Akalata Wata Maha Warusawak Song Lyrics - අකලට වට මහ වරුසාවක් ගීතයේ පද පෙළ

Akalata Wata Maha Warusawak Song Lyrics - අකලට වට මහ වරුසාවක් ගීතයේ පද පෙළ
Song Title : Akalata Wata Maha Warusawak (අකලට වට මහ වරුසාවක්)
ගායනය : නිරංජලා සරෝජිනී
සංගීතය : නන්දා මාලිනී
ගී පද : දයා ද අල්විස්


අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනෙක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයිදෝ යළි ආවේ

පෙරදා මෙන් හද මල් පිපුනාදෝ
සතුටු කඳුළු නුඹ ළඟ මිදුනාදෝ
අතීත ආදර නටබුන් අතරේ
මන්දිර මැව්වාදෝ

සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ

හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබේ ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළඟකදී ලබන දිනේ

අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනෙක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයිදෝ යළි ආවේ
ඇයිදෝ යළි ආවේ
ඇයිදෝ යළි ආවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Akalata Wata Maha Warusawak Song Lyrics - අකලට වට මහ වරුසාවක් ගීතයේ පද පෙළ Akalata Wata Maha Warusawak Song Lyrics - අකලට වට මහ වරුසාවක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 01, 2021 Rating: 5

0 comments:

Post a Comment