ලෝකයේ හොදම නයිට්වරයාගේ කතාව (The Story Of The Best Knight In The World)

ලෝකයේ හොදම නයිට්වරයාගේ කතාව (The Story Of The Best Knight In The World) - Your Choice Way
12 වන සියවසේ සාමාන්‍ය පවුලක සිව්වන පුත්‍රයා ලෙස ඉපිද, පසුව එවකට සිටි ධනවත්ම පුද්ගලයකු බවට පත්ව සහ තුන්වන හෙන්රි රජු වෙනුවෙන් රට පාලනය කළ පුද්ගලයකු සිටියේ යැයි පැවසුවහොත් ඔබ මවිතයට පත් වනු නිසැකය. මේ ඔබ ඇසීමට යන්නේ එසේ ඉතිහාසය වෙනස් කළ පුද්ගලයකුගේ කතාවයි. තවත් විදියකින් පැවසුවහොත් සැබෑ නයිට්වරයකුගේ කතාවකි!

අද කතා නායකයාගේ නම විලියම් මාෂල්ය. ඔහුගේ ජීවිතය පිළිබඳ අපූරු කතාව හිස්ටොයර් ඩි ගුයිලූම් ලෙ මාරචල් (Histoire de Guillaume le Maréchal) නම් පොතේ දක්වා ඇත. මෙහි ඇති විශේෂත්වය නම් මධ්යකාලීන යුගයේ, රාජකීයයෙකු නොවන අයෙකු වෙනුවෙන් ලියවුනු එකම ලිඛිත චරිතාපදානය මෙය වීමයි .  ජෝන් නම් නාඳුනන කතුවරයකු විසින් ඔහුගේ මරණයෙන් පසු රචනා කරන ලද මෙම කාව්‍යයේ විලියම්ව ‘ලෝකයේ හොඳම නයිට්වරයා’ ලෙස හඳුන්වාදී ඇත.

විලියම් උපත ලැබුවේ ක්‍රි.ව.1146 දී පමණය. සුළු වංශාධිපතියෙකුගේ බාල පුත්‍රයා වශයෙන් ඔහුට කුඩා කල සිටම තේරුම් ගියේ කීර්තිය හෝ ධනය තම දොරට තට්ටු කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවත්, ඒ සදහා වෙහෙසී වැඩ කළ යුතු බවත්ය. ඔහුට වයස අවුරුදු 12 ක් පමණ වන විට, විලියම් නයිට්වරයකු ලෙස පුහුණුව ආරම්භ කිරීම සඳහා ප්‍රංශයේ නොර්මන්ඩි හි පිහිටි ඔහුගේ මවගේ නෑදෑ සහෝදර විලියම් ඩි ටැන්කාර්විල් වෙත යන ලදී.

තරුණ විලියම් තම තෝරාගත් වෘත්තියේ මෙවලම් භාවිතා කිරීම මනා ලෙස ඉගෙන ගත්හ. ‘මනා පුහුණුව ඔබව පරිපූර්ණ කරයි’ යන කියමන සනාථ කරමින් විලියම් වසර හතක් එක දිගට තම පුහුණුවීම් වල නියැලුනි. අවසානයේදී ඔහු කඩුව හා සෙංකෝලය ප්‍රමුඛ ආයුධ පමණක් නොව අශ්වයින් පිට යාමද මනා ලෙස ප්‍රගුණ කරන ලදී.

කෙසේ වෙතත් ඔහුගේ පුහුණුවේ අවසන් වසරේදී ඔහුගේ පියා මිය යන ලදී. එහිදී පියා මිය යන විට ඔහුට කිසිදු දෙයක් ඉතිරිකොට නොමැති බව ඔහුට වැටහුනි. මේ නිසා තමාට වඩා හොඳ ආදායමක් උපයා ගැනීමට අවශ්‍ය බව විලියම් වටහා ගත් අතර නයිට්වරයකු ලෙස තරඟාවලි වල සටන් කිරීම සදහා ඔහු පෙළඹිණි.  මධ්යකාලීන යුරෝපයේ, තරඟාවලි යනු නයිට්වරුන්ට ඔවුන්ගේ කුසලතා හා දක්ෂතා ප්‍රදර්ශන කළ හැකි සටන් ය.

