Mage Maatha Song Lyrics - මගේ මාතා ගීතයේ පද පෙළ

Mage Maatha Song Lyrics - මගේ මාතා ගීතයේ පද පෙළ
Song Title : Mage Maatha (මගේ මාතා)
Artist : Damith Asanka
Music & Melody : Ashan Fernando 
Lyrics : Ranga Liyanage 
Directed By : Anil Rjapaksha
Video Production : Kadaya Films 


කම්පා නැති යශෝදරා
නින්දා වැසි ලොව වස්සා
නොසැලී සිත නොව කම්පා
සෙනෙහස දරුවට දුන්නා
කැප කර ඈ සසර පුරා
ආත්මයක එතෙර වෙනා
මම එනවා පුතෙක් වෙලා
අම්මාගෙ කිරි සුවද උරා…

අම්මා..අම්මා..අම්මා..අම්මා….
ආසයි මා සුලගිල්ලේ එල්ලී රාහුල වෙන්න
හමු වනදා සංසාරේ බෝසත් කුලයක ඉන්න

මගෙ මාතා යශෝදරා
පිය පදවිය උරුම වෙලා
මතු භවයේ නුබ පිරුදා
පාරමි බල කල්ප පුරා
විවරන නෑ යශෝදරා
බුදු පදවිය මෑනී වෙලා
යශෝදරා වු අම්මා
භවයක සිදුහත් වේවා…

අම්මා..අම්මා..අම්මා…අම්මා…
ආසයි මා සුලගිල්ලේ එල්ලී රාහුල වෙන්න
හමු වනදා සංසාරේ බෝසත් කුලයක ඉන්න

ලෝදිය උතුරන පොලවේ
දරාන උනුසුම ඇතුලේ
පොලවක් වී දරු රැක්කේ
ගිල්වා සෙනෙහස සයුරේ….
සිදුහත් වන තුරු භවයේ
නිවනක් නෑ හමු වන්නේ
හමු වනදා ඈ සසරේ
බෝසත් කුලයක ඉන්නේ…..

අම්මා..අම්මා..අම්මා…අම්මා…
ආසයි මා සුලගිල්ලේ එල්ලී රාහුල වෙන්න
අම්මා සිදුහත් වී ඉන්න
අම්මා…..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Maatha Song Lyrics - මගේ මාතා ගීතයේ පද පෙළ Mage Maatha Song Lyrics - මගේ මාතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 17, 2021 Rating: 5

0 comments:

Post a Comment