Eka Maga Yana Sohoyuran Song Lyrics - එක මඟ යන සොහොයුරන් ගීතයේ පද පෙළ

Eka Maga Yana Sohoyuran Song Lyrics - එක මඟ යන සොහොයුරන් ගීතයේ පද පෙළ
Song Title : Eka Maga Yana Sohoyuran (එක මඟ යන සොහොයුරන්)
ගායනය : ප්‍රදීපා ධර්මදාස සමග ලක්ෂ්මන් විජේසේකර
පද රචනය : කපිල කුමාර කාලිංග
තනුව හා සංගීතය : සේන වීරසේකර
"නෙළුම් පොකුණ" වේදිකා නාට්‍යයෙන්...


එක මඟ යන සොහොයුරන් වෙමු අපි ජීවිතේ
කැටිවුණු  අඳුරේ 
දෙපයින් යන්නෝ
සසලවු සුළඟේ
රැය දිව යන යාමයේ
උහුලනු බෑ පාළුයි
කෝ.... ඕ.... ඕ....   ළඳුන් (ළඳුන්)
කෝ.... ඕ.... ඕ....   ළඳුන් (ළඳුන්)

ඉඳහිට එන මගියෙක් විමසයි යම් තැනක්
දන්නෙමි එය
ගෙනයමි ඔහු මම කෙටි දුරක්
ආපසු එන ගමනේ
සෙබළුන් මොර දිදී විමසයි මගෙ ජාතිය
රළු බසින්
රළු බසින්

ලල් ලල් ලල් ලල් ලලල්ල ලා ////////

පියපත් විදහා යමි මම දැන් නිදහසේ
මුහුදක් සේ ගැඹුරුයි මට දැන් ජීවිතේ
පියපත් නැති කවුරුද ඉන්නේ මාවතේ
කඳුළක් ගෙන දෝතට දෙන්නෙමි හදවතේ

අළුයම සිහිලැල්  පිනි කඳුළින් නෙත් තෙමා
හිම සුණු අතරේ ඒ මාවත දිස්වේ
පැහැබර කළ මැන ඒ ලොව දෙතොළින්
ගීයක් පුදදෙමි ඔබ වෙනුවෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eka Maga Yana Sohoyuran Song Lyrics - එක මඟ යන සොහොයුරන් ගීතයේ පද පෙළ Eka Maga Yana Sohoyuran Song Lyrics - එක මඟ යන සොහොයුරන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 08, 2021 Rating: 5

0 comments:

Post a Comment