारण देख साँवरे,
छोड़ दिया मैंने जग सारा,
वृंदावन का कृष्ण कन्हैया,
सबकी आंखों का तारा।

वृंदावन का कृष्ण कन्हैया,
सबकी आंखों का तारा,
मन ही मन क्यों जले राधिका,
मोहन तो है प्यारा।

Singers : Lata Mangeshkar & Mohammed Rafi
Lyricist : Rajinder Krishan
Composer : S. Rajeswara Rao
Music : Hemant Kumar
Movie : Miss Mary 1957
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bunda Wanaye Krishnage Song Lyrics - බෘන්දා වනයේ ක්‍රිෂ්ණගෙ ශ්‍රීයා ගීතයේ පද පෙළ Bunda Wanaye Krishnage Song Lyrics - බෘන්දා වනයේ ක්‍රිෂ්ණගෙ ශ්‍රීයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 21, 2021 Rating: 5

0 comments:

Post a Comment