Soya Diyaw Mata Song Lyrics - සොයා දියව් මට ගීතයේ පද පෙළ

Soya Diyaw Mata Song Lyrics - සොයා දියව් මට ගීතයේ පද පෙළ
Song Title : Soya Diyaw Mata (සොයා දියව් මට)
ගායනය : ප්‍රදීපා ධර්මදාස සමඟින්
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : රෝහණ වීරසිංහ


සොයා දියව් මට සරණක්
මා අතගන්නට - පෙරුම් පිරූ යෞවනයන්
දකුණේ දී - උතුරේ දී
මරා දැමූයේ...
තෙපි නොවේද පව්කාරයිනේ

නීල වරල මතුවන නර කෙස් ගනිමි..
බාල සුවඳ ආලේපන ගෙන උලමි..//
දෙතන එරෙන කිරි - දොවා ඉවතලමි..//
තෙපිටයි ඒ ශාපේ - පව්කාරයිනේ..

සොයා දියව්..

මැලෙවේ නෙතු මහනෙල් නා දලු දෙතොලේ
ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ..//
හදෙහි නැගෙන ගිණි - කඳුලින් ඉවසමි..//
තෙපිටයි ඒ පාපේ - පව්කාරයිනේ..

සොයා දියව්..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Soya Diyaw Mata Song Lyrics - සොයා දියව් මට ගීතයේ පද පෙළ Soya Diyaw Mata Song Lyrics - සොයා දියව් මට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 08, 2021 Rating: 5

0 comments:

Post a Comment