Kowula kohedo Song Lyrics - කොවුලා කොහෙදෝ ගීතයේ පද පෙළ

Kowula kohedo Song Lyrics - කොවුලා කොහෙදෝ ගීතයේ පද පෙළ
Song Title : Kowula kohedo (කොවුලා කොහෙදෝ)
ගායනය : ග්‍රේෂන් ආනන්ද
සංගීතය : මාරියෝ ආනන්ද
ගී පද : ආනන්ද පද්මසිරි
මේ ගීතය ග්‍රේෂන් ගායනා කර ඇත්තේ ක්ලැරන්ස් විජේවර්ධනයන් වෙනුවෙනුයි.


කොවුලා කොහෙදෝ ගොලු වී ගියාදෝ
සරදම් ලබා දෛවයේ
මිතුරා කොහේදෝ වෙන් වී ගියාදෝ
ඉරණම් ලෙසේ ජීවිතේ //
ඉරණම් ලෙසේ ජීවිතේ

සුර දූතයන් හෝ සුර දූතියන් හෝ
අපටත් වඩා මිතුරු වීදෝ
මෙලෙසින් අකා‍ලේ මෙලොවින් මිදීලා
සිතුවේ සොයා යන්න සුර ලෝ
සිතුවේ සොයා යන්න සුර ලෝ

කොවුලා කොහෙදෝ ගොලු වී ගියාදෝ
සරදම් ලබා දෛවයේ
මිතුරා කොහේදෝ වෙන් වී ගියාදෝ
ඉරණම් ලෙසේ ජීවිතේ //
ඉරණම් ලෙසේ ජීවිතේ

ප්‍රිය සාද යාමේ සුමිතුරු සමාගම්
නිමවා ගියත් මෙලෙස වෙන් වී
දුර ඈත අහසේ තරුවක් විලාසෙන්
මතු වී බලා අපගෙ ලෝකේ
සෝ ගීතිකාවෝ මගේ
අසනු මැනේ මාගෙ මිතුරේ

සෝ ගීතිකාවෝ මගේ
අසනු මැනේ මාගෙ මිතුරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kowula kohedo Song Lyrics - කොවුලා කොහෙදෝ ගීතයේ පද පෙළ Kowula kohedo Song Lyrics - කොවුලා කොහෙදෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2021 Rating: 5

0 comments:

Post a Comment