කොල්ලා පසු පස ආ බලු අවතාර (Avatar Of Dog)

කොල්ලා පසු පස ආ බලු අවතාර (Avatar Of Dog) - Your Choice Way
මේක ඇත්තම කථාවක් සිදුවුනේ තිස්සමහරාමකට නුදුරු පුදේශයක ඔහු නමින් ප්‍රසන්න දැනට අම්පාර දැව සංස්ථාවෙ සේවය කරන්නෙ.ඔහු ගියේ පන්නගමුව මහ විදුහලට පාසල් යන කාලයේ 9 වසරේ දි වුන සිදුවීමක් ප්‍රධාන පාරේ සිට තම නිවෙස වෙත හැතැක්මක පමණ දුරක් පයින් යාමට සිදුවන අතර එම පාර වැටී ඇත්තේද පාළු ඉසවුවකය සොහොන් පිටිටනියක් පසුකරමින් යාමටද සිදුවේ.

දිනක් 1.30 ත් 2.00 අතර කාලයේ පාළු මාවතේ පාසල ඇරී නිවෙස බලා වෙනදා මෙන් පැමිණෙන්නට විය සුපුරුදු පාරේ ගමන් කිරීමට බියක් කිසිවිටකත් ඔහු තුළ නොතිබීද ඇත ටික දුරක් ගමන් කරන විට තමාගේ කකුල කාට හෝ පෑගුණා සේ දැනේනට විය. ඔහු එකවර හැරී තම පිටුපස බැලිය එවිට දුටුවේ කුඩා සුරතල් බලුපැටියකු තමාට වඩා මීටර් 10ක් පමණ දුරින් සිටින බවකි. එහෙත් තම කකුල ඒතරම් දුරින් සිටින බලු කුක්කාට පෑගුනේ කොසේදැයි සිතමින් ඔහු නැවතත් ගමන ආරම්භ කලේය ටික දුරක් යනවිට නැවතත් එසේම සිදුවිට තම කකුල ටිකක් තදින් පෑගුණා සේ දැනින නැවත පසුපස බැලූ ඔහුට පේනුනේ සාමාන්ය පුමාණයේ බල්ලකු තමාට වඩා මීටර් 5ක් පමණ දුරකින් එන බවයි තරමක් තිග්ගැස්සුමක් ඇති වුණද ගල් කැටයක් අතට ගත් පසුව බල්ලා ආපසු හැරී යන්නට පටන් ගෙන ඇත. පසුව සතුටු සිතින් නැවතත් ගමන ආරම්භ කර ඇත ටික දුරක් යන්නට මත්තෙන් නැවතත් තම කකුල ඉතාම තදින් පෑගුණා සේ දැනුණි එවිට ද ඔහු පිටුපස හැරී බලා ඇත තම දෑස් අදහාගත නොහැකි වු ඔහු දුටුවේ තමාටත් වඩා උස බල්ලකු (මී හරකකු තරම්) දිව එළියට ඇදගෙන කෙළ පෙරාගෙන තමන් අසලම සිටින බවකි එමෙන් අධීක කුණු ගඳක්ද වහනය වී ඇත. ඔහු භීතියෙන් තැතිගෙන තම පොත් බෑගයද එතනම දමා තමාට හැකි වේගයෙන් දිව යන්නට විය.ඔහු නැවතුණේ තම නිවසේ මිදුලේය.

සිදුවූ සිද්ධිය සියලුදෙනාට පැවසූහ නමුත් ඔවුන් එය ඒතරම් ගනනකට ගත්තේ නැත ඔහුගේ පෙරැත්ත කිරීම නිසා එහි ගොස් බැලීමට තම සහෝදරයා සහ තවත් යාලුවකු කැමතිවිය. තිදෙනාම නැවත සිද්ධිය සිදු වූ ස්ථානයට ගියේය පොත් බෑගය වැටී තිබූ අතර ඒ අසල තිබුණේ දින දෙකක් පමණ පැරණි කුණුවී ගිය බල්ලකුගේ මල සිරුරකි ඒම බල්ලා ඉදිමී විකෘති වී තිබූ අතර පැහැය තමා දුටු බල්ලාගේ පැහැයට සමාන බව ඔහුට අවබෝධ වී ඇත.

සිද්ධිය සිදුවී පසුදින ඔහුට යම් රෝගී තත්වයක් ද ඇති වී ඇත පුද්ගලයින් හදුනාගැනීමට පවා නොහැකි උමතු ආකාරයේ රෝගයකි..පසුව නිවසේ අය සෙත් ශාන්තීන් හා ඇදුරුකම් කල පසු රෝගය සුවවී ඇත.මෙම සත්‍ය සිදුවීමෙන් අපට නිගමනය කල හැක්කේ කුමක්ද? තම මනස එම අවස්ථාවේ එසේ ක්‍රියා කලාද නැතිනම් මෙම සිදුවීම සත්‍ය වශයෙන් ම සිදුවූ සිදුවීමක්ද යන්න බරපතල ගැටලුවකි.තමා පොත් බෑගය දමා තිබූ තැනම හරියට බල්ලකුගේ මල සිරුරක් තිබුණේ කෙසේද මෙය අහඹු සිදුවීමක් ලෙස සිතිය හැකිද? විටක මෙලෙසද සිතිය හැක විඩාව ගමන් මහන්සිය නිසා සිතේ මැවුණු චිත්ත රූපයන් ආශ්‍රයෙන් මෙම සිදුවීම සිදුවූවාද කියා....
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොල්ලා පසු පස ආ බලු අවතාර (Avatar Of Dog) කොල්ලා පසු පස ආ බලු අවතාර (Avatar Of Dog) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 04, 2021 Rating: 5

0 comments:

Post a Comment