කිරි ටොපි හදන හැටි (Milk Toffee [Kiri Topi Hadana Hati)

කිරි ටොපි හදන හැටි (Milk Toffee [Kiri Topi Hadana Hati) (18-25) - Your Choice Way
අද අපි  කිරි ටොපි හදන විදිහ දැනගනිමු. පහත දක්වා ඇති රෙසිපියෙන් සාදා ගත හැකි ප්‍රමාණය  18-25

✅ අවශ්‍ය දේවල් :

  • ♦️මිල්ක් මෙයිඩ් ග්‍රෑම් 510
  • ♦️සිනි ග්‍රෑම් 500
  • ♦️බැදගත් කජු  ග්‍රෑම් 80 ක් ( තිබේනම්)
  • ♦️බැදගෙන කොටාගත් එනසාල් ඇට 10ක්
  • ♦️වැනිලා තේ හැදි 1 ක්  (තිබේනම්)
  • ♦️බටර් ග්‍රෑම් 15 ක්
  • ♦️වතුර මිල්ක් මේඩ් ටින් 1/3 ක්

✅ සාදන විදිහ :

  1. 👨‍🍳සාමාන්‍ය ගින්දරේ බදුනක් ලිපේ තබා එයට ♦️මිල්ක් මෙයිඩ්,♦️සිනි,♦️වතුර එකතු කරගෙන නොකඩවා ලී මිටකින් කවලම් කරගන්න.
  2. 👨‍🍳සාමානයෙන් මේක පදම ගානට එන්න විනාඩි 17-25 අතර කාලයක් ගත වෙන්න පුළුවන්..හැබයි ඔබ ලබා දෙන ගින්දර සැර අනුව මේ වේලාව අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන්.
  3. 👨‍🍳ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා... එහෙම වුනොත් පිච්චෙන්න පුළුවන්..ඒ වගේම  ටොපි ඒක සෙට් වෙන් නැති වෙන්න පුළුවන්.
  4. 👨‍🍳දැන් විනාඩි 17 කින් වගේ  ලිප ඔෆ් කරලා, ♦️එනසාල්,♦️කජු,♦️බටර්,♦️වැනිලා  පිළිවෙලට ඒක ගානේ එකතු කර හොදට මිශ්‍ර කරගන්න.
  5. 👨‍🍳දැන් ඒ දේවල් හොදට මිශ්‍ර වුණු පසු ආයෙම ලිප ලාවට ඕන් කර මිශ්‍රණය කවලම් කරමින් මද වෙලාවක්  රත් කරගන්න.
  6. 👨‍🍳මිල්ක් ටොපි එකේ පදම හොයාගන්නේ ලී මිටකින් උඩට ගත් විට කැඩී කැඩී වැටෙනවා නම් පදම හරි.
  7. 👨‍🍳දැන් කිරි ටොපි මිශ්‍රණය හරි පදම ආවාම ට්‍රේ එකට දාගෙන...ඉක්මනට තුනී කරගෙන  උඩින් හොදට සමතලා කර කැට කපාගන්න... ඉන්පසු මෙය නිවෙන්න තියන්න.
  8. 👨‍🍳නිවුණු පසු කිරි ටොපි ටික වෙන්  කරගන්න. ❤️                                                                            
  9. 👨‍🍳කිරි ටොපි මිශ්‍රණය දාන ට්‍රේ එකේ සහ සමතලා කරන පිහියේ හෝ spachula එකේ මුලින්ම බටර් ටිකක් ගාගෙන ඉන්න❤️❤️
Chef Sapumal Wijesinghe With Cooking Fever
කිරි ටොපි හදන හැටි (Milk Toffee [Kiri Topi Hadana Hati) (18-25) - Your Choice Way

කිරි ටොපි හදන හැටි (Milk Toffee [Kiri Topi Hadana Hati) (18-25) - Your Choice Way

කිරි ටොපි හදන හැටි (Milk Toffee [Kiri Topi Hadana Hati) (18-25) - Your Choice Way

කිරි ටොපි හදන හැටි (Milk Toffee [Kiri Topi Hadana Hati) (18-25) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කිරි ටොපි හදන හැටි (Milk Toffee [Kiri Topi Hadana Hati) කිරි ටොපි හදන හැටි (Milk Toffee [Kiri Topi Hadana Hati) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 14, 2021 Rating: 5

0 comments:

Post a Comment