Mal Pita Mal Song Lyrics - මල් පිට මල් ගීතයේ පද පෙළ

Mal Pita Mal Song Lyrics - මල් පිට මල් ගීතයේ පද පෙළ
Song Title : Mal Pita Mal (මල් පිට මල්)
ගායනය : අමල් පෙරේරා
සංගීතය : කසුන් කල්හාර
ගී පද : චාමින්ද රත්නසූරිය


මල් පිට මල් හැලෙන දිගු මාවතේ
පිය මත පිය තබමින් හිනැහෙන නුබේ
ඉගි නළුවට වශි වී
අත්තල නගයි තුරුපත් පවා
අත්තල නගයි තුරුපත් පවා //

දිය පිට දියරැලි නගන ගං දියේ
සැඩ රළ මතින් ඔරුවක නැගි
එතෙරට යනු දැක ඔබයි මමයි
සැඩ නල පවා හමන හැටි පුදුමයි
සැඩ නල පවා හමන හැටි පුදුමයි

මල් පිට මල් හැලෙන දිගු මාවතේ
පිය මත පිය තබමින් හිනැහෙන නුබේ
ඉගි නළුවට වශි වී
අත්තල නගයි තුරුපත් පවා
අත්තල නගයි තුරුපත් පවා //

වැහි පිට වැහි හැලෙන රාත්‍රියේ
උණුහුම් වෙමින් තුරුලත වෙලී
මුදු රස විදින සඳ ඔබයි මමයි
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි

මල් පිට මල් හැලෙන දිගු මාවතේ
පිය මත පිය තබමින් හිනැහෙන නුබේ
ඉගි නළුවට වශි වී
අත්තල නගයි තුරුපත් පවා
අත්තල නගයි තුරුපත් පවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Pita Mal Song Lyrics - මල් පිට මල් ගීතයේ පද පෙළ Mal Pita Mal Song Lyrics - මල් පිට මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 19, 2021 Rating: 5

0 comments:

Post a Comment