Ekama Widiye Dethun Wathawak Song Lyrics - එකම වීදියේ දෙතුන් වතාවක් ගීතයේ පද පෙළ

සිංදු පොත,Priya Sooriyasena,ප්‍රියා සූරියසේන මහත්මා
Song Title : Ekama Widiye Dethun Wathawak (එකම වීදියේ දෙතුන් වතාවක්)
ගායනය : ප්‍රියා සූරියසේන
සංගීතය : ප්‍රියා සූරියසේන
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


එකම වීදියේ දෙතුන් වතාවක්
එහා මෙහා අපි ඇවිද ඇතී
බිමට නැමුණු මල් අතු ඉති අතරේ
අපේ කතාවන් රැඳී ඇතී

සුදු හසඟන සේ හසරැළි ඉහලා
හඳ පායන සේ හද ගිණි නිවලා
ඔබ මා සුරතේ දසඟිලි පටලා
දොඩමළු වීලා මට ඉඟි කරලා

හැන්දෑ යාමේ මා අත හැරලා
යන්නී ඔබ ඔබේ කුටියට පෙරලා
කවුළුව අතරින් හසරැලි එළලා
මම යමි මගේ හිත ඔබ ළඟ තියලා

තනි යහනේ මා කෙසේ සිතන්නේ
මා සිත ඔබේ ළඟ නොවෙද තියෙන්නේ
ඔබට හිතෙන දේ හිතට කියාදී
හෙට එන විට යලි රැගෙන වරෙන්

එකම වීදියේ දෙතුන් වතාවක්
එහා මෙහා අපි ඇවිද ඇතී
බිමට නැමුණු මල් අතු ඉති අතරේ
අපේ කතාවන් රැඳී ඇතී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ekama Widiye Dethun Wathawak Song Lyrics - එකම වීදියේ දෙතුන් වතාවක් ගීතයේ පද පෙළ Ekama Widiye Dethun Wathawak Song Lyrics - එකම වීදියේ දෙතුන් වතාවක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 07, 2021 Rating: 5

0 comments:

Post a Comment