පාන් රෝල්ස් හදමු (Bread Roll Hadamu)

පාන් රෝල්ස් හදමු (Bread Roll Hadamu) - Your Choice Way
අද අපි ඉක්මනට හදාගන්න පුළුවන් Snack එකක් හදමු. පොඩි ළමයින්ට වුනත් වෙනසකට දෙන්න පුළුවන් මේ Bread Roll එක. ඇතුළේ පිරවුම ඔයාලා කැමති විදිහට වෙනස් කරගෙන පෝෂදායිව හදාගන්න.අපි බලමු Bread Roll හදන්න අවශ්‍ය ද්‍රව්‍ය.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍞 පාන් පෙති 06
  • 🍞 බටර් හෝ මාගරින් 
  • 🍞 ලුණු (රස අනුව)
  • 🍞 මිරිස් කුඩු (රස අනුව)
  • 🍞 තුනපහ (රස අනුව)
  • 🍞 ගම්මිරිස් (රස අනුව)
  • 🍞 යෝගට් හෝ මුදවපු කිරි ½ cup
  • 🍞 පනීර් (ග්රේට් කර ගත්) 1 cup
  • 🍞 රටළූණු (සිහින්ව කපාගත්) 2 tbsp
  • 🍞 අමු මිරිස් (සිහින්ව කපාගත්) 2 tbsp

✅ සාදා ගන්නා ආකාරය :

  1. යෝගට් හෝ මුදවපු කිරි, පනීර්, රටළූණු, අමු මිරිස්, මිරිස් කුඩු, තුනපහ, ගම්මිරිස් හා ලුණු එකට දමා හොදින් කලවම් කර මීශ්‍රනය හදාගන්න.
  2. ඉන්පසු පාන් පෙතිවල වාටිය වටේට කපා රෝලින් පින් එකකින් තුනී කරගන්න. තුනී කරගත් පාන් පෙතිවල බටර් තවරා ගන්න.
  3. දැන් මීශ්‍රනයෙන් කොටසක් ගෙන පාන් පෙත්ත මත තබා රොල් කර ගෙන තද කරගන්න. 
  4. දැන් Pan එකට තෙල් ස්වල්පයක් දමා පෙරල පෙරල බැදගන්න.
මේ Bread Roll එක හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්. සියලු දෙනාට සුභ දවසක්...රස පදම
පාන් රෝල්ස් හදමු (Bread Roll Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පාන් රෝල්ස් හදමු (Bread Roll Hadamu) පාන් රෝල්ස් හදමු (Bread Roll Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 11, 2021 Rating: 5

0 comments:

Post a Comment