ගවරා විසූ - ගවරවිල සොයා මහ වනයට 🌳🐂🌳 (Gawarawila)

ගවරා විසූ - ගවරවිල සොයා මහ වනයට 🌳🐂🌳 (Gawarawila) - Your Choice Way

අද අපි කියන්න යන්නේ ගොඩක් දෙනෙක් අහලා පුරුදු නැති තැනක් ගැන..ඒ නමින් ගවරවිල..

මුලින්ම මෙතනට නම ආපු විදිහ ගැන තියෙන ජනප්‍රවාදයකින් කතාව පටන් ගන්නම්..

ගවරවිල යන වචනයේ අර්ථයෙන්ම ‘ගවරා’ නම් සාමාන්‍ය මීහරකෙකුට වඩා විශාල සත්වයෙක් ගැනයි....

ඔයාලා අහලා ඇතිනේ ‘බයිසන් ගවයා’ ඒ වගේ සතෙකු වූ ගවරා අතීතයේ මෙම ප්‍රදේශය තුළ ජීවත් ව සිට ඇති බව ජනප්‍රවාදයේ සදහන් වෙනවා...

ගවරා විසූ අර්ථයෙන් ගවරවිල ලෙස මේ නම ආවා කියලා තමා කියන්නේ...

ගවරවිල යනු විශාල කඳුවැටියක්.. මධ්‍යම පළාතට තමා මායිම් වෙලා තියෙන්නේ.. තවද පළාත් දෙකක් යා කරන ඉසව්වක් කිව්වත් හරී.. ඒ සබරගමුව හා මධ්‍යමයි..

මෙම සමස්ත කඳුවැටිය මතින් දිය ඇලි දහයක් පමණ උපත ලබනනවා..

ගවරවිල ප්‍රධාන කන්දේ උස මීටර 1980ක් පමණ වන අතර ඊට අමතරව මීටර 1900 වඩා උසැති අවශේෂ කඳු දෙකක් මෙහි පිහිටා තියෙනවා... 

ගවරවිල තැන්න බැලූ බැල්මට කුඩා හෝර්ටන් තැන්නක් කිව්වත් හරී... හැබැයි එහි පිරී ඇත්තේ මාන පඳුරු පමණයි...

ගරනවිල විශාල පතන භූමියක්.. ඒ වගේම ගවරවිල කියන්නේ කන්දක් ඒ වගේම ගවරවිල ඇල්ලත් අපිට බලන්න පුලුවන්..

මේ ඔක්කොම එකට බැදිලයි තියෙන්නේ..

ඒ වගේම සමනල රක්‍ෂිතයේ ඇති විශාලතම පතන භූමිය මෙයයි. 

ඒ වගේම කැලණි සහ වලවේ ගංගාවල අර්ධ පෝෂක ඉසව්ව මෙයයි. 

මීදුම නැති දවසක නම් සමනල කන්දත් හරි අපූරුවට පේනවා..

මෙතන හරී අපූරු පරිසරයක් සොබාදහමේ අපූරුව විදින්න යන්න ඕනෙම තැනක්...

මිනිස් පහස වැඩිපුර නොගැටුණු නිසා මේ පරිසරය තවමත් ආරක්ෂිතයි.. මතක තියාගන්න ගියාට කමක් නෑ පරිසරය රැකලා ආයේ එන්න හොදේ..නැත්නම් ගෙදරට වෙලා ඉන්න🙏

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 මේ පින්තූර එකතුවේ අවසානයට තියෙනවා දැනට ඉන්දියාවේ සිටින ගවරෙකුගේ පින්තූරයක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගවරා විසූ - ගවරවිල සොයා මහ වනයට 🌳🐂🌳 (Gawarawila) ගවරා විසූ - ගවරවිල සොයා මහ වනයට 🌳🐂🌳 (Gawarawila) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 30, 2021 Rating: 5

0 comments:

Post a Comment