Hayi Huyi Babi Achchige Song Lyrics - හායි හූයි බබි ආච්චිගෙ ගීතයේ පද පෙළ

Hayi Huyi Babi Achchige Song Lyrics - හායි හූයි බබි ආච්චිගෙ ගීතයේ පද පෙළ
Song Title : Hayi Huyi Babi Achchige (හායි හූයි බබි ආච්චිගෙ)
ගායනය  : වොලී බැස්ටියන්ස්
පද : වොලී බැස්ටියන්ස්
මෙම ගීයේ තනුව, 1929 දී Harry J. Lincoln විසින්  නිර්මාණය කරණ ලද Repasz Band March නම් පෙරෙට්ටු වාද්‍ය ඛණ්ඩයෙන් උපුටා ගනු ලැබූවකි.



හායි හූයි බබි ආච්චිගෙ බයිසිකල් එක
කොල්ලො කෙල්ලො වට කරගෙන 
බබි ආච්චිව මැද තියාගෙන 
කොල්ලො කෙල්ලො උඩ පැන පැන ගැහුව බෙල් එක 

බබයියාට යන්ට වෙලා වින්නඹු ගේට 
දුන්න ගෙනත් බබි ආච්චිගෙ බයිසිකල් එක 
කොල්ලො කෙල්ලො එය පැදලා 
රෝද දෙකත් බකල් වෙලා 
වැටුණ බබයියා පැදගනෙ ගොසින් අගලට 

 පුළුටු කැවිලා බබි ආච්චී දත්මිටි කන්නේ 
දිස්ටි වැහිල බබි ආච්චී ලෙඩින් දෙවියනේ 
බබයියා නම් හරි නාකියි 
බබි ආච්චී හැට දෙකකී 
බබි ආච්චී ලෙඩින් දොළොස් මසක් ගතවුණේ 

 බබි ආච්චී බබයියාට මෙහෙම කියන්නේ 
මේ විදියට කල් ඇරියොත් වැඩ වරදින්නේ 
දොළොස් මසක් ගත වෙච්චී බඩේ දරුව ලොකු වෙච්චී 
මේකට අපි දෙහි කැපුවොත් වස් දොස් යන්නේ 

 කට්ටඩි රාළ ව බබයියා ගෙදර කැඳෙව්වා 
බෙර ගහලා දෙහි කපලා යකුන් නැටෙව්වා 
බබි ආච්චී පරල වෙලා 
නටයි ගෙදර හූ කියලා 
කට්ටඩි රාළ ව බඩදරු අම්මා නැටෙව්වා 

 කට්ටඩියා මතුරයි පන්දමක් වන වනා 
බබි ආච්චිගෙ බඩ රිදෙනා මර හඬ දෙන්නා 
බෙරකරුවා බෙර ගසතී 
යක්ස මූණු දා නටතී 
රෑ ජාමෙට හූ හඬදී දරුව උපන්නා 

 හායි හූයි බබි ආච්චිගෙ බයිසිකල් එක 
කොල්ලෝ රැලක් වට කරගෙන ගැහුව බෙල් එක 
කොල්ලො කෙල්ලො වට කරගෙන බබි ආච්චිව මැද තියාගෙන 
කොල්ලො කෙල්ලො උඩ පැන පැන ගැහුව බෙල් එක 

 දරුව දැකලා වින්නඹුතැන මැරිලා වැටිච්චී 
මරුව වගේ දරුවා කුස්සියට වැදිච්චී 
යක්ස දරුව හිනාවෙලා 
ලිප් ගල් තුන උඩ නැගලා 
අග්ගල ගුලි ඉල්ලුවාම මම බයවෙච්චී 

 කට්ට කළුයි දත් හතරයි යක්ස පැටියගේ 
ඇස් රතට රතුයි හිස බොකුටුයි දිව දිගයි උගේ 
යක්ස දරුගෙ ආරංචී 
මුළු ගමේම පැතිරෙච්චී 
කොල්ලො කෙල්ලො පිරිල ගෙදර කෝලමක් වගේ 

 රාළහාමි කෙනෙක් එතෙන්ට දුවගෙන ආවා 
අතේ තිබුණ තුවක්කුවෙන් එල්ල කෙරෙව්වා 
හෙණ වෙඩිල්ල පිපිරිච්චී 
යක්ස ඔළුව කුඩුවෙච්චී 
බබි ආච්චී යක්ස බයෙන් කැලේට දිව්වා 

 මෝඩකම් කරයි බඩදරු අපේ අම්මලා 
යක්ස නැටුම් බලි තොවිල් නොයන් බල බලා 
පුළුටු කකා රෑ ජාමේ 
නොයන් බඩදරු අම්මේ 
ගියොත් වෙන්නෙ හරි විපතයි යක්කු බෝවෙලා 

හායි හූයි බබි ආච්චිගෙ බයිසිකල් එක 
කොල්ලෝ රැලක් වට කරගෙන ගැහුව බෙල් එක 
කොල්ලො කෙල්ලො වට කරගෙන බබි ආච්චිව මැද තියාගෙන 
කොල්ලො කෙල්ලො උඩ පැන පැන ගැහුව බෙල් එක

Repasz Band in 1886
Hayi Huyi Babi Achchige Song Lyrics - හායි හූයි බබි ආච්චිගෙ ගීතයේ පද පෙළ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hayi Huyi Babi Achchige Song Lyrics - හායි හූයි බබි ආච්චිගෙ ගීතයේ පද පෙළ Hayi Huyi Babi Achchige Song Lyrics - හායි හූයි බබි ආච්චිගෙ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 30, 2021 Rating: 5

0 comments:

Post a Comment