දියවැඩියාව ඇතුළු රෝග රැසක් නසන බණ්ඩක්කා (Bandakka[Okra])

දියවැඩියාව ඇතුළු රෝග රැසක් නසන බණ්ඩක්කා (Bandakka[Okra]) - Your Choice Way
✅ සිංහල බෙහෙත් වට්ටෝරු අතර ප්‍රමුඛ වන මෙයින් දියවැඩියාව, මානසික ආතතිය, හන්දි වේදනා වැනි රෝග තත්ව රැසක් පාලනය කරගන්නට පුළුවන්!

✅ බණ්ඩක්කා යනු ලංකාවේ ගෙවතු වල පහසුවෙන්ම වගා කල හැකි අද්විතීය ගුණැති එළවළුවක්. අපි උයන කර්මයට බොහෝ පොඩිත්තන් බණ්ඩක්කා කෑමට ටිකක් ඇලි මැලි වුවත් මෙය පිසගන්නා විවිධ රසවත් අකාරද නැතුවා නොවේ.

✅ අද කාලයේ සමාජයේ බහුල ලෙස පැවතිය රෝග තත්ව මෙන්ම ජිවන රටාවේ සෞඛ්‍ය අභියෝග රැසකටද ප්‍රතිකර්ම ලෙස ක්‍රියා කිරීමට බණ්ඩක්කා වලට හැකියාව තිබෙනවා. දියවැඩියාව සඳහා සිංහල බෙහෙත් වට්ටෝරු වලට අයත් වන ගුණ ඇති බණ්ඩක්කා මානසික ආතතිය, ස්ථුල බව, අධික කොලෙස්ටරෝල් මෙන්ම හන්දිපත් රුදා සමනය කිරීමටද සමත් වීම විශේෂයි.

✅ බණ්ඩක්කා වල ඖෂධීය ගුණ
🌿 ඉංග්‍රීසි භාෂාවෙන් Okra නැතහොත් Ladies Fingers ලෙස හැඳින්වෙන බදක්කා හින්දි භාෂාවෙන් ‘බින්දී’ ලෙස හඳුන්වන අතර එය දකුණු ඉන්දියාවේ විවිධ ක්‍රම වලට පිස ගැනෙන ප්‍රසිද්ධ එළවළුවක්.

🌿 බණ්ඩක්කා සෞක්‍යයට ඉතා ගුණදායක ආහාරයක් ලෙස දිගු කාලයක් තිස්සේ අනුමත කර ඇති අතර පොටෑසියම්, විටමින් බී, විටමින් සී, ෆෝලික් අම්ලය සහ කැල්සියම් වැනි ගුණදායක සංඝටක එහි අන්තර්ගත වනවා. බණ්ඩක්කා වල සෞඛ්‍යට ප්‍රමාණවත් කැලරි ප්‍රමාණයක් අඩංගු වනවා පමණක් නොව ඉහළ ආහාරමය තන්තු ප්‍රමාණයක්ද අන්තර්ගත වනවා. දිනපතා ආහාර වේලට ඇතුළත් කිරීම වඩාත් යෝග්‍ය වන බණ්ඩක්කා දියවැඩියාව (1 හා 2 වර්ග) පාලනය කිරීමේ විශේෂ ගුණ ඇති ආහාරයක් ලෙසද හැඳින්වෙනවා. 

✅ අධික තන්තුමය ගුණ දියවැඩියාව පාලනය කරයි
🌿 බණ්ඩක්කා තන්තුමය ආහාරයක් වන අතර සාමාන්‍ය ප්‍රමාණයේ බණ්ඩක්කා කරල් 8ක් තන්තු ග්රෑම් 3ක් පමණ ඇතැයි කියැවෙනවා. මෙම තන්තුමය ව්‍යුහය නිසා අහාර දිරවීම පහසු වන අතර සාගින්න මැඩ පවත්වනු ඇත. තවද වැඩිපුර බණ්ඩක්කා පරිභෝජනය කිරීම ග්ලයිසමික් පාලනය පවත්වාගනිමටත් ඉන්සියුලින් සංවේදීතාව නිසි ප්‍රමාණයට පවත්වාගනිමටත් හැකියාව ලැබෙනවා.  මානසික ආතතිය පාලනය කරයි 

