වයිට් සොස් පැස්ටා 🥘🥘🥘 (‍White Sauce Pasta)

වයිට් සොස් පැස්ටා 🥘🥘🥘 (‍White Sauce Pasta) - Your Choice Way
🥘🥘🥘

අද අපි පැස්ටා හදමු. මේ විදිහට පැස්ටා ඇත්තටම හරිම රසයි. බබාලට වුනත් දෙන්න පුළුවන් ප්‍රධාන වේලකට. ඔයාලා කැමති එළවළු එකතු කරගෙන හදාගන්න පුළුවන්. එහෙමනම් හදලා බලමු White Sauce pasta.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🥘 පැස්ටා 1 ½ cup
  • 🥘 බටර්/ තෙල්
  • 🥘 සුදුළූණු බික් 3-4
  • 🥘 රටළූණු ගෙඩියක්
  • 🥘 කරපිංචා ඉති 2ක්
  • 🥘 ගම්මිරිස්(රස අනුව)
  • 🥘 කෑලි මිරිස් (රස අනුව)
  • 🥘 ලුණු (රස අනුව)
  • 🥘 හතු 1 cup
  • 🥘 ඉරිගු ඇට 2 tbsp
  • 🥘 තක්කාලි ¼ cup
White Sauce හදන්න අවශ්‍ය ද්‍රව්‍ය :
  • 🥘 බටර් 1 ½ tbsp
  • 🥘 තෙල් ½ tsp
  • 🥘 පාන්පිටි 1 ½ tbsp
  • 🥘 නැවුම් කිරි 1 ½ cup
  • 🥘 චීස් ½ cup
  • 🥘 ගම්මිරිස් ස්වල්පයක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. Pan එකක් ලිප තබා බටර් හා තෙල් දමා රත් වු විට පිටි එකතු කර මිනිත්තුවක් 2ක් කලවම් කරමින් උයාගන්න.
  2. ඉන්පසු කිරි ටික ටික එකතු කරමින් නොනවත්වා කැටි නොගැසෙන ලෙස කලවම් කරන්න.
  3. අන්තිමට චීස් එකතු කර උකු වන තෙක් හොදින් කලවම් කරන්න.
  4. දැන් එයට මුලින් තෙම්පරාදු කරගත් හතු මීශ්‍රනය එකතු කරගන්න.
  5. දැන් තම්බා ගත් පැස්ටා එම මීශ්‍රනයට දමා හොදින් කලවම් කර ලිප නිවා උණු උණුවෙන්ම පිළිගන්වන්න.
White Sauce සාදා ගන්නා ආකාරය :
  1. මුලින්ම පැස්ටා ටික වතුර, ලුණු, තෙල් ස්වල්පයක් දමා තම්බගන්න.(ඔයාගේ පැකට් එකේ ඇති උපදෙස් අනුව තම්බගන්න.)
  2. ඉන්පසු වතුර පෙරා ඉවත් කර පැස්ටා ටික පසෙකින් තබාගන්න. 
  3. Pan එකක් ලිප තබා බටර් එකතු කර රත් වු විට සුදුළූණු, රටළූණු, කරපිංචා දමා රන්වන් පාට වන තෙක් කලවම් කරන්න. 
  4. එයටම හතු, ඉරිගු, තක්කාලි එකතු කර කලවම් කර ටික වේලාවක් උයාගන්න. ගම්මිරිස්, කෑලි මිරිස්, ලුණු රස අනුව දමා ලිප නිවාදමන්න.
මේ White Sauce Pasta හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්. සියලු දෙනාට සුභ දවසක්...රස පදමට
වයිට් සොස් පැස්ටා 🥘🥘🥘 (‍White Sauce Pasta) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වයිට් සොස් පැස්ටා 🥘🥘🥘 (‍White Sauce Pasta) වයිට් සොස් පැස්ටා 🥘🥘🥘 (‍White Sauce Pasta) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 30, 2021 Rating: 5

0 comments:

Post a Comment