සාමාන්‍යයෙන්, සිය ගණනක්, සමහර විට දහස් ගණනක් නයිට්වරු මේ තරග සදහා සහභාගී වූ අතර ඇතැම් විට මරණ පවා සිදු වූ අවස්ථා තිබේ. දත් සහ අස්ථි කැඩී යම් මෙහි සාමාන්‍ය දෙයක් විය.

නමුත් සිය පුහුණුවත් වාසනාවත් නිසා විලියම් සාර්ථක ලෙස මෙම තරඟ සදහා මුහුණ දෙනු ලැබීය. 1170 ගණන් වන විට විලියම් තරඟාවලි පරිපථයේ තරමක් සුපිරි තරුවක් බවට පත්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ඉතා ධනවත් විය.  ඔහුගේ ශාරීරික ශක්තිය, අශ්වයින් හැසිරවීමට ඇති දක්ෂතාවය, කඩුව සහ සෙංකෝලය හැසිරවීමට ඇති හැකියාව, නායකත්ව කුසලතාය සහ කපටිකම සමඟින් විලියම් සිය වෘත්තියේ ඉහළම තලයට පැමිණියේය.

1170 දී එංගලන්තයේ II වන හෙන්රිගේ පුත් හෙන්රි නම් තරුණ රජු (ඔහුගේ පියාගේ ජීවිත කාලය තුළ වයස අවුරුදු 15 දී ඔහු රජු ලෙස කිරුළු පලදින ලදී) ගේ කණ්ඩායාමට තේරීපත් වූ විට විලියම්ගේ වෘත්තිය නව අවධියකට පිවිසියේය.  ඔහු තරුණ රජුගේ ඇන්ග්ලෝ-නෝමන් තරගාවලියේ කණ්ඩායමේ ක්‍රීඩක-කළමනාකරු බවට පත් වූ අතර ඊළඟ අවුරුදු දොළහ තුළ ඔහු එම කණ්ඩායාම වෙනුවෙන් සටන් කලා. තවත් නයිට්වරු 500කින් පමණ සමන්විත වූ කණ්ඩායමේ සහාය ඇතිව, තරඟාවලියෙන් තරඟාවලිය ජය ගැනීමට ඔහු සමත් විය. විලියම්ගේ කාර්යය වූයේ කණ්ඩායම් උපක්‍රම සැලසුම් කිරීම පමණක් නොව, තරුණ රජුට අවශ්‍ය උපදෙස් ලබා දීමත් ය. මෙසේ රජුගේ උපදේශකයා බවට පත්වීමට ලැබීම ඔහුට ලැබුණු ලොකුම ත්‍යාගය විය.

1182 දී විලියම්, හෙන්රිගේ කණ්ඩායමින් ඉවත්ව ෆ්ලැන්ඩර්ස් හි පිලිප් නම් හෙන්රිගේ ප්‍රතිවාදී කණ්ඩායමට එක්විය. මේ සදහා විශාල හුවමාරු ගාස්තුවක් ඔහුට ලැබුණු බව කියැවේ.

නමුත් 1183 ජුනි 11 වන දින විලියම් අතීසාරය රෝගය හේතුවෙන් මිය යන ලදී. ඔහු මින් ශෝක වූ බව කියැවේ. වියෝ දුකින් පෙළෙන දෙවන හෙන්රි රජුගේ අනුමැතිය ඇතිව, විලියම් තම මියගිය ස්වාමියා විසින් කිරීමට පොරොන්දු වූ කුරුස යුද්ධය අවසන් කිරීමට පිටත් වූ අතර, තරුණ හෙන්රිගේ කුරුසය ඔහු සමඟ ජෙරුසලමට රැගෙන ගියේය.

1185 දී එංගලන්තයට ආපසු පැමිණි විලියම් දෙවන හෙන්රි රජුට පක්ෂපාතී බවට දිවුරුම් දුන් අතර රජුගේ කැරලිකාර පුත්‍රයා සහ උරුමක්කාරයා වූ රිචඩ්ට එරෙහිව ඔහුගේ පක්ෂපාතී නායකයා ලෙස සේවය කළේය.  ඊට ත්‍යාගයක් ලෙස රජු කුම්බ්‍රියාවේ කාට්මෙල්හි විශාල රාජකීය වතුයාය විලියම්ට තෑගි කළේය.