🌿 බණ්ඩක්කා වල බීජ නිස්සාරණය, රුධිරයේ ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කෙරෙන බව පෙන්වා දී තිබෙනවා. මෙයින් රුධිරයේ ආතතිය පාලනය කෙරෙන අතර එය දියවැඩියාව පාලනය කිරීමටද ඉවහල් වනවා.  මානසික සෞඛ්ය රැකගැනීම දියවැඩියාවේ ප්‍රතිකාර සැලැස්මක කොටසක් සේ සැලකෙන්නේ නම් වඩාත් යෝග්‍යය.  රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි

🌿 තන්තුමය ආහාර මගින් රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කෙරෙනවා පමණක් නොව ඒවා ප්‍රතිඔක්සිකාරකයක් ලෙසද ක්‍රියා කරනවා. අධික කෙඳි අන්තර්ගත හා ප්රතිඔක්සිකාරක ගුණයෙන් යුත් ආහාර නිර්දේශ කෙරේ. ඇමරිකානු හෘද සංගමය පවසන පරිදි දියවැඩියාවෙන් පෙළෙන අයට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම් ඇතිවීමට ඉඩ තිබේ. ඉහළ කොලෙස්ටරෝල් මට්ටම් දියවැඩියාව සමඟ සංයෝජිතව ඇති විට, දෘෂ්ටිය හොඳ නැත. ඔබේ ආහාර වේලට සෞඛ්ය සම්පන්න කොලෙස්ටරෝල් මට්ටම් ඇති බවට වගබලා ගැනීම ඉතාමත් වැදගත් ය.

✅ නිරෝගී ශ්වසන පද්ධතියක් ඇති කරයි
🌿 සුදුසු ව්‍යායාම මාලාවක් සමඟ ආහාර වේලට දිනවතා බණ්ඩක්කා ඇතුලත් කිරීමෙන් නිරෝගී ශ්වසන පද්ධතියක් පවත්වාගත හැකි වනවා. බණ්ඩක්කා අහාරයට ගැනීමෙන් සිරුර ශක්තිමත් මෙන්ම ප්‍රබෝධමත් කෙරෙනු ඇත. එනම් බණ්ඩක්කා අනුභව කිරීම තුලින් වඩාත් ක්‍රියාශීලි ජිවන රටාවකට අවතීර්ණ වන්නට පිළිවෙන.

🌿 දණහිස් සහ අනෙකුත් හන්දි ශක්තිමත් කර රිදීම් වලක්වයි.

🌿 බණ්ඩක්කා වලින් හන්දි වලට ඇති ගුණ ගැන ඔබ අසා ඇතිවාට සැකයක් නැහැ. බණ්ඩක්කා කරල් තුල ඇති සේවලාමය තරලය මගින් හන්දි වල - විශේෂයෙන්ම දණහිස් වල කාටිලේජ අතර ඇති ජෙලි වන් තරල පෝෂණය කර ශක්තිමත් කෙරෙන බව කියවෙනවා.

✅ දියවැඩියාව මෙන්ම හන්දි කාටිලේජ ගැටළු නිරාකරණය කරගැනීමට කදිම බණ්ඩක්කා සිංහල බෙහෙත් වට්ටෝරු වලින් එකක්  පහත දක්වමු.

✅ දියවැඩියාව සහ හන්දි කාටිලේජ ගැටළු සඳහා බණ්ඩක්කා වතුර සත්කාරය
👉 බණ්ඩක්කා කරල් 3ක් හෝ 4ක් ගෙන කෙරවලවල් කපාගන්න

👉 දැන් මේවා දිගු අතට කපාගන්න

👉 මේවා වතුර ලීටර භාගයක දමා තම්බාගන්න.

👉 රෑ එළි වන තුරු තබාගත් මෙය පසුදා උදැසන පාවිච්චියට ගන්න. එනම්, මෙහි ජලය පානය කොට තම්බුනු බණ්ඩක්කා අහාරයට ගන්න.

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දියවැඩියාව ඇතුළු රෝග රැසක් නසන බණ්ඩක්කා (Bandakka[Okra]) දියවැඩියාව ඇතුළු රෝග රැසක් නසන බණ්ඩක්කා (Bandakka[Okra]) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 28, 2021 Rating: 5

0 comments:

Post a Comment