අලිපේර මිල්ක්ශේක් හදමු 🥑👌 (Aliphera Milkshake Hadamu - Avocado)

අලිපේර මිල්ක්ශේක් හදමු 🥑👌 (Aliphera Milkshake Hadamu - Avocado) - Your Choice Way
ඉස්තරම් රහට අලිපේර මිල්ක්ශේක් හදමු  . TODAY'S MY YUMMY BREAKFAST 😋 😋 ❤ 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • හොඳින් ඉදුණු අලිපේර ගෙඩි 2 ක්
  • නැවුම් කිරි මිලි ලීටර් 500 (පිටි කිරි හදල ශීත කරල ගන්නත් පුළුවන්)
  • සීනි මේස හැඳි 5 ක්
  • ලුණු තේ හැඳි 1 / 8 ක්
  • දෙහි යුෂ මේස හැඳි 1 ක්
  • වැනිලා අයිස් ක්‍රීම් ස්කූප් 2 ක්
  • අයිස් කැට ටිකක්

✅ සාදන ක්‍රමය :

  1. මුලින්ම අලිපේර දෙකට පලල ඇටේ අයින් කරල පොඩ්ඩක් විපරම් කරල බලන්න පණුවො එහෙම ඉන්නවද කියල. එහෙම නැත්නම් හැන්දකින් හූරල අරන් බ්ලෙන්ඩර් කප් එකට දා ගන්න.
  2. දැන් අයිස් කැට ටිකක් එකතු කරල ලුණු ස්වල්පය සහ සීනි සහ දෙහි එකතු කරල තුන් හතර පාරක් නවත්ත නවත්ත ක්‍රීම් එකක් වෙනතුරු බ්ලෙන්ඩ් කරන්න.
  3. පසුව කිරි එකතු කරන්න.(පිටිකිරි එකතු කරනවානම් හොද ශීත මට්ටමේ තිබිය යුතුයි.) නැවතත් බ්ලෙන්ඩ් කරන්න.
  4. දැන් අයිස් ක්‍රීම් එකතු කරල ආයෙම හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. සාමාන්‍යයෙන් අපි අලිපේර හදන්නෙ තික් ගතියක් එන්න. නමුත් තික් ගතිය වැඩියි නම් තව fresh milk ටිකක් හෝ ජලය එකතු කරන්න.

✅ වැදගත් : 

  • 👹️ කිරිපිටි ගන්නවා නම් පිට රට වලින් ගෙන්වන වහ කුඩු එහෙම ගන්න එපා. හයිලන්ඩ් හෝ පැලවත්ත විතරක්ම ගන්න. Fresh milk උනත් හයිලන්ඩ් හරි කොත්මලේ හරි ගන්න.නැත්නම් ජලය එකතු කරන්න.
  • 🔴 සීනි වැඩිය දාන්න එපා.අයිස් ක්‍රීම් එකතු කරන නිසා.
  • 🔴 මෙම පානය කැමති නම් චොක්ලට් රසට හදා ගන්නත් පුළුවන්.කරන්න තියෙන්නෙ ඩාක් චොකලට් ඩබල් බොයිල් කරල දැමීම හෝ කොකෝවා පවුඩර් එකතු කර ගන්න.නැත්නම් වැනිලා අයිස් ක්‍රීම් වෙනුවට චොකලට් අයිස් ක්‍රීම් එකතු කලත් හරි.නමුත් මම නම් කැමති අලිපේර වල ස්වභාවික රස සහ සුවඳට.🥑🥑
ඉතින් මේ දවස් වල අලිපේර බහුලව තියන නිසා ඉක්මනට පහසුවෙන් හදන්න පුළුවන්.අලිපේර කියන්නෙ හරිම පෝෂ්‍යදායි පළතුරක්. අද මගේ උදේ ආහාරය තමයි මේක.

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
අලිපේර මිල්ක්ශේක් හදමු 🥑👌 (Aliphera Milkshake Hadamu - Avocado) - Your Choice Way

අලිපේර මිල්ක්ශේක් හදමු 🥑👌 (Aliphera Milkshake Hadamu - Avocado) - Your Choice Way

අලිපේර මිල්ක්ශේක් හදමු 🥑👌 (Aliphera Milkshake Hadamu - Avocado) - Your Choice Way

අලිපේර මිල්ක්ශේක් හදමු 🥑👌 (Aliphera Milkshake Hadamu - Avocado) - Your Choice Way

අලිපේර මිල්ක්ශේක් හදමු 🥑👌 (Aliphera Milkshake Hadamu - Avocado) - Your Choice Way

අලිපේර මිල්ක්ශේක් හදමු 🥑👌 (Aliphera Milkshake Hadamu - Avocado) - Your Choice Way

අලිපේර මිල්ක්ශේක් හදමු 🥑👌 (Aliphera Milkshake Hadamu - Avocado) - Your Choice Way

අලිපේර මිල්ක්ශේක් හදමු 🥑👌 (Aliphera Milkshake Hadamu - Avocado) - Your Choice Way

අලිපේර මිල්ක්ශේක් හදමු 🥑👌 (Aliphera Milkshake Hadamu - Avocado) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අලිපේර මිල්ක්ශේක් හදමු 🥑👌 (Aliphera Milkshake Hadamu - Avocado) අලිපේර මිල්ක්ශේක් හදමු 🥑👌 (Aliphera Milkshake Hadamu - Avocado) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 02, 2021 Rating: 5

0 comments:

Post a Comment