හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ දෙකෙහි එකතුවට වඩා 1,500 ගුණයකටත් වඩා ප්‍රබල රාක්ෂ පරමාණු බෝම්බය (The Monster Atomic Bomb)

හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ දෙකෙහි එකතුවට වඩා 1,500 ගුණයකටත් වඩා ප්‍රබල රාක්ෂ පරමාණු බෝම්බය (The Monster Atomic Bomb) - Your Choice Way
1961 දී සෝවියට් සංගමය න්‍යෂ්ටික බෝම්බයක් අත්හදා බැලූ අතර එය යුද්ධයකදී භාවිතා කිරීමට විශාල වැඩි එකක් විය. එමෙන්ම එය බෙහෙවින් වෙනස් ආකාරයක දුරදිග යන බලපෑම්ද ඇති කළේය.

1961 ඔක්තෝබර් 30 වන දින උදෑසන සෝවියට් ටූ -95 (Tu - 95) බෝම්බ හෙලන ගුවන් යානයක් රුසියාවේ උතුරේ කෝලා අර්ධද්වීපයේ ඔලෙන්යා ගුවන් තොටුපලේ සිට ගුවන් ගත විය. ටූ -95 යනු ඊට වසර කිහිපයකට පෙර පැමිණි ගුවන් යානා වර්ගයක විශේෂයෙන් වෙනස් කරන ලද අනුවාදයකි. රුසියාවේ න්‍යෂ්ටික බෝම්බ රැගෙන යාමේ කාර්යභාරය පැවරී තිබුණේ එන්ජින් හතරකින් යුත් මේ යක්ෂයාටය.

ඊට පෙර දශකය තුළ සෝවියට් රුසියාවේ න්‍යෂ්ටික පර්යේෂණවල දැවැන්ත ප්‍රගතියක් දක්නට ලැබුණි.  දෙවන ලෝක සංග්‍රාමයේදී එක්සත් ජනපදය හා සෝවියට් සංගමය එකම කඳවුරක සිටි නමුත් පශ්චාත් යුධ සමය තුළ දෙරටේ සබඳතා බිද වැටෙන ලදී. ලෝකයේ ඒවකට සිටි එකම න්‍යෂ්ටික සුපිරි බලවතාට එරෙහිව එදිරිවාදිකම් ඉදිරිපත් කිරීමට නම් සෝවියට් දේශයට කළ යුතුව තිබුණේ එක් විකල්පයක් පමණි. එනම් ඉක්මනින් ඔවුන්ව න්‍යෂ්ටික තාක්ෂණයෙන් පසුකර යාමයි.

1949 අගෝස්තු 29 වන දින සෝවියට්වරු ‘ජෝ -1’ ලෙස හැඳින්වූ ඔවුන්ගේ පළමු න්‍යෂ්ටික උපාංගය බටහිරින් පිහිටි කසකස්තානයෙදී අත්හදා බලන ලදී. මේ සදහා ඔවුන් යොදා ගනු ලැබුවේ එක්සත් ජනපදයේ පරමාණු බෝම්බ වැඩසටහනෙන් ඔවුන් ලබාගත් තොරතුරුය. ඉන් පසු වසරවල් වලදි ඔවුන් මෙම පරීක්ෂණ ඉතා වේගවත් කළ අතර 1958 දී පමණක් සෝවියට් දේශය න්‍යෂ්ටික බෝම්බ 36 ක් අත්හදා බැලීය. නමුත් සෝවියට් සංගමය විසින් අත්හදා බැලූ ඒ කිසිවක් 1961 අත්හදා බැලූ මේ යක්ෂයාට සම වන්නේ නැත.

