Vine Katina Un Song Lyrics - විනේ කටිනවුන් ගීතයේ පද පෙළ

Vine Katina Un Song Lyrics - විනේ කටිනවුන් ගීතයේ පද පෙළ
Song Title : Vine Katina Un (විනේ කටිනවුන්)
ගායනය : ප්‍රදීපා ධර්මදාස
තනුව : රෝහණ වීරසිංහ
ගී පද : වසන්ත පුෂ්පකුමාර


විනේ කටිනවුන්
විනේ කටිනවුන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම
වනේ නැතිව උන්
වනේ නැතිව උන් දුක දන්නේ කෝම

ගමේ ගැටව් කරබාගෙන උන්නාට
විසේ නැග්ග නාකිත් පිල උඩ රෑට
නෙලා ග යැයි කප් රුක පිදුවාට
ඉනේ රෙද්දමයි හිටියේ හරහාට

විනේ කටිනවුන්
විනේ කටිනවුන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම
වනේ නැතිව උන්
වනේ නැතිව උන් දුක දන්නේ කෝම

ලැමේ කිරට මොර ගහනා පැටියන්ට
අනේ කවුද ඉන්නේ වේලක් දෙන්ට
ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට
වරෙව් මහතුනේ කුණුකය වළඳන්ට

විනේ කටිනවුන්
විනේ කටිනවුන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම
වනේ නැතිව උන්
වනේ නැතිව උන් දුක දන්නේ කෝම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Vine Katina Un Song Lyrics - විනේ කටිනවුන් ගීතයේ පද පෙළ Vine Katina Un Song Lyrics - විනේ කටිනවුන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 08, 2021 Rating: 5

0 comments:

Post a Comment