අන්ධකාරයේ සෙලවුණු සරලාගේ ඡායාව (Sarala)

අන්ධකාරයේ සෙලවුණු සරලාගේ ඡායාව (Sarala) - Your Choice Way
සරලාගේ මෘත ශරීරය හමුවද්දී එය ඉදිමී ඔද්දල් වී තිබුනි.ඒ වන විට ඇය මිය ගොස් සතියකට ආසන්න කාලයක් ගතව පැවතුණි.අවුරුදු පනහක් වන ඇයගේ සැමියා ජනප්‍රිය ව්‍යාපාරිකයෙකි.සති කිහිපයක් විදේශ ගතව ඔහු පැමිණියේ පෙරදා ය.ඒ එන විට ඔහුගේ දයාබර බිරිඳ මියගොස් සිටියාය.ඇගේ මරණය සිදුවූයේ කෙසේද යන්න පොලිසිය පවා ගැටලුවලට ලක් කරවන්නක් විය.

සැමියා විදේශ ගත වූ විට සරලාගේ තනියට සිටියේ තරුණ කාන්තාවකි.ඇය සරලාගේ දුරස්ථ නෑයෙක්ද වූවාය.සරලාගේ මරණය මෙන්ම තරුණ කාන්තාවද අතුරුදහන් ව සිටියාය.ඈ සිටි තැනක් සොයාගන්න පොලිසිය ට පවා අපහසු කරුණක් විය.

සරලාගේ මරණය ඝාතනයක් බව මරණය පරික්ෂණයෙන් තහවුරු විය.ගෙල මිරිකා හුස්ම තද කිරීමෙන් ඝාතනය කර තිබිණි.ඇය මරණය ට පෙර මිනිමරුවා සමග පොරබදා ඇත. ඇය මිය ගිය තැන යුධ පිටියක ස්වරූපය ගත්තේ ය.

සරලා ඝාතනය කිරීම මා තරුණියන්ගේ අතුරුදහන් වීම එකිනෙකට සම්බන්ධය කරුණු ලෙස පොලිසිය ප්‍රකාශ කලේ ය.එහෙයින් සරලා මරා දමා තරුණිය පැන ගියා ද නැත්නම් සරලා සේම ඇයද අනතුරකට පත්වීද යන්න ගැටලුවක් විය.

සරලාගේ මරණ කටයුතු අවසානයේ ඇයගේ නිවසට පොලිස් ආරක්ෂාව සපයනු ලැබූයේ සාක්ෂි ආරක්ෂා කරගනු පිණිසය.

මේ සිදුවීම සරලාගේ අවසන් කටයුතු සිදුකර තුන්වන දිනයේ වූවකි.එදින රාජකාරිය බාරව සිටියේ තරුණ පොලිස් නිලධාරී දෙදෙනෙකි.වෙලාව රාත්‍රී එකොළහ පසුව තිබුනි.කාන්සිය මකා ගනු පිණිස එක් නිලධාරීයෙක් නිවසේ ඉදිරිපස බරාදයට පැමිණියේ.ඔහු දුටුවේ සුදුපැහැති සෙලවෙන සුළු ඡායාවකි.එය ඔහුට මීටර් පනහකට පමණ එපිටින් ඔහු දෙස බලා සිටින අයුරින් සිටියේ ය.නිලධාරීයා ඒ ඡායාව පිටුපස ඇවිද ගියේය.පැහැදිලි ව දිස් වුන එය වත්ත පිටුපස අැති වීශාල බට පදුර පසුපස වසන් විය.එහි අත්පා ප්‍රාණය නිරුද්ධ ලෙස වැනෙමින් තිබුණේ ය.ගැහැනියක ඇදි සුදුපැහැති නිදන ඇදුමක් ලෙස එය පෙනනි.එහෙයින් අනෙක් නිලධාරීයාද කැදවු කොස්තාපල්වරයා ඒ ඡායාව දිස්වුන ස්ථානය වෙත ගියේය.එහෙත් කිසිවෙක් දක්නට නොලැබුනි.

මේ සිදුවීමෙන් දින දෙකකට පසු නවත සුදුපැහැති ඡායාව වත්ත පහල දිස්විය.එදිනද එය බට පදුරු අතර අතුරුදහන් විය.එහෙයින් බටපදුර අවට පරීක්ෂා කිරීම සිදුකරන ලදි.

බට පදුරේ වියලි කොල තට්ටුව යට පස් බුරුල් ව පැවතුණි එය හාරා බැලු කල මිය ගිය තරුණියගේ දිරාපත් සිරුර හමුවිය.සරලා මෙන්ම තරුණ යද මරා දමා තිබුනි.තරුණියට සිදු කල කාම අපරාධය වලකන්න ගිය සරලාවද මරා දමා තිබුනි.

රෑ අන්ධකාරයෙ සෙලවුණු ඡායාව එක්කෝ සරලාගේ විය හැකිය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අන්ධකාරයේ සෙලවුණු සරලාගේ ඡායාව (Sarala) අන්ධකාරයේ සෙලවුණු සරලාගේ ඡායාව (Sarala) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 02, 2021 Rating: 5

0 comments:

Post a Comment