Kedinada Kudu Hadannata Enne Song Lyrics - කෙදිනද කූඩු හදන්නට එන්නේ ගීතයේ පද පෙළ

Kedinada Kudu Hadannata Enne Song Lyrics - කෙදිනද කූඩු හදන්නට එන්නේ ගීතයේ පද පෙළ
Song Title : Kedinada Kudu Hadannata Enne (කෙදිනද කූඩු හදන්නට එන්නේ)
ගායනය : නිරංජලා සරෝජිනී
තනුව හා සංගීතය : ස්ටැන්ලි පීරිස්
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්


කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ

බිඳුණු සෙනේ දළු ලියලා ලා ගිනි
වනපෙත ඒකාලෝක කෙරේ
මා ප්‍රිය හිමි ඔබ එයි විඩාවෙන්
දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ

දෙපය දොවා පිණි දිය දෝරේ ගිය
බිරිඳක වූ දා නේද අගේ
මා හිස සිඹ දොඩනා කතන්දර
රස මසවුලු සුව‍ඳෙහි තුඩ තබනට
සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ
කවදා තනිවන්නේ

කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ

සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kedinada Kudu Hadannata Enne Song Lyrics - කෙදිනද කූඩු හදන්නට එන්නේ ගීතයේ පද පෙළ Kedinada Kudu Hadannata Enne Song Lyrics - කෙදිනද කූඩු හදන්නට එන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 01, 2021 Rating: 5

0 comments:

Post a Comment