කහ බත් හදමු (Kaha Bath Hadamu - ‍Yellow Rice)

කහ බත් හදමු (Kaha Bath Hadamu - ‍Yellow Rice) - Your Choice Way
 මම අද ඔයාලට රසට කහ බතක් හදන්න කියලා දෙන්න යන්නේ. කහ බත එකඑක්කෙනා විවිධ විදිහට හදනවා. මේ මම කහ බත හදන විදිහ. මේ විදිහටත් හදලා බලන්න හරිම රසයි.එහෙනම් අපි බලමු මේ කහ බත හදන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා,

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ☑ සම්බා හාල් 1Kg
  • ☑ උකු පොල් කිරි 2 cup
  • ☑ ලොකු ලුණු ගෙඩි 2ක්
  • ☑ කුරුදු පොතු කැල්ලක්
  • ☑ ලොකු සුදුළූණු ගෙඩියක්
  • ☑ ඉගුරු පොඩි කැල්ලක්
  • ☑ කරපිංචා ඉති 3-4ක්
  • ☑ රම්පේ කෑල්ලක්
  • ☑ කරදමුංගු 2-3ක්
  • ☑ කරාබුනැටි 3ක්
  • ☑ ලුණු 
  • ☑ බටර්/ දුන්තෙල්/ මාගරින්/ ගිතෙල් 3tbsp
  • ☑ කහ කුඩු

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම හාල් සෝදා වතුර බේරෙන්නට තබන්න.
  2. සුදුළූණු, ඉගුරු, කරදමුංගු, කරාබුනැටි, කුරුදු එකට අඔරා පේස්ට් එකක් හදාගන්න. Blender එකක් හෝ වංගෙඩියක් ආධාරයෙන් පේස්ට් එක හදාගන්න.
  3. බටර් හෝ තෙල් බදුනකට දමා රත්කරගන්න. එයට කරපිංචා, රම්පේ, සුදුළූණු පේස්ට් එක, රටළූණු දමා රන්වන් පාට වන තෙක් බැදගන්න. 
  4. එයට හාල්ද එකතු කර විනාඩි 3ක් පමණ තෙම්පරාදු කර පොල් කිරි, ලුණු හා අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා බත පිස ගන්න.
  5. මෙයට බැදගත් කජු, රටළූණු, ග්‍රීන් පීස් යොදා සරසා ගන්න.
මේ කහ බත හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...රස පදම
කහ බත් හදමු (Kaha Bath Hadamu - ‍Yellow Rice) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කහ බත් හදමු (Kaha Bath Hadamu - ‍Yellow Rice) කහ බත් හදමු (Kaha Bath Hadamu - ‍Yellow Rice) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 07, 2021 Rating: 5

0 comments:

Post a Comment