Liyu Kawipada Dahak Song Lyrics - ලියූ කවිපද දහක් ගීතයේ පද පෙළ

Liyu Kawipada Dahak Song Lyrics - ලියූ කවිපද දහක් ගීතයේ පද පෙළ
Song Title : Liyu Kawipada Dahak (ලියූ කවිපද දහක්)
ගායනය : ක්‍රීෂාන්ත එරන්දක, මංජුලා නිවන්ති
“අනුත්තරා“ තේමා ගීතය


ලියු කවි පද හදක් අතරේ
ලියා ගන්නට බැරිව ලතැවුන
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනවා මං
තවම ලියනවා මං

නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ
කියා ගන්නට බැරිව සැනහුනු
එකම එක දිග පුංචි පැතුමක්
තවම පතනවා මං
තවම පතනවා මං

උණුසුමක් රැදි පළල් උරයක
වෙලී සැතපී නිදන යුගයක
නුඹෙ සුසුමක් සමග මියැදී
යන්න තිබුනා නම්
මගෙ දෙනෙත්පෙති තෙමා රිදවන
කදුළු නැ එහෙනම්

සදවතක රැදි සදළු තලයක
තරු කැටක් වී රැදුනු දවසක
ලතෙක් සෙනෙහස නුඹේ සිත ලඟ
රැදී නොතිබුනි නම්
මගෙ දරදඩු පිරිමි සිත යට
කඳුළු නැ එහෙනම්

ලියු කවි පද හදක් අතරේ
ලියා ගන්නට බැරිව ලතැවුන
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනවා මං
තවම ලියනවා මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Liyu Kawipada Dahak Song Lyrics - ලියූ කවිපද දහක් ගීතයේ පද පෙළ Liyu Kawipada Dahak Song Lyrics - ලියූ කවිපද දහක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 01, 2021 Rating: 5

0 comments:

Post a Comment