Pooruwe Pinakina Song Lyrics - පූරුවේ පිනකිනා ගීතයේ පද පෙළ

Pooruwe Pinakina Song Lyrics - පූරුවේ පිනකිනා ගීතයේ පද පෙළ
Song Title : Pooruwe Pinakina (පූරුවේ පිනකිනා)
ගායනය : වොලී බැස්ටියන්
තනුව : වොලී බැස්ටියන්
ගී පද : වොලී බැස්ටියන්


පූරුවේ පිනකිනා බෝ පෝසතුන් වුණා
ධනය වැඩියි මොකද කරන්නේ
රේස් ඇති වුණා හොඳ ජොකියො බෝ වුණා
පිං රජවරු පවා ගැටෙන්නේ

රේස් ඇති දිනේ මේ පිටියෙ මහතුනී
නොයෙක් ෆැෂන් ඇති කුමාරියෝ
රේස් පොතක් බලමිනේ අතන මෙතන දුවන්නේ
අල්ලන්නෙ නාකි අස්වයෝ
 
රේස් පොත අතේ ඕකමයි හිතේ
ංංංංංංං නිනව්වේ
පැරදුනොත් පුතේ ගෙදර යන්ට නෑ සතේ
පයින් තමයි ගමන ඉලව්වේ
    
හිතේ දිනන්ටයි පැරදෙන්නෙ කරුමෙටයි
පැරදෙයිද තියෙන පෝසතා
ෂුවර් හිට් තමයි ලණු කනව ගොන් ළමයි
නැති වෙනව රටේ දුප්පතා

ණය තුරුස් වෙන්නේ 
දිවි නසා ගන්නේ
සූදුව නිසයි සැම තැනේ
පවුල් අවුල් වන්නේ 
දරු කුසගින්නේ
අයිති වෙන්නෙ පාරෙ හිඟමන

පුංචි ලතා කෝ රේස් පොතක් දෙන්නකෝ
ඩබල් එකක් දමන්නයි හිතේ
මගෙ මැණිකෝ මගෙ ළඟට වරෙන්කෝ
හොඳ ඔය වගෙ නමක් නෑ පොතේ

කියන්නට හපන් කාටත් කටපාඩම්
අස්පයින්ගෙ පරම්පරාව
දරුවන්ගෙ මං වයස ඇහුවනං
මිනිහ කියයි අස්ස කතාව

ණය තුරුස් වෙන්නේ 
දිවි නසා ගන්නේ
සූදුව නිසයි සැම තැනේ
පවුල් අවුල් වන්නේ 
දරු කුසගින්නේ
අයිති වෙන්නෙ පාරෙ හිඟමන

රට කාසි දිනන්නා ගෙටනම් හිඟන්නා
සුපුරුදු පරයගේ ජීවිතේ
අම්ම මැරුණා කිව්වත් නොයයි ඒ ගොනා
ගෙදර පවුල දරුවො හාමතේ

රේස් අස්පයා හරිම යස්සයා
දුගියා ධනවතා කරාවී
ඒ මනුස්පයා වැළඳගත්තොත් අස්පයා
ධනවතත් පාරෙ හිඟාවී

ණය තුරුස් වෙන්නේ 
දිවි නසා ගන්නේ
සූදුව නිසයි සැම තැනේ
පවුල් අවුල් වන්නේ 
දරු කුසගින්නේ
අයිති වෙන්නෙ පාරෙ හිඟමන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pooruwe Pinakina Song Lyrics - පූරුවේ පිනකිනා ගීතයේ පද පෙළ Pooruwe Pinakina Song Lyrics - පූරුවේ පිනකිනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 23, 2021 Rating: 5

0 comments:

Post a Comment