ටූ -95 යානය යටින් දැවැන්ත බෝම්බයක් ගෙන ගිය අතර එය ගුවන් යානයේ අභ්‍යන්තර සාමාන්‍ය බෝම්බ රදවනය තුළ දැමීමට නොහැකි වූයේ එය විශාලත්වයෙන් වැඩි වූ නිසාය. මෙම බෝම්බය මීටර් 8 ක් දිග (අඩි 26), විෂ්කම්භය මීටර් 2.6 (අඩි 7) ක් වූ අතර බර ටොන් 27 කට වඩා වැඩිය. එය දශක එකහමාරකට පෙර ජපාන නගර වන හිරෝෂිමා සහ නාගසාකි විනාශ කළ ‘ලිට්ල් බෝයි’ සහ ‘ෆැට් මෑන්’ බෝම්බ වලට භෞතික වශයෙන් බෙහෙවින් සමාන විය. Project 27000, Product Code 202, RDS-220 and Kuzinka Mat(කුස්කාගේ මව) ආදී විශාල නම් කිහිපයකින් හැඳින්වූ මේ මහා බෝම්බය වර්තමානයේ අප සියල්ල හදුනන්නේ "සාර් බෝම්බය" (Tsar bomb) ලෙසය.

සාර් බෝම්බය තවත් එක් සාමාන්‍ය න්‍යෂ්ටික බෝම්බයක් නොවීය.  එය සෝවියට් තාක්‍ෂණයේ ශක්තියෙන් ලෝකය බියකිරීමට එහි අගමැති නිකිටා කෘෂ්චෙව්ට තිබූ අභිලාෂය හේතු කොට ගෙන, වඩාත් ප්‍රබල න්‍යෂ්ටික අවියක් නිර්මාණය කිරීමට සෝවියට් සංගමයේ විද්‍යාඥයින් දැරූ උමතු උත්සාහයේ ප්‍රතිඵලයකි. සැබැවින්ම එය මහා නගර දූවිලි කර දමන්නකි.

අදාළ ඉලක්ක ස්ථානය වූ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ උතුරු මායිමට ඉහළින්, බාර්න්ට්ස් මුහුදේ විරල ජනගහනයක් සහිත නෝවා සෙම්ලියා වෙත යානය පැමිණි අතර නියමුවා පරීක්ෂණ පරාසයක් වන මිතුෂිඛා බොක්ක වෙත යානය ගෙන ආවේ අඩි 34,000 (කි.මී. 10) ක උසකින්. කුඩා, නවීකරණය කරන ලද තවත් ටූ -16 යානයක් ඒ අසල පියාසර කරමින් සිටි අතර, පිපිරුම රූපගත කිරීමට සහ පිපිරුම් කලාපයේ පියාසර කරමින් වායු සාම්පල නිරීක්ෂණය කිරීම ඔවුන්ගේ අරමුණ විය.

මේ සමග පැන නැගුන අනෙක් ගැටළුව නම් ගුවන් යානා දෙකට දිවි ගලවා ගැනීමට අවස්ථක් ඇතිද යන්නයි. ගණනය කිරීමේදී හෙළි වූයේ ඔවුන්ට දිවි ගලවා ගැනීමට ඇති අවස්ථාව 50% වඩා අඩු බවය. සාර් බොම්බය ටොන් එකකට ආසන්න බරකින් යුත් යෝධ පැරෂුටයක් මගින් පොළවට පතිත කිරීමට තීරණය විය. බෝම්බය අඩි 13,000 (මීටර 3,940) දක්වා සෙමින් පහළට ගමන් කර පුපුරා යයි.  ඒ වන විට බෝම්බකරුවන් දෙදෙනා කිලෝමීටර 50 ක් (සැතපුම් 30 ක්) දුරින් සිටියි.  එම නිසා ඔවුන්ට දිවි ගලවා ගැනීමට වැඩි අවස්ථාවක් හිමි වේ.

සාර් බෝම්බය මොස්කව් වේලාවෙන් 11:32 ට පුපුරා ගියේය. සැණෙකින් බෝම්බය සැතපුම් පහක් පළල මහා ගිනි බෝලයක් නිර්මාණය කළේය. කිලෝමීටර් 1,000 (සැතපුම් 630) දුරකට මෙය දර්ශනය වූ බව කියැවේ. බෝම්බයේ දුම් වළාව කිලෝමීටර 64 (සැතපුම් 40) ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, උඩ කොටස පිටතට විහිදෙන අතර එය කිලෝමීටර 100 ක් (සැතපුම් 63) පමණ කෙළවරේ සිට අවසානය දක්වා විහිදේ.  එය බොහෝ දුර සිට බලන අයට බිය උපදවන දසුනක් විය. 

