Your Choice Way

Kaalaya Song Lyrics - කාලය ගීතයේ පද පෙළ

Kaalaya Song Lyrics - කාලය ගීතයේ පද පෙළ
Song Title : Kaalaya (කාලය)
Artist : Dumal Warnakulasuriya
Lyrics : Punya Samarakoon
Melody & Music : Pasan Thilakawardana
Guitar : Buddhika Perera
Violin : Rukshan Gunawardhana
Cello : Kethaki Surawiera
Backup Vocal : Jayod Koshila Nawarathne


කාලය පැනගියත්
යල් පැන නො යයි සිතූ
සිතුවිල්ලක්ම විය
හද පත්ලෙහි ම විසූ

කදුලකට මුසු වුනත් සේදී
නොයයි සිතූ
හසරැල්ලක් විය
දෙනයක මත පිපුනූ

මළ සෙනෙහසට
හුස්ම පිඹුමින් සිටිමි
නොමල ගෙයකින්
අඹ මිටක් පතමි

මළ සෙනෙහසට
හුස්ම පිඹුමින් සිටිමි
නොමල ගෙයකින්
අඹ මිටක් පතමි

මැරුණු අතු මත
හිනැහෙන
තවම නොමැරුනු මල් වල
කතාවක් ඇත කියා ගන්නට
බැරුව මුව මත ගොළු වුන

මැරුණු අතු මත
හිනැහෙන
තවම නොමැරුනු මල් වල
කතාවක් ඇත කියා ගන්නට
බැරුව මුව මත ගොළු වුන

කාලය පැනගියත්
යල් පැන නො යයි සිතූ
සිතුවිල්ලක්ම විය
හද පත්ලෙහි ම විසූ

කදුලකට මුසු වුනත් සේදී
නොයයි සිතූ
හසරැල්ලක් විය
දෙනයක මත පිපුනූ

නිසල ඇස් මත දගලන
සසල වුන ඇසිපිල්ලක
කතාවක් ඇත කියාගන්නට
බැරුව කදුලක ගල් වුන

නිසල ඇස් මත දගලන
සසල වුන ඇසිපිල්ලක
කතාවක් ඇත කියාගන්නට
බැරුව කදුලක ගල් වුන

කාලය පැනගියත්
යල් පැන නො යයි සිතූ
සිතුවිල්ලක්ම විය
හද පත්ලෙහි ම විසූ

කදුලකට මුසු වුනත් සේදී
නොයයි සිතූ
හසරැල්ලක් විය
දෙනයක මත පිපුනූ

මළ සෙනෙහසට
හුස්ම පිඹුමින් සිටිමි
නොමල ගෙයකින්
අඹ මිටක් පතමි

මළ සෙනෙහසට
හුස්ම පිඹුමින් සිටිමි
නොමල ගෙයකින්
අඹ මිටක් පතමි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kaalaya Song Lyrics - කාලය ගීතයේ පද පෙළ Kaalaya Song Lyrics - කාලය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, July 24, 2021 Rating: 5

0 comments:

Post a Comment