1189 දී උතුරු ප්‍රංශයේ ඇති වූ ගැටුමකදී, විලියම් සහ රිචඩ් අතර මුහුණට මුහුණ ලා සටනක් ඇති විය. නමුත් ඔහුට පහරදීමට නොගිය විලියම් ඒ වෙනුවට ඔහුගේ අශ්වයා මරා දමන ලදී.

ඔවුන්ගේ අහම්බෙන් හමුවීමෙන් ටික කලකට පසු, දෙවන හෙන්රි මිය ගිය අතර රිචඩ් රජ විය. ඔවුන් දින කිහිපයකට පෙර සටන් කර තිබුණද, රිචඩ් එංගලන්තයේ, අයර්ලන්තයේ, නෝර්මන්ඩි සහ වේල්සයේ ස්ට්‍රෝංබෝ වතුවල උරුමක්කාරිය වූ ඉසබෙල් ඩි ක්ලෙයාර් සමග විවාහ වන ලෙස විලියම් ට ආරාධනා කරන ලදී. ඒ අයුරින් වයස අවුරුදු 43 දී විලියම් සිය 17 හැවිරිදි මනාලිය සමඟ විවාහ වූ අතර, සුළු පවුලක සිට පැමිණි ඉඩම් නොමැති නයිට්වරයා රාජ්‍යයේ ධනවත්ම පුද්ගලයෙකු බවට පරිවර්තනය විය.

1190 දී විලියම්ව රීජන්සි කවුන්සිලයට පත් කරන ලද අතර, තුන්වන කුරුස යුද්ධය සදහා රජු පිටත්ව යන විට රට පාලනය කිරීමේ බලතල ඔහුට හිමිවිය. එමෙන්ම දෙවන පිලිප් රජුට එරෙහිව ප්‍රංශයේ දිගින් දිගටම කරන ලද යුද්ධවලදී ඔහු රජුගේ ප්‍රධාන ජෙනරාල්වරයා ලෙස ක්‍රියා කළේය.

විලියම් සාමාන්‍ය ජනයා මෙන් වයස්ගත වූ බවක් නොපෙන්වූ බවක් ඉතිහාසයේ කියැවේ. වයස අවුරුදු 50ක් වන විටත් ඔහු ඉතා ශක්තිමත් ව සිටි බව කියැවේ. ඔහුගේ මේ ශාරීරික යෝග්‍යතාවය නිසා රජවරුන් තිදෙනෙකු වෙනුවෙන් සේවය කිරීමට ඔහුට හැකි වූ අතර 1216 දී ජෝන් රජු මිය යන විට විලියම්ව එංගලන්තයේ රීජන්ට් සහ නව හැවිරිදි හෙන්රි III ගේ ආරක්ෂකයා බවට පත් කරන ලදී.

වයස අවුරුදු 70 ක් වන විලියම්ට තවත් එක් සටනක් පමණක් ඉතිරිව ඇති අතර 1217 දී ලින්කන් සටනේදී කැරලිකාර ඉංග්‍රීසි බාරකරුවන්ගේ සහාය ඇතිව ආක්‍රමණික ප්‍රංශ හමුදාවට එරෙහිව රජුගේ හමුදාව මෙහෙයවීය.  සැබෑ නයිට් වරයකු ලෙස, විලියම් මෙම සටනට නායකත්වය දුන් අතර, වංශාධිපතීන් අල්ලා ගැනීමට සහ ඔවුන්ගේ කප්පම් ඉල්ලීමත් සිදු කරන ලදී.

නමුත් 1219 මොහු සිය ජීවිතයෙන් සමු ගත් අතර ඒ වන විට ඔහු නයිට්වරුන් 500කට වඩා පරාජය කර ඇති බව කියැවේ.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලෝකයේ හොදම නයිට්වරයාගේ කතාව (The Story Of The Best Knight In The World) ලෝකයේ හොදම නයිට්වරයාගේ කතාව (The Story Of The Best Knight In The World) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 27, 2021 Rating: 5

0 comments:

Post a Comment