මෙහි ප්‍රතිඵල අති විනාශකාරී එකක් විය. බෝම්බය පිපිරුන ස්ථානයේ සිට කි.මී. 55 ක් (සැතපුම් 34 ක්) දුරින් වූ සෙවර්නි නම් ගම්මානයේ සියලු නිවාස සම්පූර්ණයෙන්ම මෙමගින් විනාශ විය. සෝවියට් දිස්ත්‍රික්කවල පිපිරුම් කලාපයේ සිට සැතපුම් සිය ගණනක් දුරින් වූ ප්‍රදේශ වල නිවාස කඩා වැටීම, වහලවල් කඩා වැටීම, දොරවල් වලට හානි වීම, ජනේල සුනුවිසුනු වීම වැනි දෑ රාශියක් වාර්තා විය.  පැයකට වැඩි කාලයක් ගුවන් විදුලි සන්නිවේදනය අවහිර වී තිබී ඇත.

සාර් බෝම්බය ඇදහිය නොහැකි තරම් ශක්තියක් මුදා හරින ලදී. එනම් මෙගා ටොන් 57 ක් හෝ ටීඑන්ටී ටොන් මිලියන 57 ක් පමණ යැයි දැන් පිළිගනී.  එය හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ දෙකෙහි එකතුවට වඩා 1,500 ගුණයකටත් වඩා වැඩි වන අතර දෙවන ලෝක සංග්‍රාමයේදී තිබූ සියලුම ආයුධ වලට වඩා 10 ගුණයක් බලවත් ය.  සංවේදක මගින් බෝම්බයේ පිපිරුම් රැල්ල පෘථිවිය වටා කක්ෂගත වූයේ එක් වරක්,  දෙවරක් නොව තුන් වතාවක් ය.

මෙම බෝම්බයේ බලපෑම විශාල ලෙස අඩු වූයේ බිමට පතිත වීමට ප්‍රථම අහසේදී පුපුරවා දැමීම හේතුවෙනි. එසේ නැති නම් මෙහි හානිය මීට වඩා වැඩි වනු ඇතැයි බොහෝ දෙනා පවසයි.

මෙම බෝම්බ ප්‍රහාරයත් සමග වොෂින්ටනය සහ ලන්ඩනය ඇතුළු අනෙක් ප්‍රබල රටවල්ද බිය වී ගිය අතර සියලු දෙනා මෙය හෙළා දකින ලදී. අවසානයේ සාර් බොම්බය නිසා සිදු වූ එකම වාසිදායක ප්‍රතිඵලය වූයේ එක්සත් ජනපදය, සෝවියට් සංගමය සහ මහා බ්‍රිතාන්‍යය විසින් 1963 අගෝස්තු 5 දින අත්සන් කරන ලද අර්ධ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුමයි.

විශ්මිත ඉතිහාසය
හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ දෙකෙහි එකතුවට වඩා 1,500 ගුණයකටත් වඩා ප්‍රබල රාක්ෂ පරමාණු බෝම්බය (The Monster Atomic Bomb) - Your Choice Way

හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ දෙකෙහි එකතුවට වඩා 1,500 ගුණයකටත් වඩා ප්‍රබල රාක්ෂ පරමාණු බෝම්බය (The Monster Atomic Bomb) - Your Choice Way

හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ දෙකෙහි එකතුවට වඩා 1,500 ගුණයකටත් වඩා ප්‍රබල රාක්ෂ පරමාණු බෝම්බය (The Monster Atomic Bomb) - Your Choice Way

හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ දෙකෙහි එකතුවට වඩා 1,500 ගුණයකටත් වඩා ප්‍රබල රාක්ෂ පරමාණු බෝම්බය (The Monster Atomic Bomb) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ දෙකෙහි එකතුවට වඩා 1,500 ගුණයකටත් වඩා ප්‍රබල රාක්ෂ පරමාණු බෝම්බය (The Monster Atomic Bomb) හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ දෙකෙහි එකතුවට වඩා 1,500 ගුණයකටත් වඩා ප්‍රබල රාක්ෂ පරමාණු බෝම්බය (The Monster Atomic Bomb) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 03, 2021 Rating: 5

0 comments:

Post a Comment