රුව වඩවන කෝමාරිකා (Komarika)

රුව වඩවන කෝමාරිකා (Komarika) - Your Choice Way
කෝමාරිකා ශාකය සතුව පවතින මේ ගුණ ගැන ඔබ දැනුවත්ද .........

🌿 රුව වඩවන ඖෂධීය ශාක අතුරින් මුල් තැනක් ගන්නා කෝමාරිකා විටමින් A, C, E, B1, B2, B12, ෆෝලික් ඇසිඩ්, යකඩ, පොටෑසියම්, මැග්නීසියම්, සෝඩියම් ආදී පෝෂ්‍ය පදාර්ථ රාශියකින් සමන්විත වේ.

🌿 කෑම අරුචිය, අර්ශස්, බඩ පුරවා දැමීම, මළ බද්දය ආදී ආමාශ ගත රෝග සඳහාද රුධිර ගත කොලෙස්ටරෝල් පාලනයට, අක්මාව ඉදිමීම හා ප්ලිහාව ඉදිමීම පාලනය කරනවා වගේම සම ආශිත රෝග, හිසකෙස් ආශිත රෝග සඳහාද කෝමාරිකා යොදා ගනී.  ඒ වගේම කෝමාරිකා යුෂ හදවත් සෞඛ්‍යය ආරක්ෂා කිරිමෙහිලාද කටයුතු කරයි. 

🌿 කෝමාරිකා ශාකයේ අඩංගු ඖෂධීය ගුණයන් නිසා එය වයස්ගත වීම ප්‍රමාද කරවයි. එහි ඇති වෛරස් ප්‍රතිරෝධී ගුණය සම මත ක්‍රියාකර සම නැවුම්ව, රැලි රහිතව, ලිහිල්ව මෙන්ම දීප්තිමත්ව පවත්වා ගැනීමට උදව් වේ. 

🌿 ඔබ කෝමාරිකා බාහිර වශයෙන් භාවිතා කළහොත්, තුවාල වැස්ම සඳහා එය හොඳම විකල්පය ලෙස හදුන්වාදිය හැක. ලේ ගලන තුවාලයක් මත කෝමාරිකා යුෂ ආලේප කිරීමෙන් එය වැස්මක් සේ ක්‍රියාකර ලේ ගැලීම ක්ෂණිකව නැවතීමට කටයුතු කරයි. 

✅ රන්වන් පැහැති සමකට : 
🌿 කෝමාරිකා යුෂ එලකිරි සමඟ මිශ්‍ර කර ශරීරයේ ආලේප කර පැයකට පසු ස්නානය කරන්න. 

✅ කැළල් සඳහා : 
🌿 කෝමාරිකා යුෂ ආසාදිත ස්ථානයේ අලේප කර විනාඩි 30 කට පසු සෝදා හරින්න. 

✅ හිසකෙස් වල කලු පැහැය ආරක්ෂා කර ගැනීමට :
🌿 කෝමාරිකා මදය හිසකෙස් වල ආලේප කර විනාඩි 10 කට පසු ස්නානය කරන්න. 

✅ කෙස් මෘදු කිරීමට 
🌿 කෝමාරිකා යුෂ මේස හැදි 3ක්, යෝගට් මේස හැදි 2ක්, ඔල්ව් තෙල් මේස හැදි 3 ක් එකට කලවම් කර කෙස් වල ආලේප කර විනාඩි 15 කට පසු ස්නානය කරන්න. 

✅ දන්ත හා විදුරුමස් රෝග සඳහා :
🌿 දත් බුරුසුව මත කෝමාරිකා යුෂ තවරා එයින් දත් මදින්න. 

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රුව වඩවන කෝමාරිකා (Komarika) රුව වඩවන කෝමාරිකා (Komarika) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 26, 2021 Rating: 5

0 comments:

Post